විශේෂයෙන්ම විවාහයෙන් පසු කාන්තාවකගේ නිදහස සහ ඉදිරි ගමන පිළිබඳව දුශේනි පැවසූ කතාව අද සමාජයේ බොහෝ දෙනාගේ කතාබහට ලක්ව ඇති අතර, එය බොහෝ තරුණියන්ට මෙන්ම පවුල් ජීවිතවලටද හොඳ ආදර්ශයක් වී තිබෙනවා.
ඇය එහිදී සඳහන් කර සිටියේ, දෙමාපියන් විසින් කුඩා කල සිටම දරුවන්ව යම්කිසි තැනකට ගෙනැවිත් හීන හැබෑ කර පිරිමියෙකුට භාර දෙන්නේ එම හීන විනාශ කර දැමීමට නොවන බවයි.
සමහර පිරිමින් හෝ පවුල්වලින් විවාහයෙන් පසු කාන්තාව නිවසේ පමණක් සිටිය යුතු බවට මතයක් පැමිණිය හැකි වුවද, අදටත් සමාජයේ එලෙස සම්ප්‍රදායිකව සිතන පිරිසක් සිටින බව ඇය පෙන්වා දුන්නා. කෙසේ වෙතත්, එවැනි ජීවිතයකට ඇතුළු වීමට තමන්ට අවශ්‍යතාවක් නොතිබූ බව ඇය අවධාරණය කළා.
තමන්ව තේරුම් ගන්නා සහ තමන් සිටින තැනින් තවත් ඉදිරියට යාමට උදව් කරන සහකරුවෙක් තමන්ට අවශ්‍ය වූ බවත්, චතුරංගගෙන් තමන් දුටු විශේෂිතම කාරණය එය බවත් දුශේනි එහිදී ප්‍රකාශ කළා. තමන්ට ඉදිරියට යාමට ඔහුගෙන් ලැබෙන විශාල ශක්තිය මෙන්ම, තමන්ට අවශ්‍ය පරිදි නිදහසේ ජීවත් වීමට ඔහු තුළින් ලැබෙන විශ්වාසය ඇය අගය කළා.
ENGLISH SUMMARY: Popular Sri Lankan celebrity couple Dusheni Miyurangi and Chathuranga Kodithuwakku recently shared their thoughts on marriage and their life choices during a post-marriage program appearance. Speaking on a woman's freedom and progress after marriage, Dusheni emphasized that parents nurture and support their daughters to achieve their dreams, not to have them destroyed by a partner. While acknowledging that some traditional mindsets still expect women to stay home after marriage, she stated clearly that she had no desire for such a life. Instead, she sought a partner who would understand her and support her growth. She expressed deep appreciation for Chathuranga, highlighting his immense support in pushing her forward and the freedom he gives her to live life on her own terms.