බ්ලූ ෂැඩෝස් මතක මිලාන් අවදි කරයි

gossiplanka image 1
 මිලාන් රුද්‍රිගු, එදා “සඳරේඛා හිනැහේවි මේ රෑ යාමේ” ගීතය ගයද්දී, සංගීත් විජේසූරිය ‘සිරියලතා’ ගීතය ගයමින් එළිමහන් ප්‍රසංග වේදිකාවට ගෙන දුන්නෙ අමුතුම රිද්මයක්. ඉතින් ඒ නිසාම එයාලා හිටපු “බ්ලූ ෂැඩෝස්” සංගීත කණ්ඩායම බොහෝ දෙනාගේ අතර ආදරණීය සංගීත කණ්ඩායමක් බවට පත්වෙලයි තිබුණෙ. ඒ දිනවල එළිමහන් සංගීත කරළියේ පෙරමුණේ සිටි, සෆ්ලර්ව, සන්ෂයින්ලා, මේරියන්ස්, වගේ සංගීත කණ්ඩායම්වලට අමතරව ‘බ්ලූෂැඩෝස්ලාට තිබුණෙත් අමුතුම රසිකාදරයක්. ඒ ආදරය ලබමින් සිටි මේ කණ්ඩායමේ අය පසු කලෙක විසිර ගියත්, අදටත් බ්ලූෂැඩෝස් හිටපු ශිල්පීන්ට දක්වන ආදරයේ අඩුවක් නම් නැති වග පෙනෙනවා. එදා බ්ලූ ෂැඩෝස් හිටපු මිලාන් අද ඉන්නෙ ඇමරිකාවේ. සංගීත් අද එදාටත් වඩා කාර්ය බහුල ‘සනිධප’ සහ එයාගෙම සිංදු නිසයි. බ්ලූෂැඩෝස්ලා ඒ විදිහට මෑතකදී එයාලා එකතු වෙච්ච වෙලාවක ‘සඳරේඛා’ ගීතය ගයමින් සෝෂල් මීඩියාවලට මුදා හැරලා තිබුණා. බ්ලූ ෂැඩෝස් මතකය ප්‍රේක්ෂකාදරයේ යළිත් අලුත් වුණේ ඒ නිසයි.


 එහෙම නේද මිලාන්? බ්ලූෂැඩෝස් මතකය ආපහු අලුත් වෙලා.? ආයෙත් පැරණි කට්ටිය සෙට් වුණේ කොහොමද?


පසුගිය දෙසැම්බරයේදී පුංචි නිවාඩුවකට මම ලංකාවට ඇවිත් හිටියෙ. අපේ දීපාල් (රිදම් ගිටාර්ස්ට්) හමුවක් ලැහැස්ති කරලා තිබුණා.


කොහොමටත් අපේ බෑන්ඩ් එකේ අය අවුරුද්දකට වතාවක් හෝ ඒ විදිහට එකතුවෙනවා. දීපාල්ගේ ගෙදර තමයි තැන. සමහර අවස්ථාවලදී එක එක්කෙනා මිස් වෙනවා. ඒත් එදා සංගීත් ආවා. එයා කාර්ය බහුල නිසා අල්ලාගන්න අමාරුයිනෙ. එදා වාසනාවකට වගේ ඔක්කෝමලා හිටියා. හැබැයි ප්‍රබෝද්ධ එන්න බැරි වුණා.


 අපි අතීතයට යමු. එදා ‘බ්ලූ ෂැඩෝස්’ යාළුවො ටික එකතුවෙලා. කණ්ඩායම හැදුව හැටි කියමු?


එදා මට අහම්බයකින් වගේ නෑදෑයකු මාර්ගයෙන් චන්න එදිරිසිංහ හඳුනාගන්න ලැබුණා. චන්න ගිටාර් වයද්දී මගේ ඥාති සහෝදරයා මගෙත් මල්ලි කෙනෙක් ඉන්නවා, එයාටත් හොඳට ගිටාර් ගහන්න පුළුවන් කියලා. ඒ විදිහට මාව හඳුන්වලා දුන්නා. පස්සෙ දවසක අපේ ගෙදර ආ වෙලාවක, මම ගිටාර් ගහන හැටි දැකලා අපි බෑන්ඩ් එකක් දාමුද කියලා ඇහුවා. ඔයා ලීඩ් ගහන්න කියලා. චන්න එදිරිසිංහ කිව්වා. ඒත්, මම එච්චර උනන්දු වුණේ නැහැ. කීප වතාවක්ම අහද්දී, එක්තරා දවසක හදිසියේම ‘පුහුණුවක්’ ලැහැස්ති කරලා තියෙන්නෙ, එන්න පුළුවන්ද ඇහුවා. ප්‍රබෝද් ඩ්‍රම්ස් ගහනවා, මට ලීඩ් ගහන්න කීවා. කී බෝඩ් ගහන එක්කෙනාට කියන්න යන ගමන් කියලා කණ්ඩායම ගැන කිව්වා. නෑ එහෙම කියන්න අවශ්‍ය නැහැ මගේ යාළුවෙක් ඉන්නවා එයාට කියන්නම් කියලා මම කිව්වා. චමින්ද එක්කර ගන්නෙ ඒ විදිහටයි. එයයි මමයි පොඩි පොඩි වැඩ කරමින් සිටියෙ. පහුවෙනිදා අපි ගිහින් ප්‍රැක්ටිස් කළා. පස් දෙනෙක් තමයි මුලින්ම හිටියෙ. අපි මේක දිගටම කරමු කියලා පසුව යෝජණා වුණා. ඔහොම යද්දී අපි ඉස්සෙල්ලාම වෙඩින් එකකට සංගීතය කළා. පීටර් අයියා කියලා මගේ හිතවතෙක් අපි කණ්ඩායමට ගත්තා. එයා අපට වඩා වැඩිමල්. මට අවුරුදු 16 ක් විතර ඇති. අනිත් අය විසි ගණන්වල පසුවුණේ. අපි හිටියේ කඳානෙ. පීටර් අයියා තමයි. වෙඩින් එක අරගෙන තිබුණෙ. අපට සල්ලි එපා. සවුඩ්වලට විතරක් මුදල් දෙන්න කියලා එයා කි ව් ව ලු .



ඉතින් සවුන්ඩ්ස්න්ස්වලට වියදම් කරලා පුංචි ගණනක් ඉතුරු වුණා. ඒ ඉතිරි සල්ලි ටිකට පීටර් අයියා අතින් තව සල්ලි ටිකක් දාලා පිටකොටුවට ගිහින් නිල්පාට් සෙටින් රෙදි වගයක් අරගෙන ආවා. එතකොට අපට නමක් තිබුණෙ නැහැ. හැබැයි නිල්පාට දිලිසෙන රෙද්දෙන් ෂර්ට්ස් හදාගෙන තිබුණා. පළවෙනි ෂෝ එක විදිහට ආනියාකන්දෙ ජයසමරුගම උදාගම විවෘත කරලා, පුංචි සංගීත ප්‍රසංගයක් සංවිධානය කරලා තිබුණා. අපි තමයි එදා සංගීතය කළේ. නමකුත් එපායැ. මම එතකොට පාසල් සිසුවෙක්. පීටර් අයියා තමයි අපේ පාසලේ කැන්ටිම කළේ. අපේ පාසලේ හිටපු අයිඩා මිස් විවාහවෙලා හිටියේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකු වූ මර්වින් ප්‍රනාන්දු එක්ක. එතුමා අද අභාවප්‍රාප්ත වෙලා. පීටර් අයියා නම ඇහුවෙ එතුමාගෙන්. දවස් තුනකට විතර පස්සෙ එතුමා නම් 3ක් දුන්නා. ඒ අතර ටියුලිප්ස් (Tulips) කියලා නමකුත් තිබුණා. මම කැමැති වුණේ ඒකට. තැප්‍රෝබේන් සහ අනෙක් නම ෂැඩෝස්. වැඩි දෙනෙක් කැමැති වුණේ ෂැඩෝස් නමට. ලෝක ප්‍රකට බෑන්ඩ් එකකුත් තිබුණා. තනියම ෂැඩෝස් දැම්මොත් ඒක කොපියක් වෙන නිසා නිල්පාට ඇඳුම මහන්න දීලා තියෙන නිසා බ්ලූ ෂැඩෝස් ලෙස දාමු කියලා ඒ පාර යෝජනා වුණා. බ්ලූ ෂැඩෝස් නම හැදුණෙ

ඒ විදිහටයි. 1987 දී පටන් ගත්තෙ. සාමාජිකයො 5 යි. පීටර් අයියා කළමනාකරු.ලක්ඛණ, චමින්ද, ප්‍රබෝද්, චන්න මම සහ කණ්ඩායමේ සාමාජිකයින් වුණා.



එදා සිංදු කිව්වෙ කවුද?

 

 

එදා පළවෙනි ෂෝ එකේදි පීටර් අයියා වගේම, ගමේ අය සිංදු කීවා. තව අපි එක්ක එකතුවෙලා හිටපු ජූඩ් සිංදු කිව්වා. ගායකයින් විදිහට මුල් කාලයේදී පීටර් අයියා සහ ජූඩ් කටයුතු කළා.


 එතකොට සංගීත් ආවෙ?


ටික ටික ඉදිරියට යද්දි අවුරුද්දක් විතර යනකොට අපට උඩුගම්පළ වීදියවත්තෙ ෂෝ එකකට ප්ලේ කරන්න ලැබුණා. ඒ ෂෝ එකට සිංදු කියන්න ‘සංගීත්' සහ රන්ජන් නමැති ශිල්පියා ඇවිත් හිටියා. සංගීත්ගෙ දක්ෂතා දැක්කාම, ඒ කාලයේ සෆ්ලවර් ගෙනා හින්දි ගීත රැල්ල එක්ක, රන්ජන් හොඳයි බයිලාවලට. 


සංගීත් ගත්තොත් හින්දි පැත්ත කවර් කරන්න පුළුවන් කියලා අපි හිතුවා. ඒ ෂෝ එකෙන් පස්සෙ තමයි ඒ දෙන්නා‘බ්ලූෂැඩෝස්ලා’ එක්ක එකතු වුණේ. රන්ජන් ලොකු බාලසූරිය පසුව 98 දී ඇමෙරිකාවට ගියා. දැන් එයා ජීවතුන් අතර නැහැ.



'බ්ලූ ෂැඩෝස්ලා' ගැන ලංකාවම හොයන්න පටන් ගත්තෙ? බ්ලාස්ට් වුණේ, කවදාද? මොකක් නිසාද?


ඒක වුණේ, ‘‘සිරියලතා” කැසට් එක නිකුත් කළාට පස්සෙදියි. ඒක අපේ 3 වෙනි කැසට් එක. ඒ වෙනකොට චන්න එදිරිසිංහ සහ ලක්ඛණ එදිරිසිංහ කණ්ඩායමෙන් ඉවත්වෙලා හිටියෙ. වෙන කෙනෙක්ගෙ ප්‍රශ්නයක් නිසා තමයි එහෙම වුණේ. පස්සෙ දීපාල් සෙනෙවිරත්න සහ නිලන්ත ජායෝඑකතු වුණා. ප්‍රබෝර්තමයි ‘සිරියලතා' සිංදු කැසට් එක කරන්න ප්ලෑන් කළේ. ‘සැන්ටි’ තමයි ගීත ලියුවෙ. එයාට සිංදු 7 ක් ලියන්න තිබුණත් 5 ක් විතරයි කරන්න පුළුවන් වුණේ. එයා ඒ දිනවල හරිම කාර්ය බහුලයි. පස්සෙ පහුවදාට රෙකෝඩින් කරන්න ගීත නොතිබුණු නිසා පාන්දර 1ට විතර නැගිටලා සඳරේඛා සහ රන් සොයා මා ගීතය නිර්මාණය කළේ මම. අපි බෑන්ඩ් එකේ අය ඒ දිනවල නිදා ගත්තෙ ප්‍රබෝද්ලගෙ ගෙදර. ඒ ගීත ලියුවෙ, හේමසිරි හල්පිට අයියා.


එතකොට නැගලම ගියේ ‘සඳරේඛා’ ගීතයද?


මම හිතන්නෙ ‘සිරියලතා’ ගීතය. දවසක් ස්ටුඩියෝ එකේදි රෙකෝඩින් කරද්දි සංගීත් මචං, සිරියලතා ඉක්මනටම ජනප්‍රිය වේවි. හැබැයි සඳරේඛා, කවදාවත් මිනිස්සුන්ට අමතක නොවේවි කියලා මුලින්ම අනාවැකියක් කිව්වා.


එතකොට තිබුණු ටොප් බෑන්ඩ්ස් අතරට එදා බ්ලූ ෂැඩෝස්ලට එන්න පුළුවන් වුණේ මොන වගේ හේතුවක් නිසාද?


මම හිතන්නෙ අපේ තුන්වෙනි කැසට් පටය ලෙස ‘සිරියලතා’ එළිදැක්වීමක් එක්කයි. විශේෂයෙන්ම සංගීත්ගෙ සහ රන්ජන්ගෙ තිබුණු විසේකාර ඉදිරිපත් කිර්මි නිසයි. එළිමහන් ප්‍රසංග වේදිකාවට ඒ ගෙන දුන්නෙ තුරුණු ජවයක්. සංගීන්ගෙන් ඇත්තටම ලොකු පරාසයක් කවර් වුණා. ඒවා මිනිස්සුන්ට දැනුණා.


ඉතින්, මිලාන් අද ඇමරිකාවේ ගෙවන ජීවිතය මොන වගේද?


සුන්දරයි. මෙහේට ඇවිත් අවුරුදු 26 ක් විතර වෙනවා.

ප්‍ර‍ේ ඔබගෙ බිරිඳ සහ දරුවන් ගැන කියමු.


මගේ බිරිඳ වෛද්‍යවරියක්. දුවට දැන් 24 යි. උපාධිය අරගෙන එයා දැන් මාස්ටර්ස් එකට ලැහැස්ති වෙනවා. පුතා මේ සැප්තැම්බරයේ ඉඳලා යුනිවර්සිටි යන්න සූදානම් වෙනවා.


පු‍ේ ඔබ මොනවද කරන්නෙ?


බිරිඳ වෛද්‍යවරියක හැටියට සේවය ලබාදෙන අතරේ, එයාගෙම මෙඩිකල් ආයතනයක් පවත්වාගෙන යනවා. ඉතින් ඒ ව්‍යාපාරික කටයුතුවලට මම සහාය වෙනවා. ‘අරලිය’ නමින් මම සහ මෙහි සිටින ශ්‍රී‍ ලාංකීය ශිල්පීන්ගෙන් සමන්විත Band එකක් තියෙනවා. 'රූකාන්ත චන්ද්‍රලේඛා’ ඇමරිකා සහ කැනඩා ආවාම ප්ලේ කරන්නෙ අපි. ඒ වගේම ලංකාවෙන් එන ශිල්පීන්ගේ ප්‍රසංගවලට ප්ලේ කරන්නෙත් බොහෝ විට අපි.


සඳුන් ගමගේ

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
Previous Post Next Post