දසුනි පසුගියදා තරු පිරි රැයක් සමග විදේශගත වුණා. ඒ ගැන කතා කළොත්?
වෙනස්ම අත්දැකීමක් වුණා ඒ ගමන. ක්ෂේත්‍රයේ ජනප්‍රිය කලාකරුවන් කිහිපදෙනකු සහභාගි වුණා තරු පිරි රැයක් ප්‍රසංගය සඳහා. ඔස්ටේ්‍රලියාවේ මෙල්බන් නුවර තමයි ප්‍රසංගය පැවැත්වුණේ. හොඳ ප්‍රතිචාර තිබුණා එයට.
දසුනිගේ කලා දිවියට වටිනාම අවස්ථාවක් ලැබුණු බව ආරංචියි?
ඔව් ඒ ‘කැලෑ හඳ’ චිත්‍රපටය.
ඉතින් කියමුකෝ බලන්න ඒ ගැනත්?
ඇත්තටම මගේ රංගන දිවියට ලැබුණු වටිනාම අවස්ථාවක් එය. හිරු මෙගා ස්ටාර් තරගයේ මගේ රඟපෑම දැකලා තමයි මාව ‘කැලෑ හඳ’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට තෝරාගෙන තියෙන්නේ. සුනිල් ආරියරත්න සර්ට මම විශේෂ ස්තුතිය පුදකරනවා මේ වටිනා අවස්ථාවට මාව තෝරාගත්ත එකට.
රුක්මණී දේවිය වැනි ප්‍රවීණ රංගන ශිල්පිනියක් අතින් අමරණීය වුණු චරිතයක් යළිත් නිරූපණය කිරීම විශාල වගකීමක්. ඒ නිසා බයකුත් දැනෙන්න ඇති?
ඔව්, රුක්මණී දේවි තමයි මේ චරිතය මීට පෙර රඟපාලා තියෙන්නේ. ඒ චිත්‍රපටය බලාගන්න, අත්දැකීමක් ලබාගන්න විදියක් නැහැ. ගොඩක් අමාරුවෙන් තමයි මම මේ චරිතය රඟපෑවේ වටිනා චරිතයක් නිසා. හැබැයි සුනිල් සර් මට කිව්වේ හිතුවටත් වඩා හොඳට මම ඒ චරිතයට සාධාරණයක් කළා කියලා. ඒ ගැන මට ගොඩක් සතුටුයි. හැබැයි අපි කවුරුත් ඒ චිත්‍රපටය තවම බැලුවේ නැහැ. ආශාවෙන් ඉන්නවා කැලෑ හඳ චිත්‍රපටය නරඹන්න.
අපට දැනගන්න ලැබුණු විදියට ඔබ කැලෑ හඳ චිත්‍රපටයේ චරිත තුනක් රඟපාලා තියෙනවා?
ඔව්. ඒක තමයි මට තිබුණු ලොකුම අභියෝගය. චරිත තුනකට මගේ චරිතය ගලාගෙන යනවා. වැඩි විස්තර අපි චිත්‍රපටය තිරගත වෙනකොට කතා කරමු.
දසුනිගේ දැන් තිබෙන වටිනාකමත් සමග ඉදිරියේදී ටෙලිනාට්‍ය සඳහා දායකත්වය අඩු වෙයිද?
එහෙම වෙනසක් නැහැ. වෙනදා වගේම සුපුරුදු පරිදි නිර්මාණ වෙනුවෙන් මගේ උපරිම දායකත්වය වගේම මගේ යුතුකම කලාව වෙනුවෙන් ලබාදෙනවා.
ඔබට විදේශීය නිර්මාණ සඳහා දායක වෙන්න අවස්ථාව ලැබුණත් ඔබ එය ප්‍රතික්ෂේප කළා?
එය එහෙම වීමට විශේෂ හේතුව ඒ නිර්මාණවලට සම්බන්ධ වෙන්න ආරාධනා ලැබුණු කාලවකවානුවේ ඒ චරිත සඳහා මම ගැළපෙන්නේ නැහැ කියලා මම හිතුවා. මොකද මට ලොකු වයසක් තිබුණේ නැති නිසා.
වසන්ත විතාරණගේ