සමහර දවස්වලට උදේ පාන්දර 4.00 ට පටන් ගත්තම රෑ එකොළහ දොළහ වෙනකම් පාන්දර වෙනකම් රූගත කිරීම් එකදිගටම තියෙනවා.ඒ විඩාව මහන්සිය මනසට දැනෙන පීඩනය නැති කරගන්න සම්මානයකින් ලැබෙන ශක්තිය හරි පුදුමයි......
සම්මාන ගැන අහද්දී මිෂෙල් කීවෙ එහෙම දෙයක්.....
මිෂෙල් ගැන කියන්න අලුත්ම ආරංචියක් තියෙනවා......
මේ දවස්වල එයාගෙ දෙවැනි පොත ලියන මිෂෙල් ට ඉන්දියානු සහ දමිළ සිනමාවෙන් ආරාධනා දෙකක් ලැබිලා.මේ වෙද්දි ඒ එක චිත්‍රපටයක වැඩ පටන් අරගෙන.දෙවැනි චිත්‍රපටයෙත් ගිවිසුම් අත්සන් කරලා.සතියකින් දෙකකින් වගේ ඒ චිත්‍රපටයෙත් වැඩ පටන් ගන්න තමා ලෑස්ති වෙන්නෙ....