නව නිර්මාණය කළේ මහේන්ද්‍ර සර්ගෙ පුත්තු තුන්දෙනා. විදුර, රවිදු සහ සචිත්‍ර චි වෙලුයි. එතුමාගේ බිරිඳ ප්‍රවීණ ලේඛිකා සිතා මහේන්දුත් ඊට දායක වුණා. මහේන්දු පවුලට අලුතෙන් එක්වුණු ජනනි තම සැමියා සමග භූමිකාවන් රඟපෑම් විශේෂ සිද්ධියක් වුහා.
කවුද මේ ජනනි? මං සචිත්‍රගෙන් ඇසුවා.
ඇය මගේ බිරිඳ අපි දෙන්නගෙම මුල් ගම නුගේගොඩ. අපි ඉගෙන ගත්තෙත්, කලාවට ආවෙත් එකට. දැන් එයා අපේ යුග දිවියටත් පවුලේ කලා නිර්මාණවලටත් සජීවීව ආලෝකය දෙනවා. ඇය ගුරුවරියක්.
ජනතිගෙත් මගෙත් වයස පරතරය මාස ගාණයි.
ඇය මා ළඟට ඇවිත් කෙටි කලකින්ම පවුලේ හැමෝගෙම සිත් දිනාගත්තා. කොච්චරද කිව්වොත් බොහොම දෙනා හිතාගෙන ඉන්නෙ ඇය සර්ගෙ දුවය. මා බෑනාය කියලා'' සචිත්‍ර සිනා සෙමින් කිව්වා.
ඉතින් ජනනිත් කතා කරන්නකෝ..... මං කිව්වා.
මගේ තාත්තා එන්. ජී. සරත්චන්ද්‍ර, එයා විශ්‍රාමික රජයේ නිලධාරියෙක්. අම්මා ගෘහණියක්. හැබැයි දෙන්නාම කලාවට ළැදියි. අම්මාගේ තාත්තා නර්තන ගුරුවරයෙක්. සීයා අම්මාට නැටුම් ඉගැන්නුවා. පුංචි කාලෙ මටත් ගජගා වන්නම් ඉගැන්නුවා. පස්සෙ අම්මාගෙ නැටුම් ගුරුවරයා වුණේ කුලසිරි බුදවත්ත සර්. එයා මගෙත් නැටුම් සර්.
මං ඉගෙන ගත්තෙ කෝට්ටේ ආනන්ද බාලිකාවේ. සමස්ත ලංකා පාසල්නාට්‍ය තරගවලත් රඟපෑවා. “රාහුල් " හඬ පාසල් සඟරාවේ සංස්කරණයටත් එක්වුණා.
මාත් ආසයි ලේඛන කලාවට. සචිත්‍ර හඬ අවදි කළා
මං ගියේ ආනන්දෙට. පුබුදු'' කියන පාසල් සඟරාවේ සංස්කරණයට දායක වුණා. ගුවන්විදුලි නාට්‍ය පිටපත් තරගයෙනුත් දිනුවා. උසස් පෙළ හදාරලා ඇක්වයිනාස් ඉංග්‍රීසි පාඨමාලාවට යද්දි ජනති මුණගහුය. එහෙදි රෝමියෝ ජුලියට් නාට්යයට අපි දායක වුණා.
තාත්තගෙන් තමයි මගෙ කලා හැඟීම් මුවහත් වුණේ. තාත්තගේ තාත්තා පොත් බඳින රැකියාව කළේ. ඒ වගෙම එයාට නාට්‍ය පිටපත් රචනය හා ගීත රචනය වැනි හැකියාවන් තිබුඥ, 'සුදු මාමා'' කියන කෙනා තමයි තාත්ත පුංචි කාල ඊටර් නාට්ය පෙන්වන්න එක්ක ගිහින් තියෙන්නෙ. මං හිතන්නෙ අපට කලාව ආවෙ ජාන වලින්. කැලණි සරසවියෙදි පුණ්‍යතාන්ති විජේනායක ලියු නැවතුණු පොළොව (The Waiting Earth) හා ගිරය කතා ඇසුරින් කළ කෙටි නාට්‍යයක මං රඟ පෑවා. ජපන් තරුණ නෞකා සංස්කෘතික මධ්‍යස්ථානයේදී අපේ අනන්‍යතාව පෙන්වන නාට්‍යයකුත් හැදුවා.
පාසල් සමයෙන් පස්සෙ මං සිංහල හා ඉංග්‍රීසි මාධ්‍යවලින් නවකතා, කෙටිකතා, ශාස්ත්‍රීය නිබන්ධන ජනගත කළා. 2012දී මා ලියු '' දිදුලන දුහුවිල්ල" නවකතාවට හොදම බෞද්ධ නවකතාවට හිමි සම්මානය ලැබුවා. 2018දී රන්හදවත (Goldom Heart) කෙටි කතා සංග්‍රහයට ගොඩගේ සම්මානය පිරිනැමුවා. 2024 දී හොඳම පරිවර්තන ඉංග්‍රීසි ග්‍රන්ථයටත් නිර්දේශ වුණා.
සන්ඩේ ටයිම්ස් තුළින් ඇරඹුණ පුවත්පත් මාධ්‍ය ගමන ඩේලිනිවුස් දක්වා විහිදුණා. මෙම ගමනට මග පෙන්වූයේ තාත්තගේ ශක්තියයි.
ඔය අතරේ මා ලියු සුසීමාරු හය" නවකතාව තාත්තා ඉංග්‍රීසි බසට පෙරළලා මාව පුදුම කළා, මහාචාර්ය සුනිල් ආර්ය රත්නගේ ගීත ගැන කළ නිබන්ධනය සඳහා තාත්තාව අයියලාත් මාත් ජනනිත් කරුණු සොයා දුන්නා. ඒ ඇසුරින් කළ නාට්‍යයේ මාත් ජගනිත් රගපෑවා, මාත් නිකම් හිටියේ නෑ ජනති හඬ අවදි කළා මගේ අම්මයි තාත්තයි කුඩා කාලෙ ඉදන්ම අමිතර පතපොතට මාව යොමු කළා. 2011 දී මං VFM රේඩියෝවේ විදෙස් පුවත් සංස්කාරිකා ධුරය දැරුවා. ගුරු වෘත්තියේ ඉන්දැද්දි තමයි අපේ විවාහය සිදු වුණේ.
අපට කිව්වෙ නෑනෙ ඔයාලගෙ හමුවීම ගැන?
මං කියන්නම් සචිත්‍ර පැවසුවා. අපේ ආදර කතාව පොතකට සුදුසුයි කියලා ප්‍රකාශකයෙකුත් කිව්වා. අපි දෙන්නා ඇසුරට වැටුණේ උපාලි සපුතන්ත්‍රි සර්ගෙ උසස්පෙළ ක්ලාස් එකේදි. ඒ දවස්වල වටිස් ඇප් තියා දුරකථනයක්වත් අපට තිබුණෙ නෑ.
මගේ ආදරය ප්‍රකාශ කරන විදියක් කල්පනා කරද්දි මට මතක් වුර්තා තාත්තා ලියූ බිරිඳ සහ මිතුරිය පොතේ එක ප්‍රේමණීය වැකි පෙළක් මං ඒක දාලා ලියුමක් දුන්නා ජනනිට, එයා බුද්ධිමත් නිසා ඉක්මනට මගේ ඇරයුම තේරුම් ගත්තා. ඒත් අපි දිගටම හිටියේ යාළුවො වගේ.
අපේ සර්ගෙ අධීක්ෂණය අනුව "ඇසුර ' කියා සංවිධානයක් හැදුවා. එමගින් විවිධ වැඩ සටහන් කළා, රජිත දිසානායකගේ '' වීරයා මැර්ලා '' වගේ නාට්‍ය සංවිධානය කළා,
කොහොමද ජනනිගෙ මාධ්‍ය සංචාරය?
මහේන්ද්‍ර තාත්තා මගේ කුසලතාවන් දැකලා ගුවන් විදුලි වැඩසටහන්වලට මා කැටුව ගියා. ප්‍රියන්තිනි ගමගේ හා තාත්තා කළ ලෝකාව ලෝකනය'' විචිත්‍රාංගයේ ශිල්පිනියක වුනා.
එයාගේ වෙකොව් සධ්‍යාව සඳහා 'කුරු' නාට්‍යයක් කළා. එහි ප්‍රධාන චරිතය කළේ රවිදු අයියා. මං කළේ ජුලියා වර්තය. එය අසීරු චරිතයක්. ඒත් ප්‍රේක්ෂක ප්‍රතිචාර හොඳටම ලැබුණා.
මගේ කුසලතා දැකලා රවිඳු අයියා අධ්‍යක්ෂණය කළ සුක්ෂමතාව " කෙටි නාට්‍යයට තාත්තාගේ කොන්ෆියුසියස් යන දැවැන්ත නාට්‍යයට මාව ගත්තා. ළඟදී තාත්තාගේ 80 වැනි ජන්ම දින හා ඇන්ටන් චෙකොව් ගේ 166
වන ජන්ම දින නිමිත්තෙන් වෙව් සන්ධ්‍යාවේ නව නිෂ්පාදනය කළා.
අභියෝගවලට ජනනි කොහොමද මුහුණ දුන්නෙ?
මං හිතන්නෙ පවුලෙ වැඩිමලා මං හින්ද වෙන්න ඇති මෙවර චෙකොව් සන්ධනව පුහුණුවන්න ගියේ මාස හතරයි. ප්‍රවීණයන් සමඟ කටයුතු කරන්න මට තිබු බය නැති කළේ තාත්තා සහ අයියලා. එහි චීන ජුලියාගේ චරිතය කලින් රගපෑවේ මිථිලා චමර්යි. ඒ චරිත මට භාර දුන්නා. ඉතාම සංකීර්ණ කුරු රංගනයක් විත් මගෙ සහය නළු සෙනවිරත්න රුද්‍රිගු මාගේ චරිතය ඔසවා තැබීමට ලොකු ශක්තියක් වුණා.
ඊළඟට ඊට හාත්පසින්ම වෙනස් ' දායාදය' නාට්‍යයේ එන ''පියවතී'' ගේ භූමිකාවක් නවක නිළියක ලෙස සමබරව රගපෑවා කියලා ප්‍රේක්ෂකයා කියනවා,
වෙකොට සන්ධ්‍යාවේ නව නිෂ්පාදනය කළේ රවිඳු අයියා. ඒ වගේ ප්‍රධාන භූමිකාව කළෙත් එයා. මේ දිනවල එයා හිටියෙ එංගලන්තයේ. පාන්දර 3.30ට ඇහැට අප සමග සැටලයිට් අපූරු වගේම අසීරු අත්දැකීමක්. අපි එම අභියෝගයටත් මුහුණ දුන්නා.
අපේ කටයුත්ත ගැන පැහැදිලා නාමෙල් මාලිනි යුවළ පුංචි තියටර් ශාලාව නොමිලයේම දුන්නා. දර්ශනය දවසේ රවිඳු අයියාගේ පැමිණීම අපට ලොකු සැනසීමක් වුස්සා.
තාත්තටයි. අපටයි ඕනෑ වුණේ චෙකොවි සන්ධතාවේ. පරණ රංගන ශිල්පීන්ම නව් නාට්‍යයට එකතු කර ගන්න. ඒත් ඒ අයගෙන් සමහරුන් මිය ගිහින්, සමහරුන් රට හැර ගිහින්. සමහරු කලාව අත්හැරල. ඒ නිසා අලුත් මුණු ගන්න වුණා.
පැරණි නිෂ්පාදනයේ සිටිය අපිත් සිරිමාන්න, සෙනවිරත්න රුද්‍රිගු හා අංගරචන ශිල්පි ජගත් පත්ම සිරි සමග අලුතින් ප්‍රසන්නජිත් අබේසුන්දර, ඉන්දික ජයසිංහ, ඉසුරු ගුණවර්ධන එක්වුණා. අපි එකම පවුලක් වී කටයුතු කළා.
ඉදිරි කටයුතු කොහොමද?
තාත්තා අපට පමණක් නොවෙයි. විශ්වයටම අයිති වස්තුවක් ලෙසයි අප සලකන්නේ. එතුමා නමින් පදනමක් හදලා නාට්‍ය හා සන්නිවේදනය හදාරන විද්‍යාර්ථීන්ට දායකත්වයක් සැලසීමත් තාත්තගේ කෘති සංරක්ෂණය කර නව පරපුරට පරිශීලනය කිරීමට ඉඩ සැලැස්මත් අපේ වෑයමයි.
තාත්තා තාම ක්‍රියාශීලියි. ඕපදූප හා සිල්ලර දේවල් නොව, සමාජයට වැඩදායක දෙයක් නිර්මාණය කිරීමට සැඳෑ කාලයත්, කැප කරලා මේවා නව පරපුරේ අපවත් පූර්වාදර්ශයක්.