ප්‍රතිරූපයට හානි වන චරිත භාරගන්නේ නැහැ - ශයිනි නෙත්තිකුමාර

gossiplanka image 2


වේදිකාවෙන් පන්නරය ලබා, පුංචි තිරයේ අපූරු චරිත මවමින් ප්‍රේක්ෂක හදවත් දිනාගත් ඇය දක්ෂ රංගන ශිල්පිනියක් ලෙස ක්ෂේත්‍රය තුළ තමන්ගේම අනන්‍යතාවයක් ගොඩනගා ගැනීමට සමත්ව සිටින්නීය. රංගනයට මෙන්ම නර්තනයටත් උපන් හපන්කම් පාන ඇය නමින් ශයිනි නෙත්තිකුමාරය. හිරිපොද වැස්ස ටියා මෙන්ම මේ දිනවල මායාවී ටෙලි නිර්මාණයේ පුන්සරාගේ ලෙසින් ඔබේ ආදරය දිනා සිටින ඇය සමඟයි අද අපේ කතාබහ.


ශයිනි කලාවට සම්බන්ධ වුණේ කොහොමද කියල මුලින්ම කියමු?


මම මුලින්ම කලාවට සම්බන්ධ වෙන්නේ නාලක ස්වර්ණතිලක මහතාගේ ‘දඟමල්ල’ වේදිකා නාට්‍යයෙන්. ඊට පස්සේ මට සිරස නාළිකාවේ ‘පුංචි පැංචි’ වැඩසටහනට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඒ ඔස්සේ සිරස නාළිකාවේ ටෙලි නාට්‍යවලටත් සම්බන්ධ වෙන්නත් අවස්ථාව ලැබුණා. කලාවට සම්බන්ධ වෙන්නේ එහෙමයි.


මේ දවස්වල ඔබට වැඩිපුරම ප්‍රතිචාර ලැබෙන්නේ මොන චරිතයටද?


හිරිපොද වැස්ස ටෙලිනාට්‍යයේ ටියාගේ චරිතයට. පාසල් යන වයසේ දරුවෝ මාව කොහේදී දැක්කත් ටියා අක්කා කියලා කතා කරනවා. ඒ වගේම මායාවී ටෙලි නාට්‍යයේ පුන්සරා කියන චරිතයටත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මේ චරිත දෙකටම රසිකයන්ගෙන් එක වගේම ප්‍රතිචාර ලැබෙනවා.


මායාවී පුන්සරා ගැනත් කතා කරමු?


පුන්සරා කියන්නේ හරිම අහිංසක ගැහැනු ළමයෙක්. ඇය ජීවත් වෙන්නේ පවුලේ ප්‍රශ්න ගොඩක් මැද. පවුල ඇතුළෙන් ලැබෙන්න ඕනෙ ආදරය සහ රැකවරණය ඇයට ලැබෙන්නෙ නැහැ. ඒ නිසායි ඇය ගෙදරින් නොලැබෙන ආදරය පිටින් හොයාගන්න උත්සාහ කරන්නේ.


ටැක්සිකාරයා ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්නේ කොහොමද?


ටැක්සිකාරයා ටෙලි නාට්‍යයට මාව යෝජනා කරන්නේ කුසල් මදුරංග අයියා. මම කුසල් අයියත් එක්ක මීට කලින් නිර්මාණවල වැඩ කරලා තියෙනවා. ඒ නිසා මේ චරිතයට මාව ගැළපෙනවා කියලා කුසල් අයියා යෝජනා කරලා තිබුණා. මේ ටෙලිනාට්‍යයේ මම රංගනයෙන් දායකත්වය ලබා දෙන්නේ මාධ්‍යවේදිනියකගෙ චරිතයකට. මීට කලින් මම ඒ වගේ චරිතයක් කරලා තිබුණෙ නැහැ. ඒක නිසා මම හිතනවා මේ ටෙලිනාට්‍ය මගේ කලා ජීවිතයේ ලොකු හැරවුම් ලක්ෂ­්‍යයක් කියලා.


මෙතෙක් කරපු චරිත අතරින් අභියෝගයක් වුණ චරිත තියෙනවද?


මේ වෙනකම් කරලා තියෙන සෑම චරිතයක්ම මට අභියෝගාත්මකයි. මට ලැබෙන්නේ පොඩි චරිතයක් වුණත්, එතනදි මම රඟපාන්නේ වෙනත් කෙනෙක්ව. ඉතින් වෙන කෙනෙක්ගෙ චරිතයක් නිරූපණය කරන එක හැමවෙලාවෙම අභියෝගාත්මකයි. ඒ අතරින් ITN නාලිකාවෙ විකාශය වුණු R.A.T ටෙලිනාට්‍යයේ මම රංගනයෙන් දායක වුණු අසෙනි කියන චරිතය මට ගොඩක් අභියෝගයක් වුණා කියන්න පුළුවන්.


ඉදිරියට කරන්න ආසාවෙන් ඉන්න චරිත තියෙනවද?


වෙනස් වෙනස් චරිත කරන්න ගොඩක් ආසයි. එතකොට මට එකිනෙකට වෙනස් අත්දැකීම් ගන්න පුළුවන්. හැම තැනම දකින්න ලැබෙන්නෙ නැති චරිත වගේම මගේ දක්ෂතා පෙන්නන්න පුළුවන් චරිත කරන්න ලැබෙනවා නම් මම ගොඩක් කැමතියි.


ඔබ චරිත භාරගන්න කලින් තෝරා ගැනීම් සිදුකරනවාද?


ඔව් අනිවාර්යයෙන්ම. මගේ නමට හානියක් නොවෙන, මට මගේ දක්ෂතා පෙන්නන්න පුළුවන් චරිත තමයි මම තෝරගන්නේ. ඒ වගේම මිනිසුන්ට ඒ චරිතය හරහා මොකක් හරි දෙයක් කියන්න පුළුවන් නම් අනිවාර්යෙන්ම මම ඒ චරිතය භාරගන්නවා.


රංගනය හමුවේ නර්තනය සැඟවිලා ගිහින් වත්ද?


මේ දවස්වල නම් ඇත්තටම මට වැඩත් එක්ක ඒක පොඩ්ඩක් මඟඇරිලා තියෙන්නේ. ඒත් කවදාවත් මම නර්තනය කියන දේ නවත්තන්නේ නැහැ. ඒ පැත්තෙන් ඉදිරියට යන්න ගොඩක් කැමතියි. ඉදිරියේදී නර්තනය පැත්තෙන් විශේෂ දෙයක් කරන්න අවස්ථාවක් ලැබුණොත් අනිවාර්යෙන්ම ඒ දේ කරනවා.


ශයිනිට ආදරය ගැන මොකද හිතෙන්නේ?


ජීවිතය විඳින්න පුළුවන්, සතුටින් ඉන්න පුළුවන් හොඳ කෙනෙක් හමුවුණොත් ආදරය හරිම සුන්දර වේවි කියලා මම හිතනවා.


ඉදිරියේදී එන්න තියෙන අලුත් නිර්මාණ මොනවද?


මම රංගනයෙන් දායක වුණු Once upon a time in galkissa කියන ටෙලිනාට්‍ය ඉදිරියේදී විකාශනය වෙන්න ති‍ෙයනවා

gossiplanka image 1
gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
Previous Post Next Post