එයා තමයි මගේ ලොකුම හයිය -තාරා කළුආරච්චි

gossiplanka image 1
 

නිරූපණ ක්ෂේත්‍රයේ දේදුන්නක් සේ පාට ගන්වමින් රංගන තිරයට පායපු ඇය, දැන් දැන් පුංචි තිරය වගේම රිදී තිරයත් තමන්ගේ රංගන ප්‍රතිභාවෙන් ආලෝකවත් කරන්නට වෙහෙසෙන සුන්දර කලාකාරිනියක්. ‘සාජන් පුංචිසෝම’ හි කාන්තා පොලිස් නිලධාරිනියක ලෙසින් ප්‍රේක්ෂක අවධානය දිනාගත් ඇය, තාරා කළුආරච්චි. නිදහසට ආදරය කරන, භාරගන්නා දේ අකුරටම ඉටු කරන තාරා, ඇගේ කලා ලොවේ අලු‍ත්ම තොරතුරු සහ ඉදිරි බලාපොරොත්තු ගැන අප සමඟ පිළිසඳරකට එක්වුණේ මෙලෙසින්.


කවුද මේ හැමෝම හොයන, කතාවෙන තාරා? මුලින්ම ඔයා ගැන විස්තරයකින්ම අපි කතාබහ පටන් ගමු නේද?

තාරා කියන්නෙ හරිම සැහැල්ලුවෙන් නිදහසේ ඉන්න කැමැති ඒ වගේම භාරගන්න වැඩේ හරියටම කරන නිදහස් චරිතයක්.

ඔබ නිරූපණ ශිල්පිනියක් ලෙස නේද ක්ෂේත්‍රයට එන්නේ?

ඔව්. දැනටත් මම නිරූපණ ශිල්පිනියක් ලෙස ඒ වැඩකටයුතුවල නිරත වෙනවා.

ඉතින් ඔබ නිරූපණ ක්ෂේත්‍රයේ සිට රංගන ක්ෂේත්‍රයට පිවිසුණේ කොහොමද?

මාව මුලින්ම රංගනයට ගේන්නෙ ඩිලාන් රෝෂන් අයියා. ඒ මගේ නිරූපණ ක්ෂේත්‍රයේ වැඩකදි ඔහුව මුණගැසීමෙන් පසුව.

ඔබ රංගනයට පිවිසුණු මුල්ම නිර්මාණය මතකද?

සියත ටීවී ඔස්සේ විකාශය වුණු විශ්ව ලංකා අයියගේ එන්කවුන්ටර් 1 වැනි කතා මාලාවෙන් තමයි මම රංගනයට අත්පොත් තබන්නේ.


මේ දවස්වල අලුත් වැඩකටයුතු මොනවද?

පුරුදු පරිදි රංගන කටයුතු වගේම බ්‍රයිඩ්ල් ෂූට්ස් තමා මේ දවස්වලත් වෙන්නේ, මොකද මම වැඩිපුරම කරන්නෙ මනමාලියක් ලෙස ඡායාරූපවලට පෙනීසිටීම නිසා.

ඔබ ‘සාජන් පුංචිසෝම’ චිත්‍රපටයේ කාන්තා පොලිස් චරිතයක් නිරූපණය කරනවා. කොහොමද ඒ අත්දැකීම?

ඒක මරු, වෙනස්ම අත්දැකීමක්. මොකද පාරෙ ගියපු ඇත්තම වාහන පවා නතර කළා ඒ වෙලාවෙ. අනික උදයකාන්ත සර්ගෙ දෙවැනි වැඩේ මම සම්බන්ධ වුණු, ඒ නිසා සර්ට ස්තුතිවන්ත වෙනවා මාව තෝරාගත්තට.

ඔබට නිරූපණ ක්ෂේත්‍රයෙන් සමුගෙන දිගටම රංගනයේ යෙදෙන්න අවස්ථාව ලැබුණොත් මොකක්ද ඔබ තෝරගන්නේ?

මොඩ්ලින්වලින් සමුගන්න නම් අදහසක් නෑ. පුළුවන් කාලයක් කරන් යනවා. ඒ වගේම රංගනය පැත්තෙනුත් හොඳ නිර්මාණවලට දායකත්වය ලබාදීමට කැමැතියි.

ඔබ රඟපෑමේදී චරිත තෝරාගැනීමක් කරනවද?

අනිවාර්යයෙන්. ඒ වගේම මට මෙතෙක් කල් ලැබුණු චරිතවලට මම හරි කැමතියි.

ඔබ රංගනයේ ප්‍රවීණයන් සමග වැඩ කරලා තියෙනවා. එයාලගෙන් ලැබෙන සපෝට් එක කොහොමද?

ප්‍රවීණයන් සමග වැඩකරන එක අපිට මාර උදව්වක් වෙනවා. මම රංගනයෙන් දායක වුණු හැම නිර්මාණයකම වගේ මට එහෙම වෙලා තියෙනවා. අනෙක මම හරි ආසයි මගේ වැරදි අඩුපාඩු අහලා හදාගෙන ඉදිරියට යන්න.

පවුලේ විස්තර සහ ඔවුන්ගේ සහයෝගය?

අම්මා, තාත්තා, අයියලා දෙන්නෙක් වගේම නංගි. ඒ වගේමයි මගේ හස්බන්ඩ් පවන් මිනෝන්. එයා තමා හැම දේටම මට උදව් කරන්නෙ. මේ වෙනකොට ඔහු විදේශගතව ඉන්නෙ. එයා තමයි මගේ ලොකුම ශක්තිය.

ලැබෙන නිර්මාණ ගැන සෑහීමකට පත්වෙනවද?

ඔව්, ඒ වගේම ඒ හැම චරිතයකටම මගේ රංගනයෙන් උපරිම සාදාරණයක් ඉෂ්ට කරන්න මම උත්සාහ කරනවා.

අනාගත බලාපොරොත්තු මොනවාද?

මුලින්ම හොඳ පවුල් ජීවිතයක් ගතකරන්න වගේම හස්බන්ඩ්ට හොඳ වයිෆ් කෙනෙක් වෙන්න. ඒත් එක්කම ලැබෙන නිර්මාණ මට ගැළපෙන ඒවා නම් අනිවාර්යයෙන් රංගනයෙන් එකතු වෙන්නත් බලාපොරොත්තු වෙනවා.


කල්ප මේනක පීරිස්

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5

Previous Post Next Post