මහේන්ද්‍ර සිං දෝනිගේ ආදර කතාව ‘සුසන්ත්සින්ග් ප්‍රධාන චරිතයට’

gossiplanka image 1
 

ඉන්දියානු ජනප්‍රිය නළුවෙකු වූ සුසන්ත්සින්ග් රාජ්ජුත් වසර කිහිපයකට පෙර මිය ගියේය. ඔහුගේ මිය යාමට හේතුව තවම අබිරහසක් ලෙස පවතී. ඔහු සියදිවි නසා ගත්තාද, නැත්නම් ඔහුව කවුරු හෝ ඝාතනය කළාද යන්න පැහැදිලි නොවේ.


පුවත්පත්වල වාර්තා අනුව ඉන්දියානු ප්‍රසිද්ධ නළුවන් කිහිප දෙනෙක්ම ඊට සම්බන්ධ වී ඇති බවත් දැන ගන්නට ලැබුණි. නමුත්, එය යටපත් වී ඇත. 2020 ජුනි 14 වැනිදා මේ මරණය සිදු විය.


මොහුගේ නඩු විභාගය අසාධාරණ එකක් නිසා ඔහුගේ රසිකයන් පමණක් නොව, සැලකිය යුතු ජන පිරිසක් එක්රොක්වී උද්ඝෝෂණය කරන්නට වූහ. නඩු තීන්දුව සම්බන්ධව මෙසේ ප්‍රසිද්ධියට පත්කොට තිබුණි.


(Public Rejects)


CBI’ S Bogus closure report


CBI’ S Closure report Rejected in


The SSR case.


සුසන්ත්සින්ග් මිය යාමට කලින් ඔහු සම්බන්ධ කොටගෙන චිත්‍රපටයක් මහේන්ද්‍රසින්ග් දෝනි නිර්මාණය කළේය. සුසන්ත් 2021 වර්ෂයේදී කඩවසම් තරුණයා ලෙස තේරී පත් විය.


මේ කතාව ආදර ප්‍රේම කතාවකි. එය සුප්‍රසිද්ධ ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩක මහේන්ද්‍ර සිං දෝනිගේ ආදර කතාවයි. එය දුක්ඛිත කතා වස්තුවකි. මේ සඳහා සුසන්ත් සින්ග් රාජ්ජුත් සමඟ අන්කිතා තෝරාගෙන තිබුණි. සුසන්ත් මහේන්ද්‍ර සිං දෝනිගේ චරිතයට සාධාරණ ලෙස පණ පොවා ඇත. මහේන්ද්‍ර සිංගේ ස්වරූපයට බෙහෙවින් ගැළපෙන සේ හිසකෙස් සකස්කර තිබීම, ඔහුගේ හැසිරීම් විලාසය, සිනහව, ආදී සෑම ශරීර අංගයක්ම හැසිරෙන අන්දම සුසන්ත් මනාවට හසුරුවා ඇත. එම චිත්‍රපටය නම් කොට තිබුණේ “MS Dhoni The untold Story“ වශයෙනි.


මහේන්ද්‍ර සිං ජීවිත කතාව රෝසමල් යහනාවක් නොවේ ගමේ උපන් හැදුණු වැඩුන ගමේ වගාවන් කරගෙන, ජීවත් වූ අයෙකි. ඔහු කුඩා කල පටන් ක්‍රීඩා මෙන්ම කාලය ගත කළ කෙනෙකි. තරුණයකු වූ ‘දෝනි‘ මුලින්ම රැකියාව කලේ ‘කඩග්පුර්‘ දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමයි. ඉන් පසු ඔහු ඉන්දියානු හමුදාවට බැඳි රට වෙනුවෙන් ජීවිතය පරදුවට තබා ක්‍රියාන්විත වූයේය. ඒ අතර රට වෙනුවෙන්ම ඔහු මෙවරත් I.P.L. ලෝක කුසලානය සඳහා ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස තරග වදී.


‘දෝනි‘ පසුගිය වර්ෂයේදී ලංකාවට පැමිණ අප රට සමඟ තරග වැදුණේය. තම රට වෙනුවෙන් හත් අට පාරක්ම නොයෙක් කුසලාන දිනා ගත්තේය. ඔහුව හඳුන්වන නාමයන් බොහෝය.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post