වේදිකාවෙන් පුංචි තිරයට පිවිසෙන නවක රංගන ශිල්පිනියන් අතර කෙටි කාලයක් තුළ ප්‍රේක්ෂක ආදරය දිනාගනිමින්, මේ දිනවල වැඩි කතාබහකට ලක්වන රොන්සොයා ටෙලිනාට්‍යයේ ‘ශෂී‘ සින්ටෝ හි ‘නොන්චි‘ චරිත හරහා අප හමුවට එන ඇය රංගන ශිල්පිනී නදුනි වනිගසුන්දරයි.
වේදිකාවෙ හිටපු ඔබට රංගන ශිල්පිනියක් විදියට ක්ෂේත්‍රයට ආරාධනා ලැබෙන්නේ කොහොමද?
ආරාධනාවකින් ආවා කියනවට වැඩිය රංගනය හදාරලා ඒ අත්දැකීම් හරහා ගමනක් යන්න රංගනය තෝරාගත්තා කියන්න මම කැමතියි. පාසල් කාලයෙත් නාට්‍ය හා රංගකලාව විෂයක් විදියට හැදෑරීම් කළා. මේ වෙද්දි රංගනය පිළිබඳව මගේ උපාධිය සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයෙන් සම්පූර්ණ කරලා ඉන්නේ. මම වේදිකාව ඔස්සේ තමයි මුලින්ම කලාවේ ප්‍රායෝගිකව නියැළෙන්නෙ. ඒ විදියට තමයි සිනමාව හා ටෙලිනාට්‍ය කියන ක්ෂේත්‍රයන්වලට මට අවස්ථාවන් ලැබෙන්නේ.
රොන් සොයා හි ශෂීගෙ චරිතයත් සමඟින් ඔබ මේ දිනවල ජනප්‍රියයි නේද?
ශෂීගේ චරිතය මගේ ජීවිතේ විශාල වෙනසක් ඇති කරපු චරිතයක්, මම මුලින්ම ස්තූතිවන්ත වෙනවා රොන් සොයා නාට්‍යයේ හිටපු අධ්‍යක්ෂ නිවන්ත ප්‍රසාරට. ඔහු තමයි ජනප්‍රිය ධාරාවේ ටෙලිනාට්‍යයක් සඳහා මුලින්ම මාව සම්බන්ධ කරගත්තේ සහ ශෂී කියන චරිතය මට ලබා දුන්නෙ. ශෂීගේ චරිතය තුළින් විශාල ප්‍රේක්ෂක ආදරයක් මට ලැබුණා. වේදිකාවෙන් පසුව ජනප්‍රිය ධාරාවේ ටෙලිනාට්‍යයකට මම සම්බන්ධ වුණු පළවෙනි අවස්ථාව තමයි රොන්සොයා ටෙලිනාට්‍යය. ඉතින් ශෂීට ලැබෙන ප්‍රේක්ෂක ආදරය ගැන ගොඩක් සතුටුයි.
ශෂී ගැන මොකද හිතෙන්නෙ?
ශෂී කියන්නෙ ආදරණීය චරිතයක්, ගොඩාක් හොද යාළුවෙක්. ඒ ආදරණීය බව නිසාම මමත් නදුනි විදිහට ශෂීගේ චරිතය විඳිනවා. ඉතින් ආදරෙන් මතක් කරනවා ශෂී චරිතය නිර්මාණය කරන අරුණ ජයවර්ධන අයියා සහ ප්‍රමෝද්‍යා අක්කව වගේම මිශෙල් දිල්හාරා අක්කාව. ශෂීගේ චරිතය ගැන මුලින්ම ටිකක් බය හිතුණා. ප්‍රේක්ෂක ප්‍රතිචාර කොහොම ලැබෙයිද කියලා. මොකද මමත් ජනප්‍රිය ටෙලිනාට්‍ය කලාවට අලුත් කෙනෙක් ඒ වගේම ටිකක් දඟකාර කටකාර නිසා. නමුත් හිතපු නැති විදිහෙ ධනාත්මක ප්‍රතිචාර රැසක් ශෂීට ලැබුණා. චරිතයට වගේම රංගනයටත් මට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඉතින් මම හිතනවා ශෂීගේ චරිතයට මම උපරිම සාධාරණයක් කරනවා කියලා.
වේදිකාව කියන්නෙ නදුනිට වඩාත් සමීප තැනක් නේද?
ඔව්. මම රංගනයට අත්පොත් තබන්නේ වේදිකාවෙන්. මේ මොහොත තුළත් මගේ කැමතිම රංගන මාධ්‍ය වේදිකාව. වේදිකාවේ රංගනයෙන් ඒ ලැබෙන තෘප්තිය සහ ලැබෙන අත්දැකීම් රංගන ශිල්පියෙක්ට ඉතාම වැදගත්. වේදිකාව හරහා ක්ෂේත්‍රයට පිවිසි රංගන ශිල්පීන්ට මේ වෙද්දි උසස් නිර්මාණ අවස්ථාවන් සහ ගුණාත්මක නිර්මාණ සඳහා පුංචි තිරයේත් රිදී තිරයේත් අවස්ථාවන් විවර වෙලා තියෙනවා.ඉතින් ඒ ගැන ගොඩක් සතුටුයි.
රංගනය පිළිබඳව හැදෑරීමක් සහිතව ක්ෂේත්‍රයට පැමිණීම පිළිබඳව ඔබේ අදහස කුමක්ද?
මම විශ්වාස කරන දෙයක් තමයි අපේ මුල් ශක්තිමත් නම් ඕනෙම ක්ෂේත්‍රයක අපිට යන්න පුළුවන් දුර වැඩියි. රංගනය පමණක්ම නෙවෙයි ඕනෑම ක්ෂේත්‍රයක දිගුකල් පවතින්න නම් ඒ ක්ෂේත්‍රය පිළිබඳ මනා හැදෑරීමක් තිබිය යුතුමයි.
නදුනිව රිදී තිරයේත් දැකගන්න පුළුවන් වෙයි නේද?
අනිවාර්යයෙන්ම, මම මුලින්ම රංගනයෙන් දායක වුණේ ඉන්දික ෆර්ඩිනෑන්ඩු සර්ගෙ ‘වෙඩි නොවදින ළමයි‘ සිනමා නිර්මාණයට, ඒ වගේම මේ දිනවල අශෝක හඳගම සර්ගෙ නවතම සිනමා නිර්මාණයක් රූගතකිරීම් කරගෙන යනවා සහ මම රංගනයෙන් දායක වුණු ආනන්ද අබේනායක සර්ගෙ නවතම සිනමා නිර්මාණය ඉදිරියේදී තිරගත වීමට නියමිතව තියෙනවා.
චරිත තෝරා ගැනීමේදී ඔබට චරිත තුළ සීමාවන් තියෙනවද?
නිර්මාණයක් ඇතුළෙ ලැබෙන චරිතයට කොයිතරම් සාධාරණයක් කරන්න පුළුවන්ද කියන දේ ගැන මම හිතනවා, තවම මම ක්ෂේත්‍රයට අලුත් නිසා ලොකුවට චරිත තෝරාබේරා ගැනීම්වලට යනවට වඩා මට ලැබෙන නිර්මාණයන් තුළ ඒ අදාළ චරිතයට මගේ උපරිමය ලබා දීලා චරිතයට අවංක වෙන්නෙ කොහොමද කියන එක ගැන තමයි මම හිතන්නේ. මට සාධාරණයක් කළ හැකි නිර්මාණාත්මක සහ ගුණාත්මක නිර්මාණවලට මම සම්බන්ධ වෙනවා.
මෙතෙක් පැමිණි ගමනේ සාර්ථකත්වයට පවුලේ අයගෙන් ලැබෙන සහයෝගය ගැනත් මතක් කරමු?
පවුලේ අය නිසා තමයි මම මේ විදිහට නිදහසේ කලා කටයුතු කරගෙන යන්නෙ. මුල ඉඳන්ම මගේ අම්මා තාත්තා ඇතුළු පවුලේ හැමෝම ලොකු සහයෝගයක් මගේ ගමනට ලබා දුන්නා. ඉතින් අද වෙනකොට මගේ හොඳම ප්‍රේක්ෂකයො වෙලා ඉන්නෙ මගෙ පවුලේ අය.
ඔබගේ ඉදිරි වැඩ කටයුතු සහ අලුත් නිර්මාණ මොනවාද?
මම සම්බන්ධ වුණු සුනෙත් මාලිංග අධ්‍යක්ෂණය කරන අරුණ ජයවර්ධන හා ප්‍රමෝද්‍යා වන්නිආරච්චි රචනා කරන ‘රෝස වෙඩිල්ල‘ ටෙලිනාට්‍ය ඉදිරියේදී විකාශය වීමට නියමිතයි. ඊට අමතරව තවත් ටෙලි නාට්‍ය දෙකකට සම්බන්ධ වුණා. සිනමා නිර්මාණ දෙකක් තිරගත වෙන්න තියෙනවා සහ ඊට අමතරව වේදිකා නාට්‍ය දර්ශනවලට සම්බන්ධ වෙනවා, ඒ වගේම මගේ උසස් අධ්‍යාපන කටයුතුත් කරගෙන