චරිතය අභියෝගාත්මක නම් ගොඩක් කැමතියි -ෂෙහාන් ලොකුකැටිය

gossiplanka image 1
 

ජාතික රූපවාහිනියේ විකාශය වන ‘බැද්ද අද්දර’ ටෙලිනාට්‍යයේ රාජාගේ චරිතය මේ දිනවල බොහෝ දෙනාගේ කතාබහට ලක්වූ චරිතයකි. රාජාට පණ පොවන ඔහු ෂෙහාන් ලොකුකැටියයි.


බැද්ද අද්දර ටෙලි නාට්‍යය ගැන ඔබට මොකද හිතෙන්නේ ?


බැද්ද අද්දර කියන්නේ විශිෂ්ට ටෙලි නාට්‍යයක්. ගැමි පරිසරයක සුන්දරත්වය එක්ක එදා වේල හම්බ කරගෙන දවස ගැටගහගෙන ඉස්සරහට යන්නේ කොහොමද කියන එකත් එක්ක ජීවත් වෙන මිනුස්සුන්ගේ ක්‍රියාවක් තමයි ටෙලි නාට්‍යයේ තියෙන්නේ. කතාවේ ධනවත් පුද්ගලයින් ඉන්නවා. ඔවුන් දුප්පතුන් පීඩාවට පත් කර ඔවුන්ගේ දේවල් කොල්ලකා ඔවුන්ව තළා පෙළා බලය ලබා ගන්නේ කොහොමද කියන එක කතාව තුළ කියවෙනවා.


ටෙලි නාට්‍යය සමඟ එකතු වෙන්න ඔබට අවස්ථාව ලැබෙන්නේ කොහොමද ?


මේ ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය කරන්නේ අපේ අප්පච්චි. පොඩි කාලෙ ඉඳන් ඔහු මගේ දක්ෂතා දැකළ තිබුණා. ඔහු තමයි මට රාජා කියන චරිතය කරන්න අවස්ථාව ලබා දෙන්නේ.


ඔබේ චරිතයට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර කොහොමද ?


‘රාජා‘ චරිතයට ලොකු ප්‍රතිචාරයක් ලැබෙනවා. මගේ යාළුවන්ගෙන් ගමේ කට්ටියගෙන් සහ වෙනත් ප්‍රදේශවල සිටින පුද්ගලයන්ගෙන් ලොකු ප්‍රේක්ෂක ආදරයක් ලැබෙනවා.


ටෙලි නාට්‍යයේ ඔබේ චරිතය දැනෙන්නේ කොහොමද ?


ඇත්තටම රාජා චරිතය මට දැනෙන්නේ ගොඩක් වෙනස් චරිතයක් විදිහට. ඒක තුළ අම්මා, තාත්තා කියන කිසි දෙයක් මම කනකටවත් අහන්නේ නැහැ. ඒ කියන්නේ මට ඕන මගේ අරමුණු කරා යන්න. මගේ ජයග්‍රහණයට මම කොහොමද යන්නේ කියන පාත් එක හදා ගන්න තමා මම එහෙම කටයුතු කරන්නේ. ගමේ ඉන්න සල්ලිකාර පුද්ගලයන් දැකලා ති‍ෙයන නිසා මට ඒ තැනට යන්න ඕන නිසා අරමුණක් හදාගෙන අම්ම, තාත්ත, නංගි ඒ ඉන්න තැනින් ඉහළ මට්ටමකට ගෙනල්ලා ඒ කට්ටිය සතුටින් තියන්න තමයි මට ඕන වෙලා තියෙන්නේ. ඒ චරිත තුළ ඇත්තටම මම ආදරය කරන්නේ නෙලුම්ට. නෙලුම් එක්ක කතා බහ කරගෙන අපි දෙන්නගේ අනාගතේ කොහොමද හදා ගන්නේ කියන අරමුණකට යන විදියට තමයි මගේ චරිතය හැදිලා තියෙන්නේ. ඉතින් මට ඒ ලැබුණු චරිතය ගැන මම සතුටු වෙනවා. මොකද මම ආසාවෙන් හිටියේ මගේ සාමාන්‍ය ජීවිතේ සිදුවෙන චරිතයක් කරන්න නෙවෙයි. ඊට එහා ගියපු දෙයක් කරන්න තමයි මම කැමති. චරිතයක් ලැබුණහම අපි ඒකට යොමු වෙලා ඒ දේ කරන්නේ කොහොමද කියන එක සහ ඒ ටාගට් එක කොහොමද achieve කර ගත්තේ කියන එක තමයි ඇත්තටම තියෙන්නේ. ඇත්තටම මම හුඟක් ආසාවෙන් කරපු චරිතයක් තමයි ඒක.


අධ්‍යක්ෂවරයා ඇතුළු රංගන ශිල්පීන්ගෙන් ඔබේ චරිතයට ලැබෙන සහයෝගය ගැනත් කියමු ?


අධ්‍යක්ෂවරයා මගේ අප්පච්චි. අප්පච්චි ඇත්තටම මට ලොකු සහයෝගයක් දෙනවා මගේ චරිතය වැඩිදියුණු කර ගන්න. ඒක මොන විදිහටද කරන්න ඕන කියන එක ඇතුළු හැමදේම මට කියලා දෙනවා. සෙසු රංගන ශිල්පීන් ශිල්පිනියන්ගෙනුත් ලොකු සහයෝගයක් ලැබෙනවා අපිට.


ඔවුන්ගෙන් ලැබෙන සහයෝගය අතිවිශිෂ්ටයි.


ඉදිරියේදි රඟපෑමට කැමැත්තෙන් ඉන්න චරිත ති‍ෙයනවද ?


මට ඕන වෙලා තියෙන්නේ මගේ සාමාන්‍ය ජීවිතයේ මම ගත කරන චරිතයක් කරන්න නෙවෙයි. මම ආසා හාත්පසින්ම වෙනස් චරිතයක් කරන්න. මොකද මම අභියෝග භාර ගන්න කැමති කෙනෙක්. ඒ වගේ චරිතයක් කරද්දි මට ඒකෙන් ලැබෙන දේවල් ගොඩක් තියෙනවා. මට මගේ ජීවිතයට ඒ දේවල් ගන්න පුළුවන්. ඒ වගේ චරිතයක් කරන්න තමයි මම ආසාවෙන් බලාගෙන ඉන්නේ.


රංගන කටයුතු සාර්ථකව කර ගන්න පවුලෙන් ලැබෙන සහයෝගය ගැනත් කියමු.


අප්පච්චි තමයි මාව මේ රංගන ක්ෂේත්‍රයට


යොමු කරන්නේ. ඒ වගේම අම්මයි නංගියි ලොකු සහයෝගයක් ලබා දෙනවා. මගේ පවුලේ අය මේ කටයුතු කිරීමට සහයෝගය ලබා දීම පිළිබඳව මම සතුටු වෙනවා. ඔවුන්ගේ ආදරයත් සමඟ තමයි මම මේ දේවල් ඉදිරියට කරගෙන යන්නේ.


පුංචි තිරයෙන් රිදී තිරයට එන්න අදහසක් තියෙනවද ?


තාම එහෙම අදහසක් නෑ. හැබැයි මට ඉස්සරහට ලැබෙන අවස්ථාවන්ගෙන් මම උපරිම ප්‍රයෝජන අරගෙන මගේ අත්දැකීම් වැඩි කරගෙන මේ රංගන ක්ෂේත්‍රයට කරන්න පුළුවන් උපරිම කැපකිරීම් කරලා ඉදිරියට යන්න මම බලාපොරොත්තු වෙනවා. රිදී තිරයේ මට අවස්ථාවක් ලැබුණොත් ඒවත් භාරගෙන ඒකට කරන්න පුළුවන් උපරිම සාධාරණය ඉටු කරන්න මම කැමැත්තෙන් ඉන්නවා.


ඉදිරියේදි බලාපොරොත්තු වන අලුත් වැඩ ගැනත් කියමු…


මේ වන විට නාට්‍යයක් රූගත කිරීම් කරලා අවසන්. ඒක කළුතර සහ ගණේමුල්ල ප්‍රදේශවල තමයි රූගත කිරීම් සිදු කළේ. ඒක ළමා කතාවක්. ඒ වගේම ඉදිරි මාසවල තවත් වැඩ දෙකක් කිරීමට මම බලාපොරොත්තුවෙන් ඉන්නවා.


ෂෙහාන් ලොකුකැටියට ආදරය කරන ප්‍රේක්ෂකයන්ට මොකක්ද කියන්න තියෙන්නේ ?


ඇත්තටම මේ රාජා කියන චරිතය තුළින් ප්‍රේක්ෂකයන් මාව අඳුරගෙන මට ලොකු පිරිසක් ආදරය කරනවා. ඉතින් ඒ හැම දෙනාටම මම හදවතින්ම ආදරය කරනවා. හෘදයංගමව ස්තුතිය පුද කරනවා. මට කැමති මට ආදරය කරන ප්‍රේක්ෂකයන්ට සහ මේ ආදරය කියන දේ අපිට කාගෙන්වත් බලෙන් ගන්න බැරි දෙයක්. ඉතින් ප්‍රේක්ෂකයෝ ඇත්තටම අපිට ආදරය කීරීම පිළිබඳව අපි ඇත්තටම සතුටු වෙනවා. ඒ වගේම මගේ හෘදයංගම ආදරයත් ප්‍රේක්ෂකයන් හට ලැබෙනවා

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post