හැමදාම දකින නිසා ප්‍රේක්ෂකයන්ට මාව අමතක නැහැ -තත්සරණී පියුමිකා

gossiplanka image 1
 

සිනමාව මෙන්ම ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේද ප්‍රේක්ෂක හදවත් දිනාගනිමින් එකිනෙකට වෙනස් චරිත ඔස්සේ සිය රංගන කුසලතාව ඔප් නංවාගෙන ඇති ඇය මේ දිනවල විකාශය වන නිර්මාණ කිහිපයක් ඔස්සේම ඔබ හමුවට එන්නීය. අද අප හා එක්වන ඇය වත්මන් කලා ක්ෂේත්‍රයේ කාර්යබහුලම රංගන ශිල්පිනියක වන තත්සරණි පියුමිකාය.


කොහොමද තත්සරණී, මේ දවස්වල වැඩ කටයුතු?


මේ දවස්වල විකාශය වන ටෙලි නිර්මාණ දෙකකට සම්බන්ධ වෙලා ඉන්නවා. ඊට අමතරව තව අලුත් නාට්‍ය දෙකක් එන්න තියෙනවා. තව ෆිල්ම් එකකුත් එන්න ති‍ෙයනවා. මේවත් එක්ක තමයි කාර්යබහුල වෙලා ඉන්නේ.


ඔබ කලාවට පිවිසි අතීතය සිහිපත් කළොත්?


2021 අවුරුද්දේ ITN අවුරුදු කුමාරි තරගයට ඉදිරිපත් වීමත් එක්කයි මගේ කලාවට පිවිසීම සිදුවෙන්නේ. මගේ පළමු රංගන අත්දැකීම වුණේ ‘පාරදිගේ‘ ටෙලිනාට්‍යය.


මේ දිනවල විකාශය වන ‘හිරිපොද වැස්සේ‘ නිරාශා මිස්ට ලැබෙන ප්‍රතිචාර කොහොමද?


ප්‍රතිචාර ගොඩක් හොඳයි. ඒ ආදර කතාවට කැමති වෙනම පිරිසක් ඉන්නවා. ගුරු ගෝල ආදරයට. හොඳ ප්‍රතිචාර වගේම නරක ප්‍රතිචාරත් තියනවා. දෙකම සමබරව විඳගන්නවා.


එකවර ටෙලිනාට්‍ය ත්‍රිත්වයකින් ප්‍රේක්ෂකයන් හමුවීම ගැන මොකද හිතෙන්නේ?


ආලවන්තී, හිරිපොද වැස්ස, දෙවැනි ඉනිම නාට්‍ය තුනම මේ දිනවල විකාශය වෙනවා. ආලවන්තී තව ටික දවසකින් අවසන් වෙනවා. අනිත් ටෙලිනාට්‍ය දෙක ඉදිරියට විකාශනය වෙනවා. හැමදාම ටිවී එකේ පේන්න ඉන්න නිසා ප්‍රේක්ෂකයන්ට අමතක වෙන එකක් නැහැ. ඒ ගැන සතුටුයි.


ඉදිරියේදී ඔබව දකින්න ලැබෙන සිනමා නිර්මාණය ගැනත් මතක් කරමු?


‘රාස්’ සිනමා පටය දමිළ අධ්‍යක්ෂවරයකුගේ අධ්‍යක්ෂණයක්. ඉන්දියන් ආර්ටිස් කෙනෙකුත් ඉන්නවා. ඊට අමතරව ලංකාවේ කිහිප දෙනෙකුත් රංගනයෙන් දායක වෙනවා. මටත් ප්‍රධාන චරිතයකින් සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. තුන් කොන් ආදර‍යක්. හරි ලස්සන ආදර කතාවක්. මේ අවුරුද්දේ හෝ ලබන අවුරුද්දේ දකින්න ලැබෙයි.


කලා ජීවිතය තුළ ඔබ ලැබූ වටිනාම ජයග්‍රහණය කුමක්ද?


කලාවෙන් ලැබුණු වටිනාම ජයග්‍රහණය වෙන්නේ පාරට බැස්සම මිනිස්සුන්ගෙන් ලැබෙන ආදරය. ඒක කලාකාරයෙක්ට ලැබෙන විශේෂ වරප්‍රසාදයක්. ඒක තමයි වටිනාම සහ සතුටුදායකම දේ.


මෙතෙක් රංගනයෙන් දායක වූ නිර්මාණ පිළිබඳව මතක් කළොත් ?


මගේ පළවෙනිම ටෙලි නාට්‍යය එක තමයි පාර දිගේ. ඊට පස්සේ කියා දෙන්න ආදරේ තරම්. ජානූ, දෙවෙනි ඉනිම, ආලවන්තී, හිරිපොද වැස්ස. 2025 අවුරුද්දේ ‘වර්ෂා’ කියන අවුරුදු ටෙලි චිත්‍රපටයට දායක වුණා. ඒකටත් ගොඩක් හොඳ ප්‍රතිචාර තිබුණා.


රංගනයේදී ප්‍රවීණයන්ගෙන් ලැබෙන සහයෝගය ගැනත් මතක් කරමු?


ඇත්තටම, අපි ක්ෂේත්‍රයට අලුත් වුණත් එයාලා අපි අලුත් කියලා පේන්න දෙන්නේ නැහැ. ලොකු සහායක් ලැබෙනවා. මම රංගනය ඉගෙන ගත්ත කෙනෙක් නෙමෙයි. මම රංගනය කියන එක අපේ ක්ෂේත්‍රයේ ඉන්න ප්‍රවීණයන්ගෙන් ඉගෙන ගත්ත කෙනෙක්. ප්‍රවීණයන්ගේ උදව් එක නොලැබුණා නම් මට ක්ෂේත්‍රයේ අවුරුදු පහක් මෙහෙම ඉන්න බැහැ. එකදිගට රැඳෙන්න පුළුවන්කමක් නැහැ.


නවක රංගන ශිල්පිනියක් විදිහට කලාව ගැන මොකද හිතෙන්නේ?


ඇත්තටම මම තෘප්තිමත් වෙනවා කලාව වගේ දෙයක් තෝරගත්ත එකට. මගේ ජීවිතේ ගොඩාක් දේවල් මට ලැබුණේ මෙතනින්. මම සමහර විට රැකියාවක් කළා නම් මේ සතුට මට නොලැබෙන්න තිබුණා. මම තෝර ගත්ත ක්ෂේත්‍රය ගැන අද වගේම ඉදිරියටත් සතුටු වෙනවා. මගේ තෝරාගැනීම ගැන සීයට සීයක්ම තෘප්තිමත් කිවුවොත් හරි.


පවුලේ තොරතුරු ටිකක් කියමු?


මගේ පවුලේ ඉන්නේ අම්මයි, තාත්තායි, මල්ලියි, මමයි. මල්ලි නම් දැන් උසස් පෙළ ඉවර කරලා වෙනම ඩිප්ලෝමා පාඨමාලාවක් එකක් කරනවා. අම්මයි තාත්තයි නිදහසේ ගෙදරට වෙලා ඉන්නවා.


තරුණ රංගන ශිල්පිනියක් විදිහට කලා ක්ෂේත්‍රයට එන්න බලාපොරොත්තුවෙන් ඉන්න තරුණ තරුණියන්ට මොනවද කියන්න තියෙන්නේ.?


ඕනම ක්ෂේත්‍රයක රැඳෙන්න නම් අංක 1 ට ඩිසිප්ලීන් තියාගන්න ඕනේ. ක්ෂේත්‍රයට එන්න ගොඩාක් අය ඉන්නවා. ඒ කොහොම ආවත් ක්ෂේත්‍රයේ රැඳිලා ඉන්න නම් ඩිසිප්ලීන් තියාගන්න ඕනේ. ඒත් එක්කම කැපවීම උනන්දුව වගේම තමන්ව හොඳට පාලනය කරගන්නත් පුළුවන් වෙන්න ඕන. එහෙම වුණොත් නම් එයාට ක්ෂේත්‍රය තුළ උපරිම දුරක් යන්න පුළුවන්. නැත්තම් පැවැත්ම හරිම අඩුයි.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post