මගේ ගීතය අහපු වෙලේ ඉඳන් අංජලී අඬනවා - මහේෂා සඳමාලි

gossiplanka image 1
 

මහේෂා සඳමාලි ගායනා කරන "නුඹට මල් පිපුණාදෙන්" ගීතය පහුගියදා කොළඹ pvr සිනමා ශාලාවෙදි කලාකරුවො රැසකගේ සහභාගිත්වයෙන් රසිකයන්ට එළිදැක්වූවා. ඒ ආකාරයට උත්සවාකාරයෙන් එළි දැක්වූ මහේෂාගේ අලුත්ම ගීතයේ විශේෂත්වය දැනගන්න ඇයට කතා කළා.




මහේෂා ගායනා කරන "නුඹට මල් පිපුණාදෙන්" සිංදුව හැදුණෙ කොහොමද ?




මගේ සංගීත පන්තියේ ශිෂ්‍යයෙක්වන ගිහාන් මෙන්ඩිස් මට ආරාධනා කළා ඔහු ලියපු 8.45 නවකතා පොත ආශ්‍රයෙන් සිංදුවක් කරන්න. ඉතින් ගිහාන්ගේ ආරාධනාව භාර අරගෙන නුඹට මල් පිපුණා දෝ සිංදුව කරන්න මම තීරණය කළා. නුඹට මල් පිපුණාදෙන් සිංදුවෙ වචන නිර්මාණය කළේ නාමල් ජයසිංහ මල්ලි. මගේ මල්ලි ක්‍රිෂාන් කරුණාරත්න තමයි මේ ගීතයේ තනුව සහ මියුසික් නිර්මාණය කළේ. සිංදුව තවත් ලස්සන කරන්න ශිරාන් මන්නක්කාරගේ අධ්‍යක්ෂයෙන් ලස්සන මියුසික් වීඩියෝවකුත් අපි කළා. මියුසික් වීඩියෝව වෙනුවෙන් අපිත් එක්ක රංගන ශිල්පී සචින් ලියනගේ එකතු වුණා. ඉතින් අපි සියලු දෙනාගෙම එකතුවෙනුයි නුඹට මල් පිපුණාදෙන් ගීතය නිර්මාණය වුණේ.




සිංදුවෙ තේරුම මොකක්ද ?




නුඹට මල් පිපුණාදෙන් සිංදුවෙ තේරුම තමයි තමන් ආදරේ කරපු කොල්ලො වෙන කෙල්ලෙක්ට සමීප වීමත් තමන්ගේ දුක හංගගෙන ඒ දෙන්නට හදවතින්ම සුබ පැතීම.




සිංදුව අහපු මුල්ම රසිකයො කවුද ?




සිංදුවෙ මුල්ම ඇහුවෙ මගේ සංගීත පන්තියෙ ළමයි. සිංදුව අහලා එයලාට ඒ ගැන කියන්න වචන එන්නෙ නැතුව ඇඬුවා. නුඹට මල් පිපුණාදෙන් සිංදුව ඇහුවම තමන්ගෙ යටගිය මතක ඇවිස්සෙනවා. ඉතින් සිංදුව අහපු ⁣ගොඩක් දෙනාට ඇඬෙනවා. ගායන ක්ෂේත්‍රය තුළ මගේ හොඳම යාළුවො දෙන්නා අංජලී හේරත්ටයි, ෆැලන් ඇන්ඩ්‍රියටයි මේ ගීතය මම අහන්න දුන්නා. අංජලිත් ගීතය අහපු වෙලේ ඉඳලා අඬන එකමයි කළේ. ෆැලනුත් බලාපොරොත්තු වුණේ නැහැ⁣ මම මේ විදිහට සංවේදි ගීතයක් නිර්මාණය කරයි කියලා.




මහේෂාගේ සිංදු අහලා රසිකයො සංවේදි වෙනකොට දැනෙන හැඟීම මොකක්ද ?




ගායිකාවක් විදිහට ප්‍රේක්ෂකයන්ට දැනෙන විදිහට ගීත නිර්මාණය කළ යුතුයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් රසිකයො මගේ ගීතය සංවේදි විදිහට වැලඳගන්නවා දකිනකොට මට පුදුම සතුටක් දැනෙන්නෙ.




මහේෂා නුඹට මල් පිපුණාදෙන් සිංදු එළිදැක්වූවෙ ප්‍රසිද්ධ උත්සවයක් තියලා..




ඔව්. නුඹට මල් පිපුණාදෙන් ගීතයට පාදක වුණ 8.45 නවකතාවේ කර්තෘතුමා ගිහාන් මේන්ඩිස්ගේ අදහසකට අනුවයි අපි pvr සිනමා ශාලවේදි කලාකරුවන් ඇතුළු ආරධිත අමුත්තන් ඉස්සරහා ගීතය එළි දැක්වූවෙ. ඒ මොහොතෙ රීදී තිරයෙන් නුඹට මල් පිපුනාදෙන් මියුසික් වීඩියෝව නරඹපු හැමෝම හොඳ ප්‍රතිචාර ලබා දුන්නා.


මහේෂා අනිත් ගායක ගායිකාවො එක්ක නිතර හිතවත්ව ආශ්‍රය කරන ගායිකාවක්. 




ගායන ක්ෂේත්‍රය තුළ ඊර්ෂ්‍යාකාර පුද්ගලයො නැද්ද ?




ගායන ක්ෂේත්‍රය තුළ මම නිතරම ආශ්‍රය කරන්නෙ ඊර්ෂ්‍යාකාර සිතුවිලි නැති පුද්ගලයො. ඒ නිසා මට ප්‍රශ්න අඩුයි. හොඳ මිනිස්සු අතරෙ ඊර්ෂ්‍යාකාර පුද්ගලයොත් ක්ෂේත්‍ර​ෙය් තුළ හම්බෙලා තියනවා. හැබැයි ඒ අයව වැඩිය ජීවිතයට ළං කරගන්නෙ නැතුව ඈත් කරලා තියාගන්න මම නිතරම උත්සාහ කරනවා.




මහේෂා පුංචි ළමයින්ටත් සංගීතය උගන්නනවා. පුංචි ළමයි එක්ක වැඩකරන අත්දැකීම කොහොමද ?




මගේ සංගීත පන්තිවල මම ගොඩක් ආසාවෙන් උගන්නන පන්තිය තමයි පුංචි ළමයිගේ පන්තිය. පුංචි ළමයිගේ හිත් කිලිටි නැහැ⁣. කතාවට කියනවනේ පුංචි ළමයිගේ හිත් මල් වගේ කියලා. ඒක ඇත්ත කතාවක් කියලා පුංචි ළමයි එක්ක වැඩකරනකොට මම තේරුම් ගත්තා.




මහේෂට ලස්සන රූපයක් තිබිලත් රංගන ක්ෂේත්‍රයට එන්නෙ නැත්තෙ ඇයි ?




ගොඩක් දෙනා මගෙන් අහනවා රඟපාන්නෙ නැත්තෙ ඇයි කියලා. පුංචි කාලෙ ඉඳලා මට ඕන වුණේ ගායිකාවක් සහ ගුරුවරියක්⁣ වෙන්න. ඉතින් මම සංගීතය හදාරලා ඒ හීන දෙකම සැබෑ කරගත්තා. අද මම වෘත්තීය ගායිකාවක් සහ ගුරුවරියක් වෙලා ඉන්නෙ සංගීත විෂය සම්බන්ධව නිසි අධ්‍යාපනය ලබලා. යම් වෘත්තියක නියැළෙන්න ඒ පිළිබඳ දැනුම සහ හැදෑරීම තියෙන්න ඕන කියලා මම විශ්වාස කරනවා. ඉතින් කවදාහරි මම රංගන ක්ෂේත්‍රයට එනවා නම් එන්නෙ රංගනය ගැන හැදෑරීමක් කරලා. ඉදිරියෙදි අපි ඒ ගැන බලමු.




විලාසිතා ගැන සැලකිලිමත් වෙන්නෙ කොහොමද ?




මම ගුරිවරියකට අමතරව ගායිකාවක්. ඉතින් ළමයි ඉස්සරහා ගුරු ගෞරවය රැකෙන විදිහෙ විලාසිතාත් පන්ති කාමරයෙන් එළියෙදි ගායිකාවක් විදිහට ආකර්ෂණීය විලාසිතාත් මම කරනවා. සාරිය සහ කුර්තාව තමයි මගේ ප්‍රියතම ඇඳුම් විලාසිතාවන්. මාව ආශ්‍රය කරන ගෑනු ළමයිනුත් මාව අනුකරණය කරලා සාරි සහ කුර්තා විලාසිතා කරන්න පුරුදුවෙලා ඉන්නවා.




සිංහල අලුත් අවුරුද්ද එක්ක ⁣විශේෂ වැඩ මොනවද ?




බාචි සුසාන් අයියා එක්ක එකතුවෙලා මම ගායනා කරපු යුග ගීතයක් තියනවා ඉදිරියෙදි එන්න. මගේ මල්ලි එක්ක ගායනා කරන යුග ගීතයකුත් ඉදිරියෙදි රසිකයන්ට අහන්න පුළුවන්. ඊට අමතරව මේ වසරේ තිරගතවෙන්න තියන චිත්‍රපට අතුරින් චිත්‍රපට ගීත 6 ක් මම ගායනා කළා. ඉදිරියෙදි ඒ ගීත සියල්ල රසිකයන්ට අහන්න පුළුවන්.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post