කලාව යනු, හුදෙක් රූප රාමුවකට සීමා වූවක් නොවන බවත්, එය ජීවිතය අතික්‍රමණය කරන ප්‍රකාශනයක් බවත් ඔවුන් දෙදෙනා නැවත නැවතත් පසක් කර දෙති. වරෙක හදවත රිදවන ප්‍රේමවන්තයින් ලෙසත්, තවත් වරෙක ආදරය ශ්‍රෝරේ ගලන පෙම්වතුන් ලෙසත් මොවුන් ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයන් ආකර්ෂණය කරගනිමින් සිටියි.
අභිලාෂි සන්තුෂ්කි යනු අද වනවිට සිනහවෙන් මෙන්ම කතාවෙන් ද ප්‍රේක්ෂක හදවත් වසඟ කළ තරුණියකි. ඇය ඒ ගමන ආරම්භ කළේ සිංහබාහු චිත්‍රපටයෙන්. තවමත් පුද්ගලික ජීවිතයේදී කලාවට වඩා ඉගනීමට සිත යොමු කරන බව කියන ඇය මෙවර සෙනහසක නවාතැනේ පළමු කතා නයිකාව වන්නීය.
ඉතින් අභිලාෂි කොහොමද මේ දවස්වල ජීවිතය?
මේ දවස්වල මම හොඳින් සැහැල්ලුවෙන් ඉන්නවා. මේ දවස්වල මට ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ආදරය නිසා තමයි මම ගොඩක්ම සතුටින් ඉන්නේ.
අභිලාෂිගේ අලුත් චිත්‍රපට මොනවාද?
මේ අවුරුද්දෙත් ලබන අවුරුද්දෙත් චිත්‍රපටි තුනක් තිරගත වෙන්න නියමිතව තියෙනවා. සිනමා නිර්මාණ කිහිපයකම මේ දිනවල රූගත කිරීම් සිදු වෙනවා. ළඟදීම තිරගත වෙන්න නියමිතව පවතින නිර්මාණයක් තමයි ‘මං හොයන්නේ ප්‍රේමයක්’ චිත්‍රපටය. තිළිණ බොරලැස් අයියා තමයි මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ. ඒ වගේම ආචාර්ය සෝමරත්න දිසානායක අධ්‍යක්ෂණය කරන ‘The Rapist’ චිත්‍රපටයත් තිරගත වෙන්න නියමිතයි. ඒ චිත්‍රපටයේ මමයි සජිත ඇන්තනි අයියා ඇතුළු තවත් ජ්‍යෙෂ්ටයන් කිහිපදෙනෙක්ගේම රඟපානවා. රජිව් සිවදාසන් අධ්‍යක්ෂණය කළ ‘ආලේ’ චිත්‍රපටයත් නුදුරේම තිරගත වෙන්න නියමිතව තියෙනවා.
ටෙලිනාට්‍ය චරිතවලට ඔයාට ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද?
මම ගොඩාක් සතුටින් ඉන්නේ ස්වාධීන රූපවාහිනියේ විකාශය වන ‘සිහිනෙක තනිවෙලා’ ටෙලි නිර්මාණයට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර නිසා. මම ටෙලි නිර්මාණයන්වලට වැඩිය සහභාගීවන කෙනෙක් නෙමෙයි. ඒත් මගේ වාසනාවකට මම ‘සිහිනෙක තනිවෙලා’ ටෙලි නිර්මාණයට සහභාගී වුණා. මේ ටෙලි නිර්මාණය හරහා මට ලොකු ප්‍රේක්ෂක ආදරයක් ලැබෙමින් පවතිනවා.
රංගනයට ඔබේ පවුලෙන් ලැබෙන සහයෝගය කොහොමද?
මම යම්තාක් දුරට සාර්ථකව මගේ රංගන කටයුතු සිදු කරගෙන යනව නම් ඒකට ශක්තිය වුණේ මගේ පවුල. පාසල් කාලයේ ඉඳන් මගේ හැම වැඩ කටයුත්තකටම මගේ පිටුපසින් ඉඳලා මට ශක්තිය වුණේ සහ මාව ඒ හැම වැඩකටම දිරි ගැන්වූයේ මගේ අම්මයි තාත්තායි. රංගන කටයුතු ඉදිරියට කරගෙන යන්න අවශ්‍යය හැමදේම
හොයලා බලලා, මාව Workshops iy Acting School වලට යොමු කළෙත් අම්මයි තාත්තායි. ඉතින් අදටත් මගේ හැම වැඩකදීම ඔවුන් තමයි මට තියෙන ලොකුම ශක්තිය.
නව යොවුන් තරුණියක් විදිහට ඔබට ආදරය දැනෙන්නේ කොහොමද?
මට දැනුණ විදිහට ආදරය කියන්නේ හරිම සුන්දර දෙයක්. මම හිතන්නේ කිසිම කෙනෙක්ට ආදරය නැතිව ජීවත් වෙන්න බැහැ කියලා. මම හිතන විදිහට ආදරය තමයි මනුස්සයෙක්ව හොඳ මනුස්සයෙක් කරන්නත් නරක මනුස්සයෙක් කරන්නෙත්.
ඔබ දැනටමත් ආදරය විඳිනවාද?
මේ වෙද්දි ප්‍රේක්ෂක ආදරය නම් ලොකුවටම විඳිනවා. පවුල අයගෙන් වගේම මට ආදරය කරන සියලු දෙනාගෙන්ම හිත පිරෙන්න නොඅඩුවම ආදරය විඳිනවා. හැබැයි ආදර වන්තයෙක්ගෙන් මම තවමත් ආදරය ලබන කෙනෙක් නෙවෙයි.
ඔයාගේ සිහින කුමාරයා මොනවගේ කෙනෙක්ද?
ඇත්තටම මම පෙම්වතියක් විදිහට පෙම්වතෙකුගෙන් බලාපොරොත්තු වෙන්නේ හිත හොඳ මනුස්සකම් පිරිණු කරුණාවන්ත පුද්ගලයෙක්ව. මට ඕනෙත් ඒ වගේ පුද්ගලයෙක්ගෙන් ආදරය ලබන්න. මම බලාපොරොත්තුවන ආදරය මට නොලැබුණොත් මගේ හිත ගොඩාක් රිදෙනවා.
රංගනයේදී හිමෙයින්ගෙන් ඔබට ලැබෙන සහයෝගය මොනවගේද?
ඔව් ඇත්තටම හිමෙයින්ගෙන් මට ලොකු සහයෝගයක් ලැබෙනවා. මේ දවස්වල ආදිටයි නිකිටයි ප්‍රේක්ෂකයෝ ගොඩක් ආදරෙයි. ආදි නිකි අතර ඒ තියෙන Chemistry එක Build Up කර ගන්න මට හිමෙයින් ලොකු සහයෝගයක් ලැබෙනවා. හිමෙයින් මට වඩා Experience තියෙන, කලින් ඉඳන් රංගනයේ නිරත වෙලා ඉන්න දක්ෂ කෙනෙක්. ඉතින් ඔහු ඒ ලබා ගත්ත අත්දැකීම්වලින් මටත් කියාදෙනවා. හිමෙයින් වගේ Supportive Co Star කෙනෙක් හැමෝටම ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.
කඩවසම් පෙනුම බැලු බැල්මටම කියන්නේ ඔහු වඩාත් උචිත මෝස්තර නිරූපණයට බවයි. නමුත් දැන් ඔහු ටෙලිවිෂනය හරහා ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙන ආකාරයේ රංගනයක් ඉදිරිපත් කරමින් සිටියි. ඒ ආදි චරිතයට පණ පොවමින්. නිකීගේ කතා බහෙන් පසු අපි මේ යොමු වන්නේ සෙනෙහසක නවාතැනේ දෙවැනි කතා නායකයා වන හෙමයින් ජයසේකරටයි.
කොහොමද හෙමයින් මේ දවස්වල ඔයාගේ ජීවිතය?
මේ දවස්වල ජීවිතය සතුටින් ගෙවනවා. මොකද මේ දවස්වල සිහිනෙක තනිවෙලා ටෙලි නාට්‍ය රූගත කිරීම්වල ඉන්න නිසා. ඒ ටෙලිනාට්‍යයෙ ඇතැම් කොටස් හොඳටම හිට් වෙලා තියෙන්නේ. ඒ වගේම මගේ අලුත් සිංදුවක් ළඟදීම රිලීස් වෙන්න තියෙනවා. අභිලාෂියි මමයි තමයි ඒ Music Video එකෙත් ඉන්නේ. සතුටක් වගේම දුකකුත් තියෙනවා. මොකද මේ වෙලාවේ මුළු ලෝකයම ගැටලු කිහිපයකට මුහුණ දීලයි තියෙන නිසා බලාපොරොත්තු වන ප්‍රතිචාර Music Video එකට ලැබෙයිද කියලා.
ආදිට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ඔව් ඇත්තටම ගොඩක් හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර වගේම ප්‍රේක්ෂක ආදරය නොඅඩුව ලැබෙනවා ආදිට. ඒ නිසා මට ලොකු Fan Base එකක් නිර්මාණය වුණා හිතුවෙවත් නැති විදිහට.
ඔයා තව මොනවටද දක්ෂ?
මේ වෙද්දි මම International Studies සම්බන්ධ උපාධිය සම්පූර්ණ කරලා ඉවරයි. ඊට අමතරව මම Aviation Course එකක් වගේම Modeling සම්බන්ධ Degree එකකුත් කරල ඉවරයි. මම සංගීතය පැත්තෙන් විශාරද කරලා නැහැ, නමුත් මම සංගීත විශාරද ගුරුවරයෙක්ගෙන් ගායනය සම්බන්ධ ගුරුහරුකම් ලබමින් සංගීතය සම්බන්ධ අධ්‍යයන කටයුතු සිදු කරමින් ඉන්නවා. ඒ නිසා මේ හැම දේකටම පොඩි හරි දක්ෂතාවයක් මට තියෙනවා කියලා විශ්වාස කරනවා.
වෙනකොට ඔයා නිරූපණ ක්ෂේත්‍රයෙන් ඉවත් වෙලාද?
මම කවදාවත් නිරූපණ ක්ෂේත්‍රයේ වගේම ගායන ක්ෂේත්‍රයෙන් ඉවත් වෙන්නේ නැහැ. මේ දිනවල මම රංගන ක්ෂේත්‍රයේ වැඩ කටයුතු කරන නිසා ඒ වැඩත් එක්ක Modleing පොඩ්ඩක් Drop වෙලා වගේ මටත් දැනෙනවා.
හෙමයින්ට ඔයාගේ පවුලේ අයගෙන් ලැබෙන්නේ මොනවගේ සහයෝගයක්ද?
මගේ පවුලෙන් තමයි ලොකුම සහයෝගය මට ලැබෙන්නේ. අම්මාගේ අයියා කලා ක්ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක්. ඉතින් ඒ නිසා එයාලගෙන් මට ලොකු උදව්වක් ලැබෙනවා.
ලංකාවේ තරුණ රංගන ශිල්පිණියන් එක්ක එකට වැඩ කිරීම කොහොමද ඔයාට දැනේනනේ?
රංගනයේදී ගොඩක් අය ලොකු සහයොගයක් ලබා දෙනවා. Film එකක් හෝTeledrama එකකදී අත්‍යාවශ්‍යම දේ තමයි නළුවා හා නිළිය අතර ඇති Bond එක. ඒ Bond එක රංගනය සාර්ථක කර ගන්න ගොඩක් වැදගත් වෙනවා. ඉතින් අභිලාෂි මට ලොකු සහයෝගයක් ලබා දෙනවා සමහර සීන් සාර්ථකව කර ගන්න ආදී විදිහට. සමහර තැන්වලදී මට ඩයලොග් මතක් වෙන්නේ නැත්නම් එයා මට ඒ වෙලාවට සපෝර්ට් එකක් දෙනවා. ඉතින් ඒ තියෙන Bond එක නිසා තමයි ටෙලි නාට්‍යයේ තියෙන සමහර තැන් ලස්සනට කර ගන්න පුළුවන් වෙන්නේ.
තරුණයෙක් විදිහට ඔබ දැනටමත් ආදරේ විඳිනවා ඇති. ඉතින් ආදරේ කොහොමද ඔබට දැනෙන්නේ?
ආදරය කියන්නේ හරිම සුන්දර හැඟීමක්. ඉතින් අපි හැමෝටම ආදරයක් තිබිලා තියෙනවා වගේම ආදරේ නැති වෙලත් තියෙනවා. නමුත් ආදරය කියන දේ ලස්සන හැඟීමක් වුණත් එක් තැනකදී අපි තනිවෙනවා. ඉතින් හැමදේටමත් වඩා අපි මුලින්ම අපිට ආදරය කරන එක තමයි වැදගත් වෙන්නේ.
නෙත්මි සදුනිකා