
මේ දිනවල විකාශය වන 25 Love story ටෙලිනාට්‍යයේ ‘මෝටි’ ගේ චරිතය හරහා ප්‍රේක්‍ෂක ආකර්ෂණය දිනාගත් ඇය, සත්‍යා චතුරංගනී. වේදිකාව, පුංචි තිරය සහ සිනමාව තුළ තම රංගන හැකියාවන් මනා ලෙස ප්‍රේක්‍ෂකයා හමුවේ එළිදක්වන්නට සමත් වන මේ නවක රංගන ශිල්පිනිය, මීවිත සමග කළ කෙටි සංවාදයක සංක්‍ෂිප්ත සටහනයි මේ.
25 Love story ටෙලිනාට්‍යයේ ‘මෝටි’ ගේ චරිතය ඔබට ලැබෙන්නෙ කොහොමද?
අපේ ගම ජනකලා කේන්ද්‍රයේ තිබුණ ඔඩිෂන් එකට ගිය වෙලාවක මට තරුෂි පෙරේරා මහත්මියව මුණගැහෙනව. එතුමිය තමයි එදා ඒක මෙහෙයවුවේ. ඉන් පස්සෙ නැවතත් එතුමිය විසින් Acting workshop එකක් කරනවා. එකෙන් පස්සේ තමයි මගේ තියෙන capacity එකත් එක්ක මේ Character එක මට හම්බවුණේ.
‘මෝටි’ ගේ චරිතය මොන වගේද?
ඇත්තටම මම මෙතෙක් රඟපාපු චරිතත් එක්ක බලද්දී මෝටි ගේ චරිතය Dialogue pattern එක වෙනස්. මෝටිගේ චරිතයට ගැළපෙන විදිහට හැසිරීම, චරිතයේ Energy, මේ දේවල් එකම විදිහට පවත්වාගෙන යන්න මම උත්සාහ කරනවා.
ලැබෙන ප්‍රතිචාර කොහොමද?
සමාජ මාධ්‍ය හරහා නාට්‍ය බලන ප්‍රේක්ෂකයන්ගෙන් මෝටිගේ චරිතයට ගොඩක් හොඳ ප්‍රතිචාර තියෙනවා. විශේෂයෙන්ම Character Chemistry එක ගැන ගොඩක් Positive response තිබුණා.
සත්‍යා චතුරංගනීගේ තොරතුරු මොනවද කිව්වොත්?
මම කලාකාරිනියක්. ඒ වගේම සටන් කලාව ඉගෙනගන්නව. මගේ සෞඛ්‍ය තත්ත්වය, මගේ මානසික තත්වය හොඳින් තියාගන්න Iyanger yoga පුහුණු වෙනවා.
ඔබ චිත්‍ර කලාවටත් සම්බන්ධයි?
ඔව්, ඒකට මූලික වෙන්නෙ මගේ ආච්චි. ඇය හොඳ චිත්‍ර ශිල්පිනියක්. මට ටිකක් තේරෙන කාලේ ඉඳන්ම ඇය මට එක එක රටාවල මෝස්තර උගන්වනවා. ඒ දේවල් එක්ක මම චිත්‍ර කලාවට ආසා වෙනවා. ඒ වෙනුවෙන්, බලා ඇඳීම සහ සජීවී රූපකරණය පිළිබඳව මම හැදෑරීමක් කරනව. දැන් Graphite Pencil Artist සහ Graphic Designer කෙනෙක් විදිහටත් වැඩ කරගෙන යනවා.
පාසල් කාලයේ කලාව විෂයක් විදියට හැදෑරුවාද?
ඔව්, මම අධ්‍යාපනය ලැබුවේ ක්‍රිස්තුරාජ මහා විද්‍යාලයෙන්. කියන්න සතුටුයි, මගේ පාසලෙන් නාට්‍ය හා රංග කලාව, චිත්‍ර, නැටුම්, සංගීතය කියන සෞන්දර්යය විෂයන් හදාරන්න මට අවස්ථාව ලැබුණා.
මුලින්ම රඟපෑමට සම්බන්ධ වුණේ කොහොමද?
මුලින්ම මම අතුල ජයසිංහ මහත්මයාගෙ Talent Studio Acting ආයතනයේ රංගනය පිළිබඳ මාස හයක පාඨමාලාවක් හැදෑරුවා. එතනින් මට මුල්ම ප්‍රවේශය ලැබුණා Acting විෂය Camera Awareness සහ Scene work ගැන ගැඹුරු හැදෑරීමක් කරන්න. මේ දැනුමත් එක්ක මට මුල්ම Cinema අවස්ථාව ලැබුණේ ‘September’ චිත්‍රපටයට. මේ අතර මම Mahendra Perera Academy එකේත් පාඨමාලාවක් හැදෑරුවා. එහිදී විශේෂයෙන් practical training සහ විවිධ Acting methods ගැන අලුත් දැනුමක් ලැබුණා.
‘සැප්තැම්බර්’ චිත්‍රපටයේ අත්දැකීම් ගැන කතා කළොත්?
September මගේ මුල්ම Cinema Experience එක. ඒක මට විශේෂ Turning point එකක්. කැමරාව ඉදිරියේ Natural වෙන්න, Character එකේ ගැඹුර දැනගන්න සහ Film set discipline ඉගෙනගන්න ඒකෙන් ලොකු පාඩම් ලැබුණා.
මේ වෙනකොට නිර්මාණ කීයකට දායක වෙලා තියෙනවද?
මම මේ දක්වා රංගනයෙන් දායක වූ නිර්මාණ අතර වේදිකා නාට්‍ය 2ක්, ටෙලිනාට්‍ය 2ක් සහ සිනමා නිර්මාණ 6ක් තියෙනවා.
ඔබේ වෘත්තිය?
මගේ වෘත්තිය මූලිකව කලා ක්ෂේත්‍රය. රංගනය, Modling,, චිත්‍ර කලාව, සහ Graphic Design, මේ දේවල් මගේ Passion එක සහ
Career වෙනවා
පවුලේ විස්තර?
මගේ පවුලේ ඉන්නෙ අම්මයි, නංගියි. මම විවාහකයි.
විලාසිතාවලට මොනවගේ නැඹුරුවක්ද තියෙන්නෙ?
මම මගේ ශරීරය අතිශය Sexualize කරන්න හෝ අධික ලෙස දර්ශනය කරන්න කැමති නැහැ. ඒ වෙනුවට, සරල, ගෞරවනීය සහ සමාජය පිළිබඳව ගරු කරන Fashion choices තෝරාගන්නවා.
සත්‍යා කියන්නේ කවුද?
සත්‍යා කියන්නේ සරලව පෙනුනත් ගැඹුරු අරමුණු සහිත චරිතයක්. ඒ වගේම සත්‍යා කියන්නේ අලුත් අත්දැකීම් සොයන, හැමදාම ඉගෙන ගන්න සහ තමන්ගේ කලාත්මක හැකියාවන් රටටත් සමාජයටත් ප්‍රයෝජනවත් ලෙස ඉදිරිපත් කරන්න උත්සාහ කරන චරිතයක්.
වැඩිපුර කැමති සිනමාවටද?
ඔව්, මම වැඩිපුර කැමති සිනමාට. මට සිනමාව කියන්නේ මාව හරියට හඳුනාගන්න පුළුවන් තැනක්. එහිදී තමන්ගේ හොඳ දේවල්, අඩුපාඩු, හැඟීම් හැමදේම පැහැදිලිව පේනවා.
රංගනයේදී සීමා මායිම් තියෙනවද?
ඔව්, රංගනයේදී මට සීමා මායිම් තියෙනවා. නිදහසක් නැති රංගනය නිර්මාණශීලීත්වය මකා දමනවා. ඒ වගේම සීමා නැති රංගනය සමාජයට හානිකර වෙන්න පුළුවන්.
මගේ සීමා තීරණය වෙන්නේ මගේම අගයන්, සංස්කෘතිය, සහ සමාජයට ඇති ගෞරවය මත. මම කිසි විටකත් නිරුවත හෝ sexualization මත රංගනය ගොඩනගන්නේ නෑ. මට වැදගත් වන්නේ චරිතයේ සත්‍යභාවය, හැඟීම්, සහ Performance එකේ ගැඹුර. ඒත් සමගම අපේ සංස්කෘතියට ගරු කරන, Ethical boundaries තුළ වැඩ කරන එක. ඒක නිසාම මම හැම රඟපෑමකදී මගේම දේවල් හා සමාජයීය වගකීම් දෙකම එකට Balance කරගන්න උත්සාහ කරනවා.
ඔබ ජීවිතය දකින්නෙ මොන විදිහටද?
ජීවිතය කියන්නේ බලාපොරොත්තුවක්, අභියෝගයක් සහ නිර්මාණශීලී ගමනක්. එය මට කලාවක්.
රඟපාන්න කැමති චරිත තියෙනවද?
මම විශේෂයෙන්ම Action චරිත වලට ආසාවෙන් ඉන්නවා. Fighting Sequences, Stunt work සහ Martial artsවලින් සමන්විත චරිත මට ගොඩක් ආකර්ෂණීයයි.
