මිෂෙල් දිල්හාරා.ඇය කවුරුත් ආදරය කරන රංගන ශිල්පිනියකි. එතැනින් නොනැවතුණු ඇය කතුවරියෙකි. සමාජ ක්‍රියාකාරිනියකි. 2018 ශ්‍රී ලංකාවේ පැවති දෙවැනි දකුණ ආසියානු තරුණ සමුළුවේ නිල සත්කාරකයා වූයේද ඇයයි. ගඟ කොළවලට මෙන්ම සතා සිව්පාවුන්ට අසීමිතව ආදරය කරනා මෂෙල් දිල්හාරා මෙවර රයිගම් සම්මාන රාත්‍රියේදී වසරේ වඩාත් ජනගත ටෙලි නාට්‍ය නිළිය ලෙස සම්මාන ලැබුවාය. මේ ඇය සමඟ සදැල්ල කළ කතාබහයි.
ලබා ගත් ජයග්‍රහණය ගැන මුලින්ම කියමු.
මේ වෙලාවෙදි මම ගොඩක් ස්තූති වන්ත වෙනවා රයිගම් ටෙලීස් සම්මාන උළෙලටත්, ගරු විනිශ්චය මණ්ඩලයටත් මේ සම්මානයට මාව නිර්දේශ කළාට සහ එය ලබා දුන්නාට. සම්මානයක් කියන්නේ රංගන ශිල්පියෙකුට හෝ ශිල්පිනියකට ලොකු උත්තේජනයක්. මේ කර්මාන්තයේ නියැළෙන සියලුම රංගන ශිල්පීන්, ශිල්පිනියන්ට ගොඩක් වෙලාවට ඔවුන්ගේ පවුලේ තියන විශේෂ අවස්ථාවන්ට සහභාගී වෙන්න අවස්ථාව ලැබෙන්නෙ නෑ, උදේ 4 ට පටන් ගත්තම එකොළහ දොළහ වෙන තුරු, පාන්දර වෙන තුරු රූගත කිරීම් වලට යන අවස්ථා තියනවා. සමහර මාසවලට දවස් තිහම එක දිගට තියනවා. මේ තියන විඩාව, මහන්සිය මනසට ඇති වෙන පීඩාව නැති කරලා, අපේ ජීවිතය යම්කිසි දිශානතියකට, අරමුණකට කඩන් වැටෙන් නැතුව ගොඩනඟාගෙන යන්න රයිගම් සම්මාන ඉලෙළ මේ කරන දිරි ගැන්වීමට ගොඩක් කෘතඥ වෙනවා, සහ මේ සම්මානය ලැබුණු එකට මම ගොඩක් සතුටු වෙනවා.
ප්‍රමේ ගමනට සහය වුණු අය ගොඩක් ඇති?
2025 අවුරුද්දේ විකාශනය වුණේ රොන් සොයා නානය. ජනගත නිළිය සම්මානය ලැබුණේ එම නාට්‍යයේ හසරැලිගේ චරිතය වෙනුවෙන් මුලින්ම මම ස්තුතිවන්ත වෙනවා හිරු ටීවී නාලිකාවටත් විරාජ් වැලිවත්ත සර්ටත්, නිවන්ත ප්‍රසාද් සර්ටත්, අරුණ ජයවර්ධන මහතාටත්, ප්‍රමෝද වන්නිආරච්චි අක්කාට සහ රොන් සොයා නාට්‍ය කණ්ඩායමටත්, මට හසරැලිගේ වර්තය, ගොඩ නගන්න ලබා දුන් සහයෝගය වෙනුවෙන් ඒ සියලු දෙනාම ස්තූතියි. ඒ වගේම වර්තමාන අධ්‍යක්ෂ පැතුම් ඒකනායක සර්වත් ස්තුතිවන්ත වෙනවා. සමාජ මාධ්‍ය හරහා රොන් සොයා නාට්‍යයේ හසරැලිගෙ චරිතය වෙනුවෙන් comment කරපු, share කරපු, අදහස් පළ කරපු වීඩියෝ නිර්මාණය කරලා සහය දැක්වූ සියලු දෙනාටම ගොඩක් ස්තුතිවන්ත වෙනවා.
ජනගත නිළිය කියන්නේ ප්‍රේක්ෂක ආදරයේ තරම කියවෙන ලොකුම අවස්ථාවක්. ඉතින් ඒ ආදරය ගැන ඔවුන් වෙනුවෙන් මොනව හරි කියන්න ලැබුණොත්?
මම මුලින්ම ස්තූතිවන්ත වෙනවා, රයිගම් ටෙලීස් සම්මාන උලෙළට ජනගතම නිළිය සම්මානය නිර්මාණය කරලා ඒකට විශාල වටිනාකමක් දුන්නට, ඒ හරහා සමාජයට පණිවිඩයක් දෙන්න ඔවුන් ගත්ත උත්සාහයට, මේ කර්මාන්තයේ ඉන්න සියලුම රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් ගොඩක් මහන්සියෙන් හදන ඕනෑම නාට්‍යයක්, මොන නාළිකාවක ගියත් ඒ නිර්මාණය කරන්න නාළිකාව, නිෂ්පාදන කණ්ඩායම් සහ සියලුම නළු නිළියන් ලොකු වෙහෙසක් දරනවා. මේක ක්ෂේත්‍රයේ වැඩ කරන හැම කෙනෙක්ම පුදුම විදිහට කැප වෙනවා. ඔවුන් අධික වෙහෙසක්, දරාගෙනත්, බොහොම ආදරයෙන් කරන කර්මාන්තයක් මේක. ඒත් එහෙම මහන්සියෙන් කරපු නාට්‍ය සමහර වෙලාවට ජනතාව අතරට යන්නෙ නැති වෙලාවල් තියනවා. තවත් වෙලාවට ඒවා ඉතාම ඉහළින් ජනතාව අතරට ගිහිල්ලා විශාල ආදරයක් ලබනවා. මේ ඕනෑම ව්‍යයක් ජනගත වෙන්න ජනතාවගේ සහයෝගය ඕනෑ. කවුද ඇත්තටම ජනප්‍රිය කියලා. අවසානයේ තීරණය කරන්නෙ ජනතාව, අපි වෙනුවෙන් සමාජ මාධ්‍යවලදීත්, මග තොටේදීත් ඒ හැම කෙනෙක්ම දුන්න ආදරයට, රයිගම් ටෙලීස් සම්මාන උලෙළ පෙරළා දක්වපු ගෞරවයක් සහ ආදරයක් විදිහට මේ ජන සම්මානය මම දකිනවා. ඒ හැම කෙනෙකුටම මම හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන් මේ සම්මානය ලබා ගන්න උදව් වුශ්ණු. විහ තොටේදී විශේෂ උත්සවවලදී හමු වූ සහ සමාජ මාධ්‍ය හරහා මට ආදරය දුන්නු හැම කෙනෙකුටම මම හිස නමා ආචාර කරනවා.
ඔබේ විලාසිතාවට ලොකු කැමැත්තක් ගැහැනු ළමයි අතරේ තියෙනවා. ඒ විලාසිතා ඔබටම ආවේණිකයි. ඒ තෝරා ගැනීම් ඔබේමද?
ඔව්. මම සාරිවලට සහ ගවුම් වලට ගොඩක් කැමතියි. සාර්ථය ගොඩක් වෙලාවට මම තෝරගන්නෙ අදින්න පහසු නිසා සහ, ඕනෑම තැනකට අඳින්න ගැළපෙන ඇදුමක් නිසා ගොඩක් වෙලාවට පාටවල් තෝර ගනිද්දිත් තනි පාටවල් තෝරගන්න මම ගොඩක් කැමතියි.
ප්‍රරංගන ජීවිතයේ මේ කීවෙනි සම්මානයද?
මේ කි වෙනි සම්මානය, රයිගම් ටෙලීස් සම්මාන උලෙළෙන් 2019 නැගී වන නිළිය, 2024 ජනහත නිළිය සහ 2025 ජනගත නිළිය සම්මාන 3ක් සහ Popular Awards සම්මාන උලෙළේ තාරුණයේ ජනප්‍රියම නිළිය සම්මානය දෙපාරක් ලැබුණා. සුමුති සම්මාන උලෙළේ 2019 නැගී එන නිළිය සම්මානය, රාජ්‍ය සම්මාන උළෙන් සම්මානයක් සහ Pinnacle Awards සම්මාන උලෙළෙන් 2025 ජනප්‍රියම නිළිය සම්මානය හිමි වුණා, ඔක්කොම සමාන අටක් ලැබී තියනවා.
මේ වෙනකොට සම්බන්ධ වෙලා තියෙන කලා කටයුතු ගැනත් කියමු?
දැනට රොන් සොයා ටෙලිනාට්‍යයේ සහ ටැක්සිකාරයා ටෙලිනාට්‍යයේ රූගත කිරීම කරගෙන යනවා. ඒ වගේම අලුත් ටෙලිනාට්‍ය පහක රූගත කිරීම් කරගෙන යනවා. අරුණ අධි රත්න අධ්‍යක්ෂණය කරන මානාවර් ටෙලිනාට්‍ය, නිවන්ත ප්‍රසාර අධ්‍යක්ෂණය කරන සිරි වෙලිනාට්‍ය, මහේන්ද්‍ර කුලසිංහ අධ්‍යක්ෂණය කරන කෝලම් මුණ ටෙලිනාට්‍යය, සුගත් මාලිංග අධ්‍යක්ෂණය කරන රෝස වෙඩිල්ල ටෙලිනාට්‍ය සහ දිනේෂ් හග්ගල අධ්‍යක්ෂණය කරන එක දවසක් ටෙලි නාට්‍යයේ රූගත කිරීම කරගෙන යනවා.
ඔබේ අනෙක් වැඩ කටයුතු දැන් 'කොහොමද? පහුගිය දවස්වල අනුරාධපුර ගියා නේද?
අනුරාධපුරයේ ජනප්‍රිය media සර් කෙනෙක් ඉන්නවා පුෂ්පික චන්ද්‍රසේකර කියලා, ඒ සර්ගෙ පන්තියක් තියනවා සරසවියට පාර කියන මීඩියා පන්තිය. සර් යටතේ ඉගෙන ගත්ත ගොඩ දෙනෙක් මේ වෙන කොට රංගන ක්ෂේත්‍රයේ වගේම media ක්ෂේත්‍රයේ ඉන්නවා. සමට ළඟදි ආරාධනාවක් කළා එයාගේ media ළමයින්ට ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම් සම්බන්ධව දේශනයක් කරන්න කියලා. අද වෙන කොට අපට ලොකු සටනක් දෙන්න වෙලා තියනවා මේ වැඩි වෙලා තියන ගෝලීය උෂ්ණත්වය අවම කරන්න. අද වෙන කොට අපිට පාරේ බැහැලා යන්න බැරි තරමටම රස්නෙයි. වෛද්‍යවරුන්ගෙන් අපිට අවවාද ලැබෙනවා මේ දවස් වල වතුර ගොඩක් බොන්න, එළියට බහින්න එපා කියලා, පාසල්වල බාහිර ක්‍රියාකාරකම් නතර කරන්න කියනවා උෂ්ණත්වය වැඩි නිසා ඒ නිසා මට හිතුණා සර්ගේ ආරාධනාව පිළිඅරගෙන මේ සම්බන්ධයෙන් පැවැත්වෙන දේශනයට සහභාගි වෙන්න. මේක media පන්තියක්. ඉදිරියේදි මාධ්‍ය ක්ෂේත්‍රයට එකතු වෙන විශාල පිරිසක් මෙතන ඉන්නවා. ඒ අයට විශාල බලපෑමක් ඇති කරන්න පුළුවන් මාධ්‍ය ඔස්සේ මේ ගෝලීය උෂ්ණත්වය පිළිබදව සමාජයට පණිවිඩයක් දෙන්න. දේශනයෙන් පස්සේ සර් ළඟ ඉගෙනගන්න යාළුවො ගොඩක් මට හම්බ වුණා
රංගනයට පිවිසෙනකොට බලාපොරොත්තුවක් තිබුණද මේ වගේ සම්මානනීය චරිතයක් වෙන්න අවස්ථාවක් ලැබෙයි කියලා?
රංගනයට පිවිසි කාලයේ මගේ ඉලක්කය තිබුණෙ හොඳ රංගන ශිල්පිනියක් වෙන්න. ඒ ඔස්සේ මහන්සි වෙලා මම වැඩ කටයුතු කරගෙන යන්න උත්සහ කළා. ඉන් පසුව මට සුදු ඇඳගෙන කළු ඇවිදින් ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂ සුනිල් කොස්තා සහ හමිබවණාට පස්සේ රංගනය පිළිබඳව මට ගොඩක් දේවල් ඉගෙන ගන්න ලැබුණා. එතැනදිත් මට අවස්ථාව හිමි වුණ චාන්දනී සෙනෙවිරත්න, ලක්ෂ්මන් මෙන්ඩිස්, ආනන්ද කුමාර න්නැහෙ, උමයංගනා වික්‍රමසිංහ වගේ ප්‍රවීණ, සම්මානලාභී රංගන ශිල්පීන් ශිල්පිනියන් එක්ක වැඩ කරන්න. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට මට එම අවුරුද පැවති රයිගම් සම්මාන උලෙළේ, සුමති සම්මාන උලෙළේ සහ රාජ්‍ය සම්මාන උලෙළේ නැගී එන නිළිය සම්මානය ලැබුණා. එතනින් එහාට මගේ දිශානතිය වෙනස් වුණා. සම්මානයකින් වෙන බලපෑම මම දැක්කා ඉතින්, රංගන ශිල්පියෙකුට හෝ ශිල්පිනියකට සම්මානයක් කියන්නෙ උත්තේජනයක් සහ මිළ්හකු ශක්තියක්.
පුපවුලේ අය ගැනත් මතක් කරමු?
මගේ පවුලේ මමයි අමයි තාත්තයි නංගිලා දෙන්නයි ඉන්නෙ. මගේ රංගන ජීවිතයේදී ගොඩක් ගන්න තීන්දු එයාලත් එක්ක කතාබහ කරලා ගන්නවා, ඉතින් එයාලගෙනුත් මට ලොකු සහයෝගයක් ලැබෙනවා.
වෘත්තීමය කලා ජීවිතය ගැන මොකද හිතෙන්නෙ?
ඇත්තටම මම ගොඩක් සතුටෙන් මේ වෘත්තීය කරගෙන යන්නෙ. මේක හැමදාම යාවත්කාලීන වෙන කර්මාන්තයක්. හැමදාම ඉගෙන ගන්න ගොඩක් දේවල් තියනවා. ඉතින්, ජ්‍යෙෂ්ඨයන්ගෙනුත් ඒ දේවල් ඉගෙන ගන්න ගමන් වැඩ කටයුතු කරගෙන යන්න උත්සාහ කරනවා.
මොනවාද ඉදිරි බලාපොරොත්තු?
මගේ දෙවනි පොත ලියන ගමන් ඉන්නේ. ඒක ඉක්මනට පළකරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඉන්දියානු සහ දමිළ සිනමාවෙන් අවස්ථා දෙකක් ලැබිලා තියනවා. එයි එකක් මේ වෙන කොට කරගෙන යනවා. දෙවෙනි එකේ ගිවිසුම් අත්සන් කරලා තියනවා. තව සතියකින් දෙකකින් වගේ ඒකත් පටන් ගන්නවා.