කරන්නම් වාලේ කරලා තෘප්තියක් ලබන්න බැහැ- අනූෂා දිසානායක

gossiplanka image 1
 

වේදිකාවෙන් සිය රංගන පෞරුෂය ඔප්නංවාගත් ඇය, අද වන විට පුංචි තිරයේ ප්‍රේක්ෂක හදවත් තදින්ම වැලඳගත් රංගනවේදිනියකි. වේදිකාවෙන් ඇරඹි ඒ රංගන චාරිකාව, අද වන විට ‘මරකත’ හි දරාගැනීමේ මහා බලය පෙන්වන අම්මා කෙනෙකු සහ ‘බැද්ද අද්දර‘ හි ගමේ ආධිපත්‍යය පතුරුවන මුදලාලි හාමිනේ ලෙස එකිනෙකට පරස්පර සුවිශේෂී භූමිකාවන් දෙකක් කරා පැමිණ තිබේ. තිරය මත රළු පරළු වුවත්, සැබෑ ජීවිතයේ නිහතමානී, ආදරණීය මවක සහ බිරිඳක වන ඇය, සිය රංගන අත්දැකීම් සහ ජීවිතය පිළිබඳ ‘හාට්‘ සමග මෙලෙස හදවතින්ම කතාබහ කළාය.Sri Lanka Latest News


අනූෂා අපි ඔබව මේ දිනවල සුවිශේෂ නිර්මාණ දෙකකින් දකිනවා. ‘මරකත’ ටෙලිනාට්‍යය ගැන මුලින්ම කතා කරමු?

‘මරකත’ ටෙලිනාට්‍යය හරහා මම දකින්නේ ගැහැනියකගේ දරාගැනීම. ජීවිතයට එන විවිධාකාර ප්‍රශ්න. පවුලට එන ප්‍රශ්න ඉවසීමෙන් බලන් ඉඳලා ඇය ඒ වෙනුවෙන් ශක්තිමත්ව මුහුණ දෙන ආකාරයයි.

එයට වඩා වෙනස්ම විදියේ රංගනයක් අපි ඔබගෙන් දකිනවා ‘බැද්ද අද්දර’ ටෙලිනාට්‍යයෙන්?

මේ චරිත දෙකම එකිනෙකට වෙනස්. ‘බැද්ද අද්දර’ ටෙලිනාට්‍යයේ මම රඟපාන්නේ මුදලාලි හාමිනේගේ චරිතය. මුදලාලි කියන්නේ ගමේ ආධිපත්‍යය පතුරාගෙන ඉන්න කෙනෙක්. මමත් ඉතින් සැමියාගේ හයිය අරගෙන ගමේ ඉන්නේ පොරක් විදියට. මුදලාලිගේ වැරැදි දැක්කත් මම නොදන්න විදියට තමයි ඉන්නේ. හැබැයි ගැහැනුකම කියන්නේ අසරණ වුණු වෙලාවක උදව් කරන්න යන චරිතයක්. සාම්ප්‍රදායික ගැහැනියක් විදියට මුදලාලි හාමිනේගේ චරිතය මම දකිනවා.

කොහොමද ඔබට මේ චරිත දෙකටම ලැබෙන ප්‍රතිචාර?

ප්‍රතිචාර නම් ඉතා ඉහළයි. සමහරු මා සමග කතාබහ කරන්න වුණත් දැන් බයයි. මුදලාලි හාමිනේගේ සැර දැකපු නිසා ‘මරකත’ ටෙලිනාට්‍යයේ මගේ චරිතය හරහා ගොඩ දෙනෙක් අනුකම්පා කරනවා, ආදරය කරනවා. එකිනෙකට වෙනස් ලැබෙන ප්‍රතිචාර නම්.


අනූෂා වලියට ගොඩක් බර කෙනෙක් වගෙයි?

අපෝ නැහැ. මම ගෙදර පොඩ්ඩක් පොඩි අයට සැරට කතාබහ කළාට මම එහෙම කෙනෙක් නෙවෙයි. ‘බැද්ද අද්දර’ ටෙලිනාට්‍යයේ මගෙයි මේධා අක්කගෙයි වලිය දැකලා ගොඩ දෙනෙක් පුදුම වුණා. සමහරු මගෙන් අහනවා ඒ ඇත්තටමද ගහගත්තේ කියලා. මම කවදාවත් එහෙම වලියක් දාගෙන නැහැ. වේදිකා නාට්‍යයක ඒ වගේ ගහගත්තොත් මැරිලා වැටෙයි. එහෙම ඇත්තටම ගහගන්නේ නැහැ. හැබැයි ඉතින් ඒ අවස්ථාවේ අපි දෙන්නම තාත්වික රංගනයක් කළා.

ඔබ කලාවට සම්බන්ධ වෙන්නේ වේදිකාවෙන්..?

මම 2001-2002 වර්ෂවල ටවර්හෝල් රංග පාසලට සම්බන්ධ වෙනවා. ඒ හරහා මට වේදිකා නාට්‍යවල රඟපාන්න අවස්ථාව ලැබෙනවා. කන්දොස්කිරියාව, ට්‍රෝජන් කාන්තාවෝ, නැට්ටුක්කාරි, බල්ලොත් එක්ක බෑ, කැලණි පාලම වගේ වේදිකා නාට්‍යවල සුවිශේෂ චරිත රඟපාන්න මට අවස්ථාව ලැබුණා. ඒ හරහා තමයි මම පුංචි තිරයට සම්බන්ධ වෙන්නේ.

‘කැලණි පාලමේ’ සුරංගි ගැනත් එහෙනම් කතා කරමු?

හරිම සුන්දරයි. ප්‍රවීණ රංගන ශිල්පිනී ගීතා කාන්ති ජයකොඩි රඟපාපු සුරංගි චරිතය තමයි මම නැවත රඟපාන්නේ. ගීතා අක්කා මගේ චරිතයට ගොඩක් උදව් කරනවා. තවමත් ‘කැලණි පාලම’ සමග රට වටා යනවා මම.

ඔබට ලැබෙන චරිතය ගැන ලොකු අවධානයක් යොමුකරනවා ඇති?

ගොඩක්ම මට කරන්න තියෙන්නේ මොනවද කියලා බලනවා පිටපතක් ලැබුණාම. මට කිසිම බාහිර බලපෑමක් නැහැ. ලැබෙන චරිතය අනුව මටත් යමක් කරන්න තියෙනවා නම් ගොඩක් සතුටු වෙනවා. නිකම් කරන්නම් වාලේ චරිතයක් කරලා මට ආත්ම තෘප්තියක් ලබන්න බැහැ.

සිනමාවෙන් අනූෂාව දකින්නේ හරි අඩුවෙන්.. ඒ ඇයි කියලා ඇහුවොත්?

ඇත්තටම චිත්‍රපට පැත්තෙන් මට ආරාධනා අඩුයි. සමහර අවස්ථාවල මට ආරාධනා ලැබුණා. ඒත් මගේ පෞද්ගලික හේතූන් මත මට ඒ නිර්මාණ සඳහා සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ නැහැ. හොඳ සිනමා නිර්මාණ මට ඒ දවස්වල මගහැරුණා. මම ආශාවෙන් ඉන්නවා හොඳ සිනමා නිර්මාණයකට සම්බන්ධ වෙන්න.

අනූෂා ආදරණීය මවක් වගේම බිරිඳක්. පවුලෙන් ලැබෙන සහාය කොහොමද?

මට ඉන්නේ දුවයි, පුතයි. ඒගොල්ලන් මාව තේරුම් අරගෙන ඉන්නේ. ඒ වගේම මගේ සැමියා ලොකු සහායක් දෙනවා. පවුලේ බාධක එක්ක මේ වෘත්තිය කරන්න අමාරුයි. ඔළුව අවුල් වුණොත් චරිතයට සාධාරණයක් කරන්න අපහසුයි. මම රූගත කිරීම්වලට ගියාම මට කිසිම කරදරයක් නැහැ. පවුලේ අයගෙන් උපරිම නිදහස මට ලැබෙනවා. මට එය ගොඩක් වටිනවා.


වසන්ත විතාරණගේ

gossiplanka image 1
gossiplanka image 2
Previous Post Next Post