බැරි වැඩ කරනවාට වඩා හොඳයි නොකර ඉන්නවා - නිරෝෂා තලගල

gossiplanka image 1
 


ප්‍රසංග වේදිකාවේ නර්තන ඉදිරිපත් කරන දක්ෂ නර්තන ශිල්පිනියක් වගේම පුංචි තිරයේත්, සිනමාවේත් එකසේ දස්කම් පාන රංගන ශිල්පිනියක් තමයි නිරෝෂා තලගල කියන්නේ. ඇය රංගනයෙන් දායක වන ‘වරකත’ ටෙලිනාට්‍යය මේ දිනවල ප්‍රේක්ෂකයන් අතර අතිශය ජනප්‍රිය වෙලා. ඉතින් එහි ඇය රඟපාන චරිතය ගැන සහ කලා තොරතුරු ගැන දැනගන්න අපි ඇය හා සම්බන්ධ වුණේ මේ විදියටයි.Sri Lanka Latest News


මේ දිනවල නිරෝෂා අධික ලෙස කාර්යබහුලයි නේද?

ඔව්. මම මේ දිනවල වැඩ කිහිපයකට සම්බන්ධ වෙලා ඉන්න නිසා ගොඩක් කාර්යබහුලයි. ටෙලිනාට්‍ය වැඩකටයුතු සහ ප්‍රසංග වේදිකාවේ වැඩකටයුතු සමග තමයි මේ දවස්වල කාලය ගෙවෙන්නේ.

මෙතෙක් නොදුටු ඔබේ අපූරු රංගනයක් අපි මේ දවස්වල පුංචි තිරයෙන් දකිනවා?

‘වරකත’ ටෙලිනාට්‍යයේ ලොකු මැණිකේ තමයි ඒ චරිතය. එය මට ලොකු බ්‍රේක් එකක්. මෙතෙක් මම රඟපාපු චරිතවලට වඩා ලොකු වෙනස්කමක් දකින්න පුළුවන් චරිතයක් තමයි මේ ලොකු මැණිකේ කියන චරිතය. ‘වරකත’ ටෙලිනාට්‍යය සමස්ත ටෙලිනාට්‍ය කලාවේම වෙනස්කමක් දැනෙන, ප්‍රේක්ෂකයන්ට දැනෙන නිර්මාණයක් ලෙස මගේ ආදරණීය ප්‍රේක්ෂක ජනතාව පිළිඅරගෙන තියෙන එක ගැන සතුටුයි.

කොමඩිි කරපු නිරෝෂා එයින් මිදුණේ කොහොමද?

මම විවිධ චරිත රඟපෑවා. කොමඩි චරිත කරනකොට සීරියස් චරිත මගේ අතින් මිස්වෙයි කියන බයකුත් මට තිබුණා. දවසක් මිහිර අයියා සමග මම මේ ගැන කතා කළා. අයියා මට කිව්වේ දවසක මම හොඳ වැඩක් කරනවා. ඔයාට ඒකේ දක්ෂතා පෙන්වන්න මම අවස්ථාවක් දෙනවා කියලා. මිහිර අයියා පොරොන්දු වුණා වගේම මට ඒ අභියෝගය භාරදුන්නා. මම එයට උපරිම සාධාරණක් කළා කියලා හිතනවා. ‘වරකත’ පිටපත කියනව විට ලොකු මැණිකේ චරිතය ලොකු බරක් වගේ දැනුණා. මුළු වලව්වම මගේ අතේ. ඒ පවුල රැකගැනීම. පවුලේ වැඩිමහල් දියණිය. නංගිලාට අක්කා වෙනවා. වරකතක් සමස්ත කාන්තාවම නියෝජනය කරනවා වගෙයි. උතුම්ම චරිතයක් විදියට මම එය භාරගත්තේ. ඒ පිටපත මට ඒ තරමට දැනුණා.

ලැබෙන චරිතයට ඉක්මනින් හැඩගැහෙන්න නිරෝෂා දක්ෂයි…

මම රංගනය හදාරලා නැහැ. 2008 ඉඳලා මගේ රංගන පාසල මේ ක්ෂේත්‍රයමයි. මේ වෙනකම් සියලු ශිල්පීන්, අධ්‍යක්ෂවරුන්, මට ශක්තියක් වුණු සියලු දෙනාම සමග වැඩකිරීම සහ එයින් ලබපු පන්නරය තමයි මෙයට හේතුව. ඇත්තටම මම වාසනාවන්තයි.


ඒ කියන්නේ ඕනෙම චරිතයකට හැඩගැහෙන්න පුළුවන්ද?

හැම චරිතයක්ම නෙවෙයි. මට ගැළපෙන චරිත. රංගන ශිල්පිනියක් විදියට කොහොම ගත්තත් අපි ජීවත් වන පසුබිම තුළ දරුවෝ ඉන්න පුළුවන්, මවුපියන්, ජීවත් වෙන සමාජ පසුබිම, විවිධ කාරණා එක්ක ලැබෙන චරිතය ගැළපෙන්න ඕනේ. මම කැමැති මට පහසු දෙපාරක් හතින්නේ නැතුව මට නිදහසේ කරන්න පුළුවන් චරිතවලට. කරන්න බැරි චරිත කරනවට වඩා හොඳයි ප්‍රතික්ෂේප කරන එක. ඒ නිසා තමයි මට ගැළපෙන චරිත තෝරාගන්නේ.

නර්තනය ජීවිතයම කරගෙන හිටපු නිරෝෂා, රංගනයයෙන් ඉදිරියට යන්න හිතුවේ ඇයි?

නර්තන ශිල්පිනියක් ලෙස මම වැඩ කරලා, ‘පබා’ ටෙලිනාට්‍යය හරහා රංගනයට සම්බන්ධ වුණා. 2010 නිල් නෙතු, සේපාලිකා නාට්‍යවලට සම්බන්ධ වීමත් එක්ක තමයි රංගන ක්ෂේත්‍රයේ දිගටම රැඳෙනවා කියලා තීරණය කළේ. ඒ වෙනකොට නර්තන ගුරුවරියක්, නර්තන ශිල්පිනියක්. නැටුම තමයි මගේ ජීවිතය වෙන්නේ. ප්‍රතිචාර සමග මම හිතුවා චරිතාංග රංගන ශිල්පිනියක් වෙනවා කියලා. එහෙම හිතලා දිගමට වැඩ කරන්න හිතුවා.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post