ඕනේ නම් අඩ නිරුවත් වෙන්න බැරිකමක් නැහැ -සෙව්වන්දි චන්ද්‍රසිරි

gossiplanka image 1
 


හිතේ හයියට තනියම අත්පුඩි ගහගෙන මේ ගමන ආපු කෙල්ලෙක් ඇය. හැදෑරීමක් ඇතුවම කලාවට ඇවිත් ‘හිච්චි‘ හරහා හදවතට සමීප වෙච්ච ඇය, අද ‘සින්ටෝ‘ එකේ ෂෙරීල් වෙලා හතර වටින්ම බැණුම් අහනවා. ඒ කියන්නේ ඇගේ රංගනය උපරිමයි කියන එකයි. රංගනය වෙනුවෙන් ඕනෑම අභියෝගයක් බාරගන්න සූදානම් මේ හැඩකාරිය, තමන්ට එන දහසකුත් ආදර ඇරයුම් මැද තවමත් තනිකඩව තමන්ගේ ගමන යනවා. ඇය සෙව්වන්දි චන්ද්‍රසිරි. ‘ෂෙරීල්‘ගේ නපුරුකම් අස්සේ හැංගිලා ඉන්න සැබෑ සෙව්වන්දිව හොයාගෙන අපි මෙහෙම කතාව පටන් ගත්තා…


කොහොමද සෙව්වන්දි මේ ගෙවන ජීවිතේ?

හරිම සැහැල්ලුවෙන් කා සමගත් සුහදව සතුටින් ජීවිතය ගතකරනවා. හැම දේම වෙන්නේ හොඳටයි කියලා හිතාගෙන ගිය දේවල් ගැන නොහිතා ගෙවන දවස උපරිම සතුටින් මම ගතකරනවා.

මේ දවස්වල ෂෙරීල් චරිතය හරහා ඔබව අපි දකිනවා. කොහොමද ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර?

ෂෙරීල් මට වෙනස්ම අත්දැකීමක්. මම නම් ෂෙරීල් තරම් නපුරු නැහැ. ප්‍රතිචාර නම් හොඳටම හොඳයි.

‘සසංකාරා’ ටෙලිනාට්‍යයේ ඔබ නිරූපණය කළ චරිතයට හැඩගැහුණේ කොහොමද?

රේණු චරිතය හරහා මාව සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. ඒ තරමට රේණු චරිතයට මම ළෙන්ගතු වුණා. මගේ රංගන ජීවිතයට වෙනස්ම අත්දැකීම් ගොඩක් එකතු කරගන්න ලැබුණා. ඒ වගේ දුෂ්කර ගමනක් එක්ක බැඳුණු ඒ ගැමිකම මොහොතකට හරි චරිතයක් හරහා විඳින්න ලැබීමත් වාසනාවක්. කරන වැඩේ දුෂ්කර වුණත් ඒ මහන්සිය දැනෙන්නේ නැති තරමට මම ඒ පරිසරයට, ඒ ගැමි ජීවන රටාවට හදවතින්ම බැඳුණා.

චරිත තෝරා බේරාගැනීමේ සීමාව කොයි තරම්ද?

තවම මම අලුත්. මට දැනෙන චරිත කරන්න මම ගොඩක් කැමැතියි. සමහර විට ඉදිරියේදී සීමාවක් නැතුව වැඩ කරන්නත් පුළුවන්.

ඒකියන්නේ අඩ නිරුවත් දර්ශනයක් වුණත් රඟපාන්න පුළුවන්?

ඒ ගැන තවම මම මොනවත් හිතලා නැහැ. සමහර විට ඉදිරියේදී මම රඟපාන චරිතයට ඒ වගේ දෙයක් අවශ්‍ය නම් ඒ චරිතයට උපරිම සාධාරණයක් වුණත් කරන්න පුළුවන්.


සෙව්වන්දි කලාවට සම්බන්ධ වුණේ කොහොමද?

මම මුලින්ම කළේ මේ ක්ෂේත්‍රයට යොමුවෙන මාර්ගය හොයපු එක. එතැනදී මම මුලින්ම සුදර්ශන බණ්ඩාරගේ රංගන පාසලට සහ දුරුතු සිනමා පාසලට සම්බන්ධ වෙලා මේ පිළිබඳ හැදෑරීමක් කළා. මේ විෂය හදාරලා ඉවර කරන්න පුළුවන් එකක් නෙවෙයි. මම මුලින්ම රඟපාන්නේ ‘චන්දෝලි’ ටෙලි නාට්‍යයේ. පසුකාලීනව ‘හිච්චි’ (සකුන්තලා), ‘සිදාදියේ සමනලියේ’ (සෙව්වන්දි) ඇතුළු ටෙලිනාට්‍ය කිහිපයකට සම්බන්ධ වීමට අවස්ථාව ලැබුණා.

ඔබට මේ ගමනට ගෙදරින් ලැබෙන සහාය කොහොමද?

මම මේ ගමන යන්න තනියම අත්පුඩි ගහලා ආපු කෙනෙක් නෙවෙයි. ඒ වගේම මගේ මවුපියන්ගෙන් ලැබුණු සහාය ගොඩක් වටිනවා. මගේ දක්ෂතාව හඳුනාගෙන විවිධ නිර්මාණවලට දායක වෙන්න අවස්ථා සලසා දුන්න අයත් මේ අවස්ථාවේ මම මතක් කරන්න කැමැතියි. මගේ චරිත දැකලා ඒ වෙනුවෙන් මට ප්‍රේක්ෂක ආදරය ලබාදෙන සියලු දෙනාමත් මගේ ගමනට ලොකු ශක්තියක් වුණා.

සෙව්වන්දි දවසින් දවස ජනප්‍රිය වෙමින් ඉදිරියට යන බව අපි දකිනවා. මේ ආදරය සමග විශේෂ ඇරයුම් එහෙමත් ඇති?

ආදර ඇරයුම් නම් ඕනෙ තරම් ගලාගෙන එනවා. ඒත් මම තවම ඒ දේවල් ගැන හිතන කෙනෙක් නෙවෙයි. මගේ එකම බලාපොරොත්තුව මේ ක්ෂේත්‍රයේ ඉදිරියට යන එක.


වසන්ත විතාරණගේ

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post