වසර කීපයකට පෙරදී ඉෂාරා සදමිණි වඩාත්ම ජනප්‍රිය වුණේ, සිහින පියාපත් නාට්‍යයේ- කේතකි සහ උතුම්- පැතුම් නාට්‍යයේ උත්පලා නිසයි. ඒ ටෙලි නාට්‍ය දෙකට අමතරව ඇය තවත් කීපයකටම දායක වුණා. හැබැයි ඉන් පසුව ටෙලි තිරයේ පෝය නාට්‍යවල දී ඉදහිට දක්නට ලැබුණත් නිතරම ඇයගෙ රඟපෑම් දකින්නට නොලැබුණේ, ඇය ආයුර්වේද වෛද්‍යවරියක ලෙස වෘත්තියේ යෙදෙන නිසයි. ඇයට තිබුණේ වෛද්‍යවරියක වීමේ අරමුණ වුණත් ඒ අරමුණට ළඟා වෙන්න බැරිවීම නිසා ඊළඟට ඇය තෝරා ගත්තේ ආයුර්වේද වෛද්‍ය අංශයයි. හැම දේම වෙන්නෙ හොදටයි කියලා කතාවක් තියෙනවනෙ. කොළඹ වෛද්‍ය විද්‍යාලයට නොතේරුණත්, ඉෂාරා තෝරා ගත්ත ආයුර්වේද වෛද්‍ය අංශයේ දී දේශීය වෛද්‍ය විද්‍යාව ගැන පමණක් නොව, බටහිර වෛද්‍ය විද්‍යාවේ සමහර දේ ගැනත්, ෆාමසි අංශයේ එනම් ඖෂධ පිළිබඳවත්, තවත් බොහෝ දේ ගැනත්, ඇයට හැදෑරීමට සිදුවුණා. ඒ නිසා ආයුර්වේද වෛද්‍යවරියක වීම ගැන අද අයට තියෙන්නෙ ලොකු සතුටක්.
එහෙම නේද ඉෂාරා?
ඇත්තෙන්ම ඔව්, බටහිර වෛද්‍ය විද්‍යාවට වඩා ආයුර්වේද වෛද්‍ය විද්‍යාව ගැන හදාරද්දී අංශ කීපයක් ගැනම හදාරන්න වෙනවා. ඉගෙනීමට ඇති කාලයත් දිගයි. මිනිස්සු අන්තිමට ආයුර්වේදයට එන්නෙ බටහිර බෙහෙත් අරගෙන, කරන්න පුළුවන් සෑම ප්‍රතිකාරයක්ම ලබ්ලා අන්තිමට බැරිම තැනයි. ඉතින් ඒ නිසාම ඒ එන රෝගියාට ආයුර්වේද ක්‍රම අනුව බෙහෙත් දීමට, ප්‍රතිකාර දීමට පෙර අපට දැනගත යුතු සහ අප දැන සිටිය යුතු දේ තිබෙනවා. ඒ නිසා ආයුර්වේද වෛද්‍යවරයකුට යම්කිසි විදිහට ඉගෙනීමට ලැබීම ගැන මට තියෙන්නෙ ලොකු සතුටක්.
ප්‍ර ඉතින් ආයුර්වේද දොස්තර නෝනා, කොහොමද ගෙදර විස්තර?
අනුරයි, මමයි, පූලා දෙන්නයි. ලොකු දුවගෙ නම් ඉසස්ය. පුංචි දියණියගෙ නම්, අභිෂ්වා.
ඉෂාරා, මේ වනවිට වෛද්‍යවරියක ලෙස ' කටයුතු කරන්නෙ කොහෙද?
කොළඹ නවලෝක හොස් පිටල් එකේ. එහි 10 වෙනි මහලේ ඵලයිට් බියුටි ඇන්ඩ් වෙනස් (Elite Beauty and Wellness) by Dr lshara Sandamini නමින් අංශයක් තිබෙනවා. මගේ සේවය ලබා දෙන්නෙ එම අංශයට.
ඉෂාරා, මොකක්ද මේ ‘Wellness' ' (වෙල්නස්) කියලා කියන්නෙ?
මම කලා ශිල්පිනියක ලෙසත් කටයුතු කරනවනෙ, ඒ නිසා මට අවශ්‍ය වුණේ, කැඩුම් - බිඳුම් අංශයට යනවට වඩා, රූපලාවයට සම්බන්ධ අංශයක නිරත වෙමින් ආයුර්වේද වෛද්‍යවරියක ලෙස මගේ වෘත්තියේදී. මිනිස්සුන්ට ලෙඩ හැදෙන්නට පෙර එයින් වැළකී සිටින්නෙ කොහොමද, සාමාන්‍ය ජීවිතයේදී නිරෝගීව ඉන්නේ කොහොමද කියන දේ ගැනත් ඉටු කිරීමටත් උනන්දු වෙනවා. ආයුර්වේදයේදී අපට කියලා තියෙන්නෙ ලෙඩක් හැදෙන්න කළින් වැළකීම තමයි හොඳ කියලයි.
අවුරුදු කාලයේ දී ලෙඩක් නොහැදී ඉන්නව වගේම, හැදුණොත් එයින් වැළකෙන්න පුළුවන් විදිහ ගැන කිව්වොත්?
අවුරුදු කාලය කියන්නෙම ලෙඩ ඇති වීමේ අවස්ථා වැඩි වගේම තියෙන ලෙඩ වැඩිවෙන්න පුළුවන් කාලයක්, හැබැයි අවුරුදු කාල වලදී අපේ සංස්කෘතිය එක්ක බැඳී ඇති චාරිත්‍ර- වාරිත්‍ර කළොත්, අපට නිරෝගීව ඉන්න පුළුවන්. අපි "නොනගතය" ගමු, මේ කාලයේදී "තෙල්- පිටි - සීනි" සහිත ආහාර ගන්න නිසා, නොගතය කියන්නෙම, ඒ දේවල් පාලනය කරන්න ලැබෙන අවස්ථාවක්. හැබැයි ඒ මොහොත විතරක් නොකා ඉඳලා, සීනි වැඩි කෑම වැඩිපුර කෑම අගුණයි. තෙල් - පිටි වැඩිපුර කෑම අගුණයි. සාමාන්‍යයෙන් ඒ ගැන සමාජය දැනුවත්. නමුත් තෙල් - පිටි සහිත කෑමවලට සීනි යොදා ගැනීම අඩු කරලා අපට කැවිලි හදන්න පුළුවනි. පිටි යොදා ගැනීමේ දී ඉස්සර පිටි කෙටුවා. එයින් ව්‍යායාමයක් කාන්තාවන්ට ලැබුණි. අද ටී.වී. එක දිහා බලාගෙනන වැඩි හරියක් ඉන්නෙ. ඒ වගේ තමුන්ගේ චර්යා රටා ගැනත් උනන්දු වෙන්න ඕනෑ. අප්‍රේල් - මැයි මාසවල රස්නේ වැඩියි. ඒ නිසා ජලය පානය කිරීම අත්‍යාවශ්‍යයි. ඒක හොඳටම කළයුතු දෙයක්, වතුර කියන්නෙ ඇත්තටම සිරුරට ඖෂධයක්. ඒ වගේම පුළුවන් නම් විනාඩි 20ක් වත් ඇවිදීම කරන්න. ඒ වෙලාවට කැප් එකක් පලඳින්න, තෙතමනය රැඳෙන ආලේපනයක් හෝ හිරු එළියෙන් සිරුර ආරක්ෂා කෙරෙන ක්‍රීම් වර්ගයක් පාවිච්චි කරන්න. මම මේ විදිහට කියන්නෙ “බියුටි ඇන්ඩ් වෙනස්" පැත්ත ගැනත් හිතලයි.
අවුරුදු කාලයට කට පරිස්සම් කර ගන්න ටිකක් අමාරුයිනෙ? ඒ නිසා තෙල් කෑම කන්නම වෙනවනෙ. නැත්නම් ඉතින් නෑදෑයොත් තරහ වේවි, අවුරුද්දෙවත් කෑවේ නෑ කියලා. කැවිලි ජාති කාලා, තෙල් කෑම කෑ පසු ඒවා- දහනය කර ගන්න මොන වගේ ක්‍රමයක්, ඖෂධයක්ද තියෙන්නෙ?
රාත්‍රියට නින්දට පෙර කුරුඳු කුඩු අවශ්‍ය ප්‍රමාණයට ගෙන හොඳට උණු කරගත් ජලය වීදුරුවකට දලා, තැම්බෙන්න තියන්න. ඉන් පස්සේ පරණ වෙච්ච මී පැණි දාලා - නින්දට පෙර එය පානය කරන්න. පරණ මී පැණිවල සීනි ප්‍රතිශතය අඩුයි. කොලෙස්ට්‍රෝල් පාලනයටත් එය ඉතා හොඳයි.
උදේට උනුවතුර වීදුරුවකට වියා ඇට ටිකක් දාලා මදක් නිවෙන්නට හැරලා, ලෙමන් සහ මි පැණි හැන්දක් දාලා පානය කරන්න. අල - පිත්තය තියෙන අය ලෙමින් දැමීමෙන් වළකින්න. හිස් බඩට මේ ඖෂධ ඉතා හොඳයි.
මම අත්හදා බැලීමක් විදිහට "ගොරකා" වලින් ගුළියක් හැදුවා. ඒකට සුදු ලූනු, උළුහාල්, කුරුඳු කුඩු වගේ දේවල් ඇතුළත් ඒ විදිහට ගුළියක් හදාගෙන මේදය සහිත කෑම කන අතරේ, ඒ ප්‍රධාන ආහාරවේල සමග කෑමට ගැනීමත් හොඳයි.
සමහර අය කෑ විගස ග්‍රීන් ටී එකක් බොනවා. ඒක හොඳයි. ආයුර්වේදයේ හැටියට කරපිංචා තේ එකක් බොන්න පුළුවන් නම් වඩා හොඳයි.
'ඉෂාරා' ඉස්සරට වඩා ලස්සන වෙලා කියලා බොහෝ දෙනෙක් කියනව නේද? මේ විදිහට ශරීර සුවතාව ගැන හිතලා කටයුතු කරන නිසා ද ඒ පෙනුමට හේතුව?
මම කිව්ව දේවල් මට පුළුවන් විදිහට කරනවා. මම දැන් මහත් වේගෙන එන්නෙ කියලා දැනුණොත්, කුරුදු කුඩු පානය කරන එක වගේම, ගොරකා මිශ්‍ර ගුළිය කෑමට ගන්නවා. ඒක මගේ අවශ්‍යතාවය අනුව කරන දෙයක්. සමහර දාට රාත්‍රියට ත්‍රිපලා බොනවා. අරුළු- මුළු- නෙල්ලි අපේ ආහාර ජීර්ණයට වගේම හමටත් හොඳයි. ඊට අමතරව මම ස්වභාවිකව හදාගත්ත රූපලාවණ්‍ය ආලේපන යොදා ගන්නවා. අව්වේ වැඩිපුර හිටියොත්, තක්කාලි ගෙඩියක් අරගෙන ඒකට කෝපි කුඩු මිශ්‍ර කරලා, අවශ්‍ය නම් මී පැණි හැන්දකුත් මිශ්‍ර කරලා, මිශ්‍රණය හදාගෙන අව්වට තදින් නිරාවරණය වෙච්ච තැන්වල ආලේපනය කර ගන්නවා.
ඇස් යට කළු පැහැ වළක්වා ගන්න, අල ගෙඩියක් හොඳට සෝදා බ්ලෙන්ඩර් කරලා, ට්‍රිජ් එකේ තියලා අයිස් කැට විදිහට හදා ගන්නවා. උදේ වැඩට යන්න කලින් ඒ අයිස් කියුබ් අතුල්ලා මුහුණ පිරිසිදු කර ගන්න. එයින් මුහුණට ලොකු ප්‍රබෝධමත් පෙනුමක් ගන්න පුළුවන්.
අව්වේ යනව නම් SOS- 50 ට වඩා වැඩි සන් (Sun) ක්‍රීම් එකක් පාවිච්චි කරන්න.
තෙල් මිශ්‍ර පිශ්ඨ ආහාර ගැනීමෙන් පසු පහසුවෙන් සාදාගත හැකි ආයුර්වේද ඖෂධයක් කිව හැකිද?
ගොරකා- සුදුලූනු, උළුහාල්, කරපිංචා හොඳට අඹරා ගුළියක් හදාගෙන කෑම් සම්ගම් අනුභව කරන්න.