කරන වැඩේ කොලිටියට ඕනේ -ඉශන්කා ජහන්වි

gossiplanka image 1
 


අහසයි, තිරයයි දෙකම තමන්ගේ සීමාව කරගත්තු, අභියෝග මැදින් ගුවන් සේවිකාවක් විදිහට වගකීම් ගන්න ගමන්, කැමරාව ඉස්සරහා වෙනස්ම මැජික් මවන ඇය ඉශන්කා. ලංකාවේ පළමුවැනි සෙමි ඇනිමේට් සිනමා අත්දැකීමේ ප්‍රධාන භූමිකාවත් එක්ක, සීමාවලින් කොටු නොවී තමන්ගේම රිද්මයකට පියාඹන ඉශන්කාගේ අලු‍ත්ම ප්ලෑන් ගැන කතා කරන්න අපි හිතුවා. 


ඉතින් ඉශන්කා මොකද වෙන්නේ මේ දවස්වල?

මේ දවස්වල අලුත් වැඩ කිහිපයක් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ අතරින් එකක් තමයි පිස්‘දද චිත්‍රපටය, පුංචි තිරයේ වැඩකටයුතු සහ මගේ රැකියාවත් එක්ක මේ දවස්වල ටිකක් කාර්යබහුලයි.

ඔබ රංගන ක්ෂේත්‍රයට අත්පොත් තැබුවේ කොහොමද?

මං රංගනයට එන්නේ මුලින්ම වෙළෙඳ දැන්වීම්වලින්. මගේ පළමුවැනි චිත්‍රපටය තමයි ආශාවරී. ඒ විදිහට තමයි මං රංගනයට සම්බන්ධ වෙන්නේ.

මුලින්ම කැමරාවට මුහුණ දුන්න නිර්මාණය මතකද?

මුලින්ම මම කැමරාව ඉදිරියට එන්නේ ඩොමිනෝස් පීසා වෙළෙඳ දැන්වීමක් එක්ක.

ගුවන් සේවිකාවක් වශයෙන් රැකියාවේ නියැළෙන ගමන් කලා කටයුතුවලට සම්බන්ධ වීම කොහොමද සිදුකරන්නේ?

ගුවන් සේවිකාවක් කියන්නේ වගකීම්සහගත රැකියාවක්. මම ගොඩක් වෙලාවට රැකියාවයි කලාවයි පටලවා ගන්න කැමැති නෑ. කලාවට මං හරි ආදරෙයි. ගුවන් සේවිකාවක් විදිහට වගකීම්සහගතව වැඩ කරන ගමන් විවේක වෙලාවල් එක්ක තමයි රඟපෑමට සම්බන්ධ වෙන්නේ.


ලංකාවේ පළමුවැනි සෙමි ඇනිමේට් ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය නිරූපණය කිරීම දැනෙන්නේ කොහොමද?

මට හරිම සතුටුයි. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ අරුණ ජයවර්ධන අයියා. එයත් එක්ක මම මේ වෙනකොට ටෙලිඩ්‍රාමා එකක් කරලා තියෙනවා. ඔහුගේ වැඩ සම්බන්ධයෙන් ලොකු කැමැත්තක් මට තියෙනවා. සුනෙත් මාලිංග ලොකුහේවා අයියා තමයි මේක ලියන්නේ. චන්න දේශප්‍රිය අයියා තමයි කැමරාකරණය කරන්නේ. ඒ වගේම හොඳ කාස්ට් එකක් ඉන්නවා. මේ හැමෝත් එක්කම මේ වැඩේ කරන්න ලැබුණු එක ගැන මට නිහතමානී ආඩම්බරයක් තියෙනවා.

මේ නිර්මාණයට සම්බන්ධ වුණේ කොහොමද?

මේ චිත්‍රපටයට මට ආරාධනා කරන්නේ අරුණ ජයවර්ධන අයියා.

මේ වගේ අභියෝගයක් භාරගද්දී මොකද හිතුණේ?

මං කොහොමත් අලුත් දේවක් කරන්න, අභියෝග භාරගන්න හරි කැමැති කෙනෙක්. මං ආසයි මේ චැලේන්ජ් එකට.

දර්ශන් එක්ක වැඩ කරන එක පහසු වෙයිද?

දර්ශන් එක්ක මම මේ වෙනකොට ටෙලිනාට්‍යයක් කරලා තියෙනවා. තාම ඒක ප්‍රදර්ශනය වෙලා නෑ. ඔහුත් එක්ක වැඩ කරලා මට පුරුදුයි. මං හිතනවා මේ වැඩේදිත් ඔහු මට ලොකු සහයෝගයක් දෙයි කියලා.

මේ නිර්මාණය කොයි වගේ අත්දැකීමක් වෙයිද?

මට හිතෙනවා හරිම විනෝදයෙන් කරන්න පුළුවන් වැඩක් වෙයි කියලා. ඉන්න කාස්ට් එක සහ කෲ එක මේකට ලොකු සාධාරණයක් කරයි. අපේ නිෂ්පාදකවරයා අශෝක් අයියා, ඔහුටත් ලොකු සාධාරණයක් කරයි කියලා හිතනවා.

නිර්මාණයක් භාර ගැනීමේදී සීමාවන් තියෙනවද?

අනිවාර්යයෙන්ම මම වැඩ තෝරලා බලලා භාරගන්න කෙනෙක්. කරපු වැඩ ගාන නෙමෙයි මට ඕනා ප්‍රේක්ෂකයාට ගුණාත්මක දෙයක් දෙන්න. ඒ වගේම මිනිස්සුන්ට මතක හිටින වැඩක් කරන්න.

ඉදිරි වැඩකටයුතු ගැන මතක් කළොත්?

චිත්‍රපට කිහිපයක්ම එන්න තියෙනවා. ඒ වගේම පුංචි තිරයේත් ටෙලිනාට්‍යය දෙකක් එන්න තියෙනවා. ඒ වගේම ගුවන් සේවිකාවක් විදිහට ඉදිරියටත් වැඩකටයුතු කරගෙන යනවා.


කල්ප මේනක පීරිස්<

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
Previous Post Next Post