පාරෙ යනකොට මුණගැහුනාම ත්‍රී වීලර් ඩ්‍රයිව අනිවාර්යයෙන්ම නවත්තල කතාකරල යන්නෙ - දර්ශන් තවරාජා

gossiplanka image 2
 

ඔබ පුංචි තිරයේ රසිකයෙක් නම් මේ මුහුණ අලුත් වෙන්න විදියක් නැහැ. මේ දවස්වල ඔබ නරඹන ‘රොන් සොයා’ ටෙලි නාට්‍යයේ ඔහු අපූරු රංගනයක යෙදෙනව ඔබ දකින්න ඇති.


දර්ශන් තවරාජා එක්ක  අපි පුංචි කතාබහක යෙදුණෙ ඔහුගේ කුළුඳුල් සිනමා නිර්මාණය, ‘සුර දෙටුවෝ’ තිරගතවීම නිමිතිකරගෙනයි.



දර්ශන්, කොහොමද ‘සුර දෙටුවෝ හි චරිතයට ලැබෙන ප්‍රතිචාර?

ඇත්තටම ගොඩක් හොඳයි. මම හිතුවෙ නැහැ මේ චරිතයට මේ තරම් හොඳ ප්‍රතිචාරයක් ලැබෙයි කියල, මමත් හරිම ආසාවෙන් මේ චරිතය භාරගත. ක්‍ෂේත්‍රයට එනකොටත් මම කිව්වෙ නෙගටිව් චරිත ලැබෙනව නම් ප්ලේ කරන්න ගොඩක් කැමතියි කියල. මේක තමයි මම බලාපොරොත්තු වෙන දේ.


ඔබ ටෙලි නාට්‍ය බොහොමයක දුෂ්ඨයා වුණා?


ඔව්, මම ගොඩක් ටෙලි නාට්‍ය වල රඟපෑවේ දුෂ්ඨයාගේ චරිතය. නමුත් එපිසෝඩ් සියය පැන්නට පස්සෙ මේ විලන් චරිතය චාටර් කරනව, මට එහෙම හරියන්නෙ නැහැ. විලන් නම් ස්ට්‍රෝන්ග් විලන් කෙනෙක් වෙන්න ඕන. එතකොට තමයි වීරයාගේ චරිතය ඇත්තටම වීරයෙක් වෙලා පෙනෙන්නෙ.


කොහොමද ආරාධනය ලැබෙන්නෙ?


මම ශක්ති ටීවී නාළිකාවෙ ප්‍රසන්ටර් කෙනෙක් විදිහට වැඩ කරන කාලෙ ලක්මාල් අයිය ඩබින් වැඩවලට සිරසට ඇවිත් යනව. ඒ දකින අවස්ථාවලදි අපි හායි කියල කියනව හැරෙන්න ලොකු කතාබහක් අපි අතර වෙලා නැහැ. නමුත් ඔහු මට මේ ආරාධනය කරද්දි කිව්වා, ඒ දවස්වල මාව දකිනකොට හිතුනලු කවද හරි දවසක මේ වගේ වැඩකට පාවිච්චි කරන්න ඕන කියල, ඒ අදහසත් එක්ක තමයි ඔහු මට මේ ආරාධනය කරන, ඒ අතර මම ටෙලි නාට්‍ය කිහිපයකටම සම්බන්ධ වෙලා වැඩ කරපු නිසා ඔහුට ලෙහෙසි වුණා ඒ අදහස සාර්ථක කරගන්න.


සුර දෙටුවෝ ෂුටින් අත්දැකීම ගැන කතා කළොත්?


ඇත්තටම මට මේක ඉතාමත් හොඳ අත්දැකීමක්. ඔහුගෙ ටීම් එකම තමයි මේ වැඩේටසම්බන්ධ වුණේ. ඔවුන් යූ ටියුබ් එකේ වැඩක් කරද්දි කොච්චර එන්ජෝයි කරනවද, ඒ වගේම තමයි මේ වැඩේත් කළේ. මූවි එකක් කියල වෙනම ප්‍රෙෂර් එකක් ගත්තෙ නැහැ.


මුල්ම වතාවට ඔබේ චිත්‍රපටයක් තිරයට එනව?


ඔව්, අපි දමිළ. අපේ පවුලේ අයට හේතුවක් තිබුණෙ නැහැ, නැතිනම් වුවමනාවක් තිබුණෙ නැහැ ෆිල්ම් හෝල් එකකට ගිහින් සිංහල මූවි එකක් බලන්න. නමුත් ෆස්ට් ටයිම් මම රඟපාන සිංහල මූවි එකක් තිරයට එනව. එතැනදි මගේ පවුලේ අයත් මං එක්ක හෝල් එකට එනව මේ චිත්‍රපටය බලන්න. ඒක බලපු වෙලාවෙ ඉඳන් ඔවුන් හැමදෙනාම සිංහල මූවි ෆෑන්ස්ල.


මේ දවස්වල වැඩකටයුතු මොනවද?


මේ දවස්වල ‘රොන් සොයා’ ටෙලි නාට්‍යයේ වැඩකටයුතු කරගෙන යනව. ඒ වගේම අලුත් ටෙලි ඩ්‍රාමා දෙකක් එන්න තියෙනව. තිළිණ බොරලැස්ස අයියගෙ මුල්ම චිත්‍රපටය වන ‘මං හොයන්නෙ ප්‍රේමයක්’ සහ තවත් චිත්‍රපටයක් මේ අවුරුද්දෙ රිලීස් වෙන්න නියමිතව තියෙනව.


රොන් සොයා චරිතය ඔබට විශේෂයි?


‘රොන් සොයා’ අධ්‍යක්‍ෂ නිවන්ත ප්‍රසාර අයිය තමයි මුල්ම වතාවට මෙතැනදි මාව වෙනස්ම විදිහකට යූස් කරන්න පුළුවන් කියල හිතුවෙ. මමත් දන්නව මට හරියනම දේ එක කියල. මොකද මම ඇත්තටම හැදුනෙ වත්තක.එහෙම තැනක චණ්ඩියෙක් වුණාම හැසිරෙන්නෙ කොහොමද කියල මම හොඳින්ම දන්නව.


ලැබෙන ෆීඩ්බැක් එකත් සුන්දරයි?


ඔව්, පාරෙ යනකොට මුණගැහුනාම ත්‍රී වීලර් ඩ්‍රයිව අනිවාර්යයෙන්ම නවත්තල කතාකරල යන්නෙ. ඒකට නම් මාරම සතුටුයි.


ඔබ කැමති දුෂ්ඨයා වෙන්නද?


දුෂ්ඨයා චරිතයක් මට ලැබෙනව නම් ඒක සුර දෙටුවෝ මූවි එකේ වගේ එකක් වෙන්න ඕන. මම කැමති ඒ වගේ විලන් කෙනෙක් වෙන්න.


මුල්ම වතාවට පුළුල් තිරයේ ඔබ ඔබවම දකිනව. පුංචි තිරයත් එක්ක සංසංදනය මොන වගේද?


ඇත්තටම මට පුළුල් තිරය ගැන ලොකු අයිඩියා එකක් තිබුණෙත් නැහැ. මොකද මම ගොඩක්ම ට්‍රස්ට් කරන්නෙ ටෙලි ඩ්‍රාමා නිසා. හේමාල් අයියනම් මට මුණගැහෙන හැම වෙලාවකම කියන්නෙ උඹ මොකක්ද කරන්නෙ, බිග් ස්ක්‍රීන් එකේ වැඩක් කරපන් කියල. නමුත් ඇත්තටම මාව පුළුල් තිරයේ දකිනකොට මට දැණුනා ඒකෙ මැජික් එකක් තියෙනව කියල. ඒ නිසාම තුන් වතාවත් ටිකට් අරගෙන තියටර් එකට ගිහින් මූවි එක බැලුවා.

gossiplanka image 1
Previous Post Next Post