බොලිවුඩයේ Fashion Queen විදිහට හැමෝම හඳුන්වන සෝනම් කපූර් සහ ඇගේ සැමියා වන ආනන්ද් අහුජාගේ කැදැල්ලට අලුත් අමුත්තෙක් පැමිණි පුවත මේ වන විට මුළු බොලිවුඩයම උණුසුම් කර තිබෙනවා.
සෝනම් සිය දෙවැනි දරුවා ලෙසත් පුතෙකු මෙලොවට බිහි කළ බව ඉතාමත් ආදරණීය සහ ආධ්‍යාත්මික පණිවිඩයක් සමඟින් රසිකයන්ට දැනුම් දී තිබෙනවා.
සෝනම් සිය සමාජ මාධ්‍ය සටහන ආරම්භ කර තිබුණේ තමන්ගේ ජීවිතය නැවත වරක් වෙනස් කළ "දිව්‍යමය බලවේගය" ගැන කෘතඥතාව පළ කරමින්. ඇය පවසන්නේ මෙම පුංචි පුතුගේ පැමිණීම තමන්ගේ ජීවිතයට ලැබුණු මහා ආශිර්වාදයක් බවයි.
සෝනම්ගේ සටහනේ වඩාත් කැපී පෙනෙන කොටස වූයේ තම දෙවැනි පුතුගේ උපතේ ඇති ආගමික සහ ආධ්‍යාත්මික වටිනාකමයි..
"විෂ්ණු දෙවිඳුන්ගේ කරුණාව යටතේ, පූජනීය වූ ඒකාදශී දිනයක උපත ලැබූ අපගේ දෙවන පුත්‍රයා අපට දැනෙන්නේ දේව නිමිත්තක් ලෙසයි. එය කර්මයන්ගේ පෙළගැසීමක් වැනියි..."