පිරිමි ළමයි ටෙලිනාට්‍යයේ ඇඟලුම් ආයතනයේ සේවකයන්ට ආදරෙන් සලකන මිනෝලි මිස් ගැන ප්‍රේක්ෂකයො මේ දවස්වල නිතර කතාබහ වෙනවා. නවක රංගන ශිල්පිනී ඇන්ජි ගුණවර්ධන තමයි පිරිමි ළමයි ටෙලිනාට්‍යයේ මිනෝලි මිස්ගේ චරිතය රඟපාන්නෙ.
ඇන්ජි බොහොම සාමාන්‍ය කෙනෙක් නේද?
ලංකාවෙ සාමන්‍ය පවුලක හැදිලා වැඩිලා මේ වෙද්දි ඩුබායිවල රැකියාව කරන අතරතුර ලංකාවේ රංගන ක්ෂේත්‍රයට සම්බන්ධවෙලා ඉන්නවා.
නිළියක් වෙන්න තීරණය කෙරුවෙ ඇයි ?
මම මුලින්ම රඟපෑවේ පාසල් වේදිකාවෙදි. පුංචි කාලෙ ඉඳලා රංගනයට තිබුණ හැකියාව නිසා වෘත්තීය රංගන ශිල්පිනියක් වීමේ අදහසක් තිබුණා. ඉතින් 2014 වසරේ විකාශය වූ facebook ටෙලිනාට්‍යයෙන් මම මුලින්ම පුංචි තිරයට ආවා. හැබැයි ප්‍රේක්ෂකයො මාව වැඩිපුර අඳුරගත්තෙ ලොක්කි ටෙලිනාට්‍යයේ පාරමීගේ චරිතයෙන්.
නිළියක් වීම ගැන පවුලෙ අයගේ අදහස මොකක්ද ?
පවුලෙ ඉන්නෙ අම්මයි තාත්තයි අක්කයි මල්ලියි. නිළියක් වෙන්න මට පවුලෙ අයගෙන් විශේෂ සහයෝගයක් ලැබුණෙ නැහැ. මගේ තාත්තා ශ්‍රී ලංකා පොලිසියෙ සේවය කරන පොලිස් නිලධාරියෙක්. ඉගෙනගත්ත දේවල්වලින් රැකියාවක් කරනවටයි තාත්තා කැමැති වුණේ. රංගනයෙදි මම කරන දේවල්වලට තාත්තා කැමැතිද නැද්ද කියලා මම දන්නෙ නැහැ. අම්මා නම් මගේ රංගන කටයුතුවලට හයියක්වෙලා ආශිර්වාද කරනවා. මල්ලිත් මගේ රඟපෑම් දැකලා මාව නිතරම අගය කරනවා.
ඇන්ජි ඩුබායිවල රැකියාවට ගියෙ කොහොමද ?
රංගන ක්ෂේත්‍රයට ඇවිත් නිළියක් විදිහට වැඩකරන අතරතුර මට ඩුබායිවල දේපළ වෙළෙදාම් ක්ෂේත්‍රය අශ්‍රිතව රැකියා අවස්ථාවක් ලැබුණා. ඉගෙනගත්ත දේවල්වලින් ප්‍රයෝජනයක් අරගෙන ශක්තිමත් ආර්ථික පසුබිමක් හදාගන්න හොඳ අවස්ථාවක් නිසා මම ඩුබායිවල රැකියාවට ගියා. ඩුබායිවලට ගිය අලුත රැකියාව කරන අතරතුරේදි ලංකාවට නිතර ඇවිත් රූගතකිරීම්වලට සම්බන්ධ වෙන්න අපහසු නිසා මට රංගන කටයුතු මගහැරෙනවා. අවුරුදු කීපයක් ඇතුළත රැකියාවේ ස්ථාවරය ගොඩනගාගෙන ලංකාවට නිතර යන්න එන්න පුළුවන්කම මම හදාගන්නවා.
රසිකයො අතර ප්‍රසිද්ධ වෙන්න ඇන්ජිගේ ඇඟේ හැඩයත් බලපාලා තියනවා නේද ?
මිනෝලි මිස්ගේ චරිතය ප්‍රේක්ෂකයො අතර ප්‍රසිද්ධ වෙන්න මගේ රංගන හැකියාවට අමතරව ඇඟේ හැඩය බලපාලා තියනවා. පෙනුමින් මාව ආකර්ෂණීය විදිහට හඳුන්වන රසික ප්‍රතිචාර මට නිතර ලැබෙනවා. ක්ෂේත්‍රයේ ඉන්න අනිත් සරාගී නිළියො පරදවන සරාගී පෙනුමක් මට තියනවා කියලා රසිකයො කියනකොට මට මං ගැනම ආඩම්බර හිතෙනවා.
ඇන්ජිට තරුණ පිරිමි ළමයින්ගෙන් ලැබෙන ආකර්ෂණය ගැන මොකද හිතන්නෙ ?
මේ දවස්වල තරුණ පිරිමි ළමයි අතරේ මාව නිතර කතාබහ වෙනවා. සමහර පිරිමි ළමයි අතරේ මාව ක්‍රෂ් එකක් වෙලා තියනවා කියලා මට ලැබෙන ප්‍රතිචාරවලින් තේරෙනවා. පිරිමි ළමයි ඇතුළු රසිකයො හැමෝගෙන්ම ලැබෙන ආදරය මේ දවස්වල මාව ගොඩක් තෘප්තිමත් කරවලා තියෙන්නෙ.
ඇන්ජිට ආකර්ෂණය වෙලා ඉන්න පිරිමි ළමයි අතරේ හිතට දැනුණ ආදරයක් තියනවද ?
ඔව්. මට හිතට දැනුණ ආදරයක් තිබිලා තියනවා. හැබැයි දැන් නම් ඒක අතීතයේ මතකයක් විතරයි. එදා ආදරය කරනකොට රණ්ඩුවුණ අඬපු දේවල් දැන් මතක් වෙනකොට හිනා යනවා.
ආදරේ ගැන තියන අත්දැකීම් මොනවද ?
ආදරේ කියන්නෙ පිරිසුදු හැඟීමක්. ආදරය කරපු කෙනාට මම උපරිමයෙන් ආදරය දීලා තියනවා. ආදරය කියන වචනෙ අර්ථයට පවා මම උපරිම සාධාරණය කළා. නමුත් මට ලැබුනෙ ආදරයකට වැඩිය විඳවීම විතරයි. ඉතින් තවදුරටත් මගේ ආදරය බාල්දු කරන්න ඕන නැති නිසා මම එයාට ආදරය කරන එක නැවැත්වුවා. හැබැයි මම අදටත් එයාට වෛර කරන්නෙ නැහැ. කාත් එක්ක හරි කොහෙ හරි එයා සතුටින් ඉන්න ඕන කියලයි මම ප්‍රාර්ථනා කරන්නේ.
ආදරේදි බලාපොරොත්තුවෙන්නෙ මොනවද ?
ආදරයට පෙරළා ආදරයක් බලාපොරොත්තුවීම මායාවක් කියලයි මම විශ්වාස කරන්නෙ.නමුත් මාව මං විදිහට පිළිගැනීම එයාගෙන් බලාපොරොත්තු වෙනවා. මගේ හැසිරීම, පෙනුම, ජීවන රටාව පිළිඅරගෙන මාත් එක්ක එකට ජීවත්වීම හොඳයි කියලයි මම විශ්වාස කරන්නෙ. ආදරය කරනවා කියලා සමහරු අපේ ජීවිතවලට ඇවිත් නීති දාලා එයාට ඕන විදිහට අපිව හදාගැනීම කරන්නෙ. නීති දාලා කෘත්‍රිමව හදාගන්න උත්සාහ කරන ආදර සම්බන්ධතාවලට වැඩි පැවැත්මක් නැහැ. මාව මං විදිහට පිළිගන්න කැමැති ආදරණීය මනුස්සයෙක් මේ ලෝකේ කොහේහරි ඇති.