අභිලාෂි මගේ හොඳ යාළුවෙක් -හිමේන් ජයසේකර

gossiplanka image 1
 

සිකුරා තරුණ ජීවිතයකට ළං වෙනකොට සමහරුන්ට හොඳ වෙන්නත් පුළුවන්. තවත් සමහරුන්ගේ ජීවිත වෙනස් වෙන්නත් පුළුවන්. ඉතිං මේ දිනවල සිකුරා ලබල තියෙන්නේ ඔබ ආදරය කරන ඒ සිහින කුමාර හිමේන් ජයසේකරට. මේ දිනවල ‘සිහිනෙක තනිවෙලා’ ටෙලිනාට්‍යයේ ‘ආදි’ ලෙසත් ඔහු ඔබට සමීප වෙනවා. හිමේන්ගේ ජීවිතයට සිකුරු ලබලා. මේ ලබපු සිකුරා ගැන වගේම හිමේන්ගේ මේ ආදරණීය රංගන චාරිකාව ගැන අපි මේ විදියට හිමේන් සමග කතාබහ කළා. 


හිමේන් පාසල් කාලයේම නළුවෙක් වෙන්න සිහින දැකපු කෙනෙක්ද?

මම පාසල් ගියේ ලයිසියම් ජාත්‍යන්තර පාසලට. මම පාසල් කාලයේ ක්‍රීඩාවට තමයි වැඩි කැමැත්තක් දැක්වූවේ. මට හොඳට පීනන්න පුළුවන්. මට ලොකු හීනයක් තිබුණා නළුවෙක් සහ ගායකයෙක් වගේම නිරූපණ ශිල්පියෙක් වෙන්න. මම මුලින්ම ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නේ නිරූපණ ශිල්පියෙක් විදියට.

ඔබ මුලින්ම රංගනයට පිවිසෙන්නේ කොහොමද?

මම මුලින්ම ස්වාධීන රූපවාහිනියේ ‘යූත් කෝනර්’ වැඩසටහනට සම්බන්ධ වුණා. ඒ වැඩසටහනේදී මට මේ ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂ දිල්ෂාන් අමරසිංහ හමුවුණා. ඔහුගේ පළමු ටෙලිනාට්‍යය ‘ළංවී’. මට ඒ ටෙලිනාට්‍යයේ ‘ලවන්’ගේ චරිතය නිරූපණය කරන්න අවස්ථාවක් ලැබුණා. ඒ තමයි මගේ පළමු රංගනය.

හිමේන්ගේ ජීවිතයට සිකුරා ලැබුවා එහෙනම්?

නිල්මිණී ආන්ටිගේ මගපෙන්වීම යටතේ තිළිණ බොරලැස්ස අධ්‍යක්ෂණය කරපු ‘සිකුරු ඇවිත්’ ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතය වන ‘සදෙව්’ ලෙස මාව තෝරාගත්තා. මට සදෙව් චරිතය ගොඩක් සමීපයි. ඒ හරහා පෙම්වතාගේ චරිතයත් රඟපාන්න අවස්ථාව ලැබුණා.

සමාජයේදී ඔබට හමුවෙන අයත් එක්ක ඔබ ගනුදෙනු කරන්නේ නළුවෙක් විදියටද?

මාව හඳුනන අය හමුවෙනවා. හඳුනන්නේ නැති අයත් හමුවෙනවා. මම සාමාන්‍ය මිනිහෙක් විදියට තමයි කතාබහ කරන්නේ. මගේ නළුකම කැමරාව ඉදිරියේදී විතරයි.

සිකුරාගෙන් පටන් ගත්ත ඔබ අද සිහිනෙක තනිවෙලා. ඒ ගැන මොකද හිතන්නේ?

තිබුණු සිහින අතර සිහින ඉටුවෙනවා. සිහිනෙක තනිවෙලා නාට්‍යයේ ආදි ගැන මේ දවස්වල හැමෝම කතාබහ කරනවා. ඒ ලැබෙන ප්‍රතිචාර ගැන ගොඩක් සතුටුයි.


ආදි සහ නිකීගේ ආදරය සැබෑ ආදරයක් වෙයි කියලා ප්‍රේක්ෂකයන් හිතනවා?

නිකී චරිතය රඟපාන අභිලාෂි දක්ෂ රංගන ශිලිපිනියක්. ඒ වගේම මගේ හොඳ යෙහෙළියක්. ආදි චරිතය ප්‍රේක්ෂකයන් අතරට ගෙන යෑමට අභිලාෂි ලොකු සහායක් දැක්වූවා. අපි අතර එහෙම සම්බන්ධයක් නැහැ.

ඒ කියන්නේ ඔබ තවම ආදරවන්තයෙක් නෙවෙයි?

පුංචි තිරයේ චරිත හරහා ආදරවන්තයෙක් වුණාට සාමාන්‍ය ජීවිතයේදී මම තනිකඩයෙක්. මම ඒ දේවල් ගැන හිතලා නැහැ තවම.

දැන් හිමේන් රංගන ශිල්පියෙක් වගේම ගායකයෙකුත් වෙලා නේද?

මට තිබුණු හීනය තමයි රංගන ශිල්පියෙක් වගේම ගායන ශිල්පියෙක් ලෙසත් ඉදිරියට යන එක. මේ වනවිට මම ප්‍රසංග වේදිකාවෙත් සින්දු කියනවා. මගේ පළමු ගීතය තමයි ‘ඔබ දුටු දා’ කියන ගීතය. ඒ වගේම තව ගීත කීපයක් මම ගායනා කළා.

පුංචි තිරයේ සිහින කුමරා වගේම සිනමාවේ සිහින කුමරා වෙන දවස වැඩි ඈතක නැතුව ඇති?

මේ වනවිට චිත්‍රපට කිහිපයකින් ආරාධනා ලැබුණා. මම හිතනවා ඒ සිනමා නිර්මාණ ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැලඳ ගනීවි කියලා.


වසන්ත විතාරණගේ

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post