ඇත්තටම ආර්‍යන් ආදරය කළේ කැමරාවේ විස්මයට. ඇමරිකාවේ දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයෙන් සිනමා ශිල්පය ඉගෙන ගෙන ෂාරුක්ගෙ පුතා ඉන්දියාවට ආවෙ වෙනම හීන කන්දරාවක් එක්ක.
ෂාරුක් ඛාන් එයාගෙ පුතා ගැන මෙහෙම කියනවා.
"ඔහු හිතන්නේ ඔහු රංගනයට ආවොත් හැමෝම ඔහුව මාත් එක්ක සංසන්දනය කරයි කියලා.ඔහුට අවශ්‍ය තමන්ගේම අනන්‍යතාවයක් හදාගන්නයි"
ආර්යන් ඇත්තටම තම ප්‍රථම සිනමා අවතීර්ණය සළකුණු කරන්නේ දක්ෂ අධ්‍යක්ෂවරයෙකු සහ තිර රචකයෙකු ලෙසින්
ෂාරුක් ගෙ Red Chillies Entertainment ඔස්සේ කථාංග 6කින් සමන්විත Stardom නැමැති වෙබ් කතා මාලාව ඔහු දැනටමත් අධ්‍යක්ෂණය කර අවසන්. එහි තේමාව වී ඇත්තේ බොලිවුඩ් සිනමා ක්ෂේත්‍රයේ ඇතුළාන්තයත් එහි ඇති අභියෝගත්.