මේධා, ඔබ දන්නවද ඔබගෙ නාමයෙහි තේරුම?
පාලි භාෂාවේ තේරුමට අනුව ' නුවණ' කියලයි අපේ තාත්තා කිව්වෙ, තාත්තා තමයි මේඩා කියලා මට නම් දාලා තියෙන්නෙ.
මේධාගෙ පවුලේ කවුරු කවුරුද ඉන්නෙ
අම්මියි තාත්තයි මමයි නංගියි.
නංගි කලා කටයුතුවලට සම්බන්ධ නැද්ද?
නංගි විදුහල්පතිනියක්, පොකුණුවිට ප්‍රදේශයේ පාසලක, ඇය විවාහකයි. දරුවෝ දෙන්නෙක් ඉන්නවා.
මේධාගෙ අම්මා තාත්තා මොනවගේ රැකියාද කරන්නෙ?
තාත්තා විදුහල්පතිවරයෙක්. අම්මා ගුරුවරියක්. ගුරු පවුලක් කිව්වොත් හරි.
ඇයි නුවණක්කාර මේධාට ඒ වගේ වෘත්තියකට යන්න බැරි වුණේ?
බැරි වුණේ නැහැ. මත් විශ්ව විද්‍යාල අධ්‍යාපනය හැදෑරුවා. ශාස්ත්‍රවේදී උපාධියක් තියෙන්නෙ. සිංහල, ජන සන්නිවේදනය, මුද්‍රිත කලා ඒ උපාධියට ඇතුළත් නිසා, මම නිරතවෙලා සිටින අංශයට අදාළ උපාධියක්.
මේධා, ඔබ ගැන වැඩි දෙනෙක් මේ දිනවල කතා වෙන්නෙ ‘බැද්ද අද්දර’ නන්දනීගෙ චරිතය නිසා නේද?
අනේ ඔව්. යන හැම තැනකදීම හමුවන මිනිස්සු මා එක්ක කතා කරන්නෙ ඒ ගැනයි.
මේ විදිහට එකපාරටම ඇවිත් ගිනි පුපුරක් වගේ පුපුරලා, මේධා ආයෙත් දැකගන්න නැති වෙනවා. ඇයි ඒ?
වර්තයක් බාර ගනිද්දි ඒකෙ මට යමක් ඉදිර්පත් කරන්න තියෙන වනම්, කැමත්තෙන් ඒක බාර ගන්නවා.
එතකොට බැද්ද අද්දර නන්දනීගෙ චරිතය බාරගත්තෙ කැමැත්තෙන්ද?
මුලදි කැමැත්තක් තිබුණෙ නැහැ. ඇත්තම කිව්වොත් මම ඒ වර්තය බාරගත්තෙ අභියෝගයක් විදිහට. එහි අඳින පලඳින විදිහ වගේම සිප ගැනීමට වගේ තියෙන දර්ශන ඇතුළත්ව තිබූ නිසා මුලදි මට තිබුණු ලොකු බයක්, නන්දනීගෙ ඒඒ සෙක්ස් විදිහෙ රූප රාමු නිසා මොන වගේ ප්‍රතිචාර ලැබේ විද කියන බව තමයි මට තිබුණෙ. හැබැයි, අධ්‍යක්ෂ බුද්ධික ලොකුටිය. මව් ඒ චරිතය ගැන වටහලා දුන්නා. නන්දනී සැම දෙයක්ම කළේ දඩයක්කාර සැමියා බේරාගන්නයි. සැමියාට එරෙහි වෙච්ච අය එක්ක සමීප වේලා ඇය උත්සාහ ගත්තේ සැමියාව. ඒඒ පජයගෙන් තෝරා ගන්නයි. ඇත්තම කිව්වොත් ඒ පිටපත හරි ලස්සනයි. ඒ නිසාමනන්දනීගෙ වතය අත්හරින්න ලෝබ හිතුෂ්ක.
මේධාට හොද රංගන ධාරිතාවයක් තිබුණට ඇයි නිතර චරිත එක්ක හමු නොවන්නෙ? වර්ත ලැබෙන්නෙ නැද්ද?
මම හිතන්නෙ චරිත ලැබෙන්න වාසනාවකුත් තියෙන්න ඕනෑ, නන්දනී වගේ චර්තා කරන්න මට අවස්ථා ලැබුණ හරි අඩුවෙන්. මම රඟපෑව සමහර නිර්මාණ විකාශය වුණෙත් නැහැ. ඇත්තාම ලොකු පරාසයකින් රඟපාන්න තියෙන වාර්තා ලැබුණේ හරි අඩුවෙන්, හැබැයි මේ දිනවල මම වර්තයක් රඟපාන 'Knockout' නාට්යයේ රඟපාන වර්තයට මම ආසයි. ඒකත් 'බැද්ද අද්දර නන්දනීගේ චරිතය හා සමාන ගති ඇති වරිතයක්. · පුේ බැද්ද අද්දර චරිතය වගේම මේධා රඟපාන Knockout චරිතය සහ ඊට පෙර රඟපෑ චරිත සැසඳුවොත්, ඒ ඔක්කොම ලිංගිකත්වය ඉස්මතු වෙලා පෙනෙන චරිත, මේධා ඇයි එකම ස්වරූපයේ චරිත ලැබෙන්නෙ? වේලාවකට මට හිතෙන්නෙ මාව ඒ වගේ වර්ත වලට කොටු කරලද කියලයි. හැබැයි වී වර්තවල මතුපිටින් පෙනෙන දේ දිහා නෙවෙයි. අපි බලන්නට ඕනෑ, රංගන ශිල්පිනියක් විදිහට ඒ වාර්ත ඇතුළෙ රගපෑමෙන් කළ හැකි දේ බොහෝමයි.
මේ වගේ චර්ත ඉදිරිපත් කළාම, බාහිර සමාජයේදී ලැබෙන පුතිචාර ගැන සෑහීමකට පත් වෙනවද? ඒ කියන්නෙ සැබෑවටත් ඒ චරිත විදිහට සසදන්න ගියොත්?
මෙහෙමයි. ඒ වගේ චරිත නොකළත්, නිළියක් දිහා සමහරු බලන්නෙමි වැරදි ආකල්පවලින්.
එවැනි අය දිහා මේධා බලන්නෙ මොන විදිහටද? ඒ වගේ අයට මේධාට දෙන්න පුළුවන් ඍජු පිළිතුර?
ලෝකය අපි දකින්නෙ අපේ බුදුද්ධි මට්ටම, සමාජ මට්ටම් සහ චින්තන මට්ටම අනුවයන. හැබියි ඒක විහෙම නෙවෙයි. සමහර අය හිතන විදිහ අනුව අපි තේරුම් කරලා දුන්නත් එයාලා ඒක පිළිගන්නෙ නැහැ. ඒ වගේ අයගෙ ප්‍රතිචාර එක්ක ගැවෙනවට වඩා පාඩුවේ නිශ්ශබ්දව සිටීම වඩා හොඳයි.
ඒ කොහොම වුණත්, අනවශ්‍ය විදිහට කතා කරන අයගෙන් ලැබෙන ප්‍රතිචාරවලට මේධා ප්‍රතිචාර දක්වන්නෙ කොහොමද?
කවුරු හරි අනවශ්‍ය විදිහට ඇමතුමක් හෝ දුන්නොත්, බිබ්ලොක් කරලා දානවා. උත්තර දෙන්න යන්නෙත් නැහැ, අපේ ලංකාවේ සමහර පිරිමින්ට සහ සමහර ගැහැනු අයට සෙක්ස් ඇරියස් එකක් තියෙන්නෙ. ඒක මම හිතන්නෙ අපේ සංස්කෘතිය එක්කම් හැදිච්ච දෙයක්. මොන තරම් නම් ළමයින් දවසකට දුෂණය වෙනවද මහා ලොකුවට දෙදහස් පන්සියයක උරුමය ඉතිහාසය කිව්වට, මහලු කාන්තාවකට පවා සමහර අය අතවර කරනවනෙ. අපේ රටේ සෙක්ස් කරන්න හදන්නෙමි ලහත්කාරයෙන් වශේන, හැකියි. බටහිර සමාජයේ ලහත්කාරයෙන් සෙක්ස් කරන්නෙ නැහැ තමුන් කැමති කෙනාග කැමත්ත මත විතරයි එහෙම වෙන්නෙ. අපේ රටේ ලිංගිකත්වය කියන තැනදී විතරක් නෙවෙයි. ජීවිතයේ බොහෝ තැන්වලදි ඇර්යස් තියෙන්නෙ, ෆෝන් එකෙන් රට ලෝකය ගැන කොච්චර දැනගන්න දේවල් තියෙනවද ඒත් දැනුම සහ රසවින්දනයට වඩා වෙනත් දේ වෙනුවෙන් තමයි ෆෝන් එක පාවිච්චි
කරන්නේ.
මේ විදිහට අදහස් දක්වන මේධා සැබෑ ජීවිතයේදී මොන විදිහද?
ලොකු බලාපොරොත්තු ටාගට් තියාගෙන ජීවත්වෙන කෙනෙක් නෙවෙයි. එන විදිහට මුහුණදීන ඉස්සරහට යන කෙනෙක්. ටාගට් නැති එක සමහර විට මගේ දුර්වලකමක්ද කියලා දන්නෙ නැහැ. ගත වෙන මොහොත විද්‍යාලා, සතුටින් ජීවත් වන කෙනෙක්. මිමි හිතන්නෙ මම බොහෝම සාමාන්‍ය කෙනෙක්.
ප්‍රේ ගෙවී ගිය ජීවිතයෙ කළ කී දේ ගැන, ගත්ත තීරණ ගැන පසුතැවෙනවද? නැත්නම් ඔබ හරි කියලා හිතනවද?
මම පෙරවීණ පිට හොඳයි කියලා හිතන ජාතියෙ කෙනෙක්. කවදාවත් ජීවිතයේ පසුතැවෙන කෙනෙක් නෙවෙයි. මගේ වර්ත ලක්ෂණ අනුව මම ඒ විදිහයි. අනෙක මිට ජීවිතයේ යම් දෙයක් අත්හරීන්න හිතුණොත්, අත්හර්න කෙනෙක්. එහෙම නැතුව ඒකම ඕනෑය කියලා ඇලී ගැලී ඉන්න කෙනෙක් නෙවෙයි. දවසක් මගේ ගෙදරට හොරු ඇවිල්ලා රත්තරන් බඩු ඔක්කෝම අරගෙන ගියා. අම්මා හොඳටම අඬද්දී මම හිනා වුණා. මේ කිට කිසි ගාණක් නැහැන කියනා ඒ පාර පිම්මා කිව්වා. එතනින් එහාට මම නැතිවෙච්චි රත්තරන් බඩු පස්සෙ ගියේ නැහැ. ඒක අමතක කළා, ආසාව අත්හැරියාමි දුකක් නැහැ.
මේධාට අත්හරින්නම බැරි?
දරුවා. ඒක.මට විතරක් නෙවෙයි. ලෝකයේම හෝ මව්පියන්ගේ ස්වභාවයනේ.