‘මදර් ලංකා’ චිත්‍රපටයෙන් ක්ෂේත්‍රයට පැමිණ ප්‍රේක්ෂක හදවත්වල මුල් චිත්‍රපටයෙන්ම යම් අකර්ෂණයක් දිනාගත් ඇය රිදී තිරයේ නැවුම් බලාපොරොත්තුවක් ලෙස හැඳින්වීමේ කිසිදු වරදක් නැත. ඇය මීට කලින් වඩාත් ප්‍රසිද්ධ වන්නේ ක්‍රීඩාව හා රූප ස්වාභාවය නිසාමය. Miss Teen Universe 2023 කිරුළ දිනාගත්තේද ඇයයි. ඒ වනවිටත් ඇය නමට Powerlifting ඉසව්වෙන් 2021 වසරේ ආසියානු ශූරතාවය ඇතුළු රන් පදක්කම් 03 ක්ද ලියා තබා ඇත. අද වනවිට ශෙනුකි දිසල්යා වේදිකා නාට්‍ය කිහිපයකට සම්බන්ධ වෙමින් ලබන මාසයේ වැඩ ඇරඹීමට නියමිත චිත්‍රපටයකටත් සූදානම් වෙමින් සිටියි.
ශෙනුකි මේ දවස්වල කොහොමද ජීවිතය?
මේ දවස්වල ජීවිතය ගෙවෙන්නේ මගේ අලුත් ස්ටේජ් ඩ්‍රාමා එකේ පුහුණුවීම් එක්ක.
මම ස්ටේජ් ඩ්‍රාමාවලට අලුත් කෙනෙක්. ඉතින් මේ දවස්වල ඒ ගැන ඉගෙන ගනිමින් ඉන්නවා.
මදර් ලංකා චිත්‍රපටයෙන් පස්සේ ශෙනුකි අලුත් නිර්මානවලට සම්බන්ධ වුණාද?
මදර් ලංකා චිත්‍රපටයෙන් පස්සේ මට තවත් චිත්‍රපට තුනකට ආරාධනා ලැබුණා. ඒත් මට පවුලේ අයගෙන් Approve එක හම්බුණේ නැහැ ඒ නිර්මාණ තුනට සහභාගී වෙන්න. මේ දවස්වල එක චිත්‍රපටයකට ලෑස්ති වෙන ගමන් ඉන්නේ. ඊළඟ මාසයේ චිත්‍රපටයේ වැඩ පටන් ගන්නවා. ඒ වෙනකල් මම Film Subject එක අධ්‍යයන කරමින් ඉන්නවා. ඩයලොග් හරියට ඩිලිවර් කරන්නේ කොහොමද කියලාවත් මම තාම හරියටම දන්නේ නෑනේ.
අධ්‍යාපන කටයුතු එහෙම කොහොමද?
මම අධ්‍යයන කටයුතු කරන්නේ මනෝ විද්‍යාව සම්බන්ධයෙන්. ඉතින් මම කැමති ඉදිරියේදී Therapist කෙනෙක් වගේ වැඩකරන්න. මම හිතන්නේ ගොඩාක් දුරට මගේ Main Career එක වෙන්නේ Therapist කෙනෙක් විදිහට කටයුතු කරන එක. ස්ටේජ් ඩ්‍රාමා පුහුණුවීම්, Lectures වගේම මගේ Internshipමේ හැමදේටම ඉදිරියටත් කාලය සමබර කරගන්න මට වෙලාතියෙනවා.
මදර් ලංකා චිත්‍රපටයෙහි අධ්‍යක්ෂකවරයා ඔබේ තාත්තා. කොහොමද තාත්තත් එක්ක වැඩ කිරීමේදී ලැබුණු අත්දැකීම්?
ඔව්, මදර් ලංකා චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ මගේ තාත්තා. ඉතින් තාත්තා මේ දවස්වල අලුත් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරනවා. මගේ තාත්තා මට Special Director කෙනෙක්. මොකද එයාට එන හැම වැඩේම බාරගන්නේ නැතුව එයාගේ වැඩේ හරියට අඳුනගෙන ඒ වැඩේට කාලය දීලා තමයි ලස්සනටම වැඩේ කරන්නේ. රංගන ශිල්පියෙක්ට වුණත් සම්පූර්ණ විශ්වාසය තියලා වැඩ කරන්න පුළුවන් අධ්‍යක්ෂකවරයෙක් තමයි මගේ තාත්තා.
තාත්තා අම්මා නංගී එක්ක ගත කරන කාලය කොහොමද ඔයාට දැනේන්නේ?
මම මගේ ජීවිතයේ Achieve කරලා තියෙන හැම දේකටම පිටුපසින් ඉඳලා මට උදව් කරන්නේ අම්මයි තාත්තයි. මම කරලා තියෙන Sports තුන එකිනෙකට වෙනස් ඒවා. ඉතින් ඒ Sports වලට මාව එහෙ මෙහ අරගෙන ගියේ මගේ අම්මයි තාත්තයි. මට පවුල එක්ක ගත කරන ජීවිතය දැනෙන්නේ ලොකු ශක්තියක් විදිහට.
ඉදිරියේදී ඔයා රංගනය වෘත්තියක් විදිහට කරගෙන යනවාද?
ඉදිරියටත් මම රංගන කටයුතුවල නිරිත වෙනවා. මම හරි ආසයි චිත්‍රපටවල රඟපාන්න. ඉදිරියටත් මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට බෙහෝ චිත්‍රපටවල මාව දකින්න පුළුවන් වේවී. ඒක මගේ Passion එක විදිහට මම කරගෙන යනවා.
ඔයා රඟපාන්න ආසාවෙන් ඉන්න චරිත තියෙනවාද?
ඔව් ඇත්තටම මම කැමතියි ction Moive එකක රඟපාන්න. Action Movies වල ගොඩක් Stunt Movies කරද්දි Cable, Graphic වගේ දේවල් යොදා ගන්නවා. ඒත් මම කැමති Action Movie එකක් කරද්දි Cables. Graphic වගේ දේවල් භාවිත නොකර මම රඟපාලා මගේ දක්ෂතාව මට ආදරේ කරන අයට පෙන්වන්න.
ශෙනුකිගේ මොනවද තියෙන සිහින?
ඇත්තටම මට මගේ ජීවිතයේ Goal කියලා දෙයක් නැහැ. මොකද මම හිතන විදිහට Goal එකක් තිබ්බොත් අපි ඒ ඨද්ක එකට විතරක් අපේ ජීවිතය හිර කරනවා. ඒ Goal එකෙන් එහා දෙයක් ගැන හිතන්නේ නැහැ. හැබැයි අපේ ජීවිතවල හීන තිබුණොත්, අපිට එක හීනයක් හැබෑ කරගන්න පුළුවන් වුණාම අපේ ඊළඟ හීනයත් සාර්ථක කර ගන්න මහන්සි වෙනවා. මට ඒ වගේ හීන ගොඩක් තියෙනවා. මම හරි ආසයි පොඩි ළමයි එක්ක වැඩ කරන Therapist කෙනෙක් වෙන්න. මට ඒ හීනය සාර්ථක කර ගන්න ඕන නිසා මම මේ දවස්වල අධ්‍යයන කටයුතුවලට මුලිකත්වය ලබාදෙනවා.
ශෙනුකි කැමති ඔයාට ආදරේ කරන අය ඔයාව කවුරු විදිහට මතක තියාගන්නවටද?
මම කැමතියි ක්‍රීඩිකාවක් විදිහට හඳුනා ගන්නවාට. හැබැයි මම අදවෙන කොට ක්‍රීඩිකාවක් පමණක්ම නොවෙයි. මම Film හා Stage Drama වල වැඩකරන කෙනෙක්. තවත් විදිහකට කියනවා නම්, Beauty Pagent winner කෙනෙක්. ඒ නිසා මේ වෙනකොටත් මම ක්ෂේත්‍රය කිහිපයකම ඉන්නවා. ඒ නිසා මම කැමතියි මාව එක ක්ෂේත්‍රයකට පමණක් කොටු නොකර තවත් ක්ෂේත්‍රයන් නිරූපණය කරන කෙනෙක් විදිහට මිනිස්සු මාව දැන ගන්නවා නම්.
නෙත්මි සදුනිකා