ජනප්‍රියත්වය කලින් කලට වෙනස් වෙනවා - දුෂේනි මියුරංගි

gossiplanka image 1
  

මෙවර රයිගම් සම්මාන උලෙළේ ජනප්‍රිය නිළිය වූයේ දුෂේනි මියුරංගිය.එම සම්මානය මුල් කරගනිමින් කලකට පසුව ඇය මාධ්‍යයට හෙළි කළ තොරතුරු මෙසේය.


මුලින්ම ඔබ ලැබූ සම්මානයට සදැල්ලෙන් සුබපැතුම්.සම්මානය ගැන මොකද හිතෙන්නෙ.


බොහාම ස්තූතියි. මීට පෙර මම ජනප්‍රිය නිළිය සම්මානය කීප වතාවක්ම ලබලා තියෙනවා. නමුත් මට මේ සම්මානය විශේෂයි. මගේ ජීවිතයේ යම්කිසි පසුබෑමකින් පසුව ආයෙමත් මම මාවම විශ්වාස කරගත්තු තැනක් විදියට මෙය හඳුන්වනවා. ජීවිතයේ එක්තරා පසුබෑමකින් පසුව මම නැවතත් වැඩ කරන්න තීරණය කළා. ඒ නිසා මට 2025 රයිගම් සම්මාන උලෙළේ "ජනප්‍රිය නිළිය "සම්මානය ලැබුණා. ඒ වෙනුවෙන් මා දිරිමත් කළ මගේ ආදරණීය රසික රසිකාවියන්ට මම ස්තුති කරනවා.


ප්‍ර එක්තරා කාලසීමාවකදී සිදුවූ යම් පසුබෑමක් තිබුණත් ඔබ විශ්වාස කළ රසික පිරිසක් හිටියා කියලා හිතනවද....?


ප්‍රේක්ෂක ආදරය හැම මොහොතක තිබුණා කියලා මම විශ්වාස කරනවා. ඔවුන් මම ළඟ සම්මාන තිබුණු කාලය වගේම මම ගාව සම්මාන නැති කාලයේදීත්,සතුටේදි වගේම මගේ දුකේදිත් මාව අත නොහැර මාත් එක්කම හිටියා.


ජීවිතයේ පසුගිය කාලයේදී සිදුවූ පසුබෑම නිසා ඒ කාලේ අපරාදේ කියලා අද හිතෙන්නේ නැද්ද...?


නෑ... මම කවදාවත් එහෙම හිතන්නේ නැහැ. මට හිතෙන විදියට ඒ කාලය තමයි මගේ ජීවිතේ වැඩිපුරම මම මනස යොදපු කාලය වෙන්නේ. ඒ මාස හයක් වගේ කාලයේදී මම මාව වැඩිපුර දියුණු කරගත්තා. ඒ කාලයේ මම වෙනුවෙන් යෙදෙව්වා. ඒ කාලයේදී මම මොනවද කරන්න ඕනේ, මම කොහොමද කරන්න ඕනෑ කියන දේ තේරුම් ගත්තා. එය මගේ ජීවිතේ වෙනස් කරපු කාලයක් කියලා මම විශ්වාස කරනවා.

ඒ ගෙවුණු මාස හය දුශේනි වෙනුවෙන් මොනවද කළේ?


කරන දේ කොහොමද කරන්නේ...? කරන දේට මහන්සි වෙන්නේ කොහොමද.. ඉ කියන දේ මම වැඩි වශයෙන් හිතුවා. ඒ කාල සීමාවේදී "ජහුටා" සම්බන්ධ වෙන්න මර් ජයප්‍රකාශ් සිවගුරුනාදන් අධ්‍යක්ෂණය කළ අවස්ථාව ලැබුණා. ඒ ඔස්සේ නිර්මාණය ඉදිරියට අරගෙන යන්නේ කොවාද මිගේ එක ගැන වැඩි වශයෙන් ශරික සෞඛ්‍යය ගැන වැඩිපුර හොයලා දෙයක්ම වැඩිදියුණු බැරගන්න උත්සාහ කරපු කාලයක්. මම වැඩිපුරම ෆිල්ම් බැලුවා. ගීත ඇහුවා.


ඒ කියන්නේ ජහුටා නැවතත් දුෂේනිගේ ජීවිතේ හැරවුම වුණා. එහෙමද...?


ඔව්... ඒ අවස්ථාව මට ලබලා දුන්නේ එම ටෙලිනාට්‍යයේ නිෂ්පාදිකා චේතනී විජයතුංග මහත්මියයි. මම ජීවිතෙන් ටිකක් මානසිකව වැටිලා හිටපු වෙලාවක ඇයත් සද්ධා මංගල බණ්ඩාර මහතාත්,ජයප්‍රකාශ් ගුරුනාදන් මහතත් මා විශ්වාස කරලා මට "සමාධි" ලබා හරි අවසන් වන හා. පහුටා ටෙලි නාට්‍යය කවද තුරු මම ඉන්නවා කියලා එදා පොරොන්දු වුණා. මම ඒ පොරොන්දුව තියන්නට බලාපොරොත්තු වෙනවා.


 සමාධි බොහෝ තරුණියන්ට කාන්තාවන්ට සමීපයි. එහෙම නේද...?


ඔව්.විශේෂයෙන් විවාහ වුණු කාන්තාවන්ගේ ජීවිතවල අඩු වැඩි වශයෙන් සමාධි ජීවත් වෙනවා කියලා මම විශ්වාස කරනවා. අද වෙද්දි සමාජයේ ඉහළ තලවල, ඉහළ පුටුවල ඉන්න කාන්තාවන් වගේම ගෙවල්වල සිටින ගෘහිණියන් පවා මට මුණගැහුණම සමාධි ඔවුන්ට සමීපයි කියලා කියනවා. ඒ ගෞරවය තිර පිටපත් රචක සද්ධා මංගල සූරිය බණ්ඩාර මහතාට ව ජය ප්‍රකාශ් සිවගුරුනාදන් මහතාට හිමි විය වෙනවා. සමාධි මේ රටේ ජීවත්වන කාන්තාවන ළංවුණා.



ජනප්‍රිය නිළියගේ නාමය ප්‍රකාශ කිරීමත් සමග සම්මානය ගන්නටත් මත්තෙන් දුෂේනි මුලින්ම ගියේ ඔයාගේ තාත්තා ළඟටයි...?


මගේ ජීවිතය අම්මා සහ තාත්තා දෙවිදියකින් මට උදව් කරනවා. අම්මා මාව හරියට තේරුම් ගත්ත කෙනෙක්. මගේ හොඳම යාළුව මගේ අම්මයි. ඒ නිසා මට ඕනෙම දෙයක් අම්මා එක්ක කියන්න පුළුවන්. මගේ වැරුද්දකදී වුණත් අම්මා මාව තේරුම් ගන්නවා.මගේ තාත්තා මා ශක්තිමත් කරන කෙනෙක්. ඒ වගේ දෙමාපියන් ලබන්න මම හරි වාසනාවන්තයි. මම මාව හදාගත්ත ඒ කාල සීමාවේදී මගේ දෙමව්පියෝ කොයිම වෙලාවකවත් එයාලට මාව බරක් කියලා දැනුණේ නැහැ. ඒ දෙන්නා මට මාව හොයාගන්න කළා. එයට කෘතගුණ විදිහට මට එදා මුලින්ම තාත්තා ළඟට යන්න ඕන වුණා. මෙවර ලැබුණු සම්මානය මට විශේෂයි. ඒ නිසා ඒකේ යම්කිසි ගෞරවයක් මගේ අම්මටයි තාත්තටයි හිමිවෙන්නම ඕනේ.


 ජනප්‍රිය නිළිය සම්මානයට අවසන් වරට තේරුණේ දිනක්ෂි සමග දූෂේනි. දිනක්ෂි කියන්නෙත් ජනප්‍රිය නිළියක්. සම්මාන ගන්නට මත්තෙන් දුශේනිට ඇගෙනුත් සුභ පැතුම් ලැබුණා...?


 ඔව්... දිනක්ෂි අක්කා මගෙත් එක්ක මේ සම්මාන උලෙළේ ජනප්‍රිය නිළිය සම්මානයට නිර්දේශ ශිල්පිනියක්. ඉතාම හොඳ ආදරණීය රංගන වගේම ඇය ප්‍රවීණ රංගන ශිල්පිනියක්. ඇය වගේ ප්‍රවීණ, ජනප්‍රිය රංගන ශිල්පිනියක් එක්ක අවසන් දෙදෙනාට නිර්දේශ වෙන්න ලැබීමත් මගේ එක්තරා වාසනාවක්.ජනප්‍රියත්වය කලින් කලට වෙනස් වෙනවා.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post