
මේ දිනවල කාගේත් කතාබහට ලක්ව තිබෙන නාට්‍ය නිර්මාණයක් තමයි ප්‍රියන්ත ප්‍රනාන්දු අධ්‍යක්ෂණය කරන සසංකාරා. එහි කුමාරි ලෙසින් ප්‍රේක්ෂකයින් අතරට එන නුරානි තෙන්නකෝන් සමඟ රසඳුන කළ කතාබහයි මේ.
සසංකාරා කුමාරිට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ලැබෙන ප්‍රතිචාර නම් හොඳයි.. වැඩි හරියක් ඉතින් බැනුම් තමයි අහන්න ලැබෙන්නේ. සසංකාරා එකේ කුමාරි මිනිස්සු ආදරේ කරන චරිතයකට වඩා මිනිස්සුන්ගේ හිතේ තරහ ඇති කරන චරිතයක් වෙලා.
කාලයකට පස්සේ තමයි ඔබව මේ විදියට දකින්නේ, ඇයි ඒ?
අවුරුදු දෙකක විතර කාල සීමාවක් මම රංගන ක්ෂේත්‍රයෙන් දුරස් වෙලා හිටියා. ඒ මගේ විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ අධ්‍යයන කටයුතු නිසා සහ විශ්වවිද්‍යාලයෙන් එළියට ආවට පස්සේ ගුරු වෘත්තියට ආවා. ඒ රැකියා කටයුතුත් එක්ක රූපලාවණ්‍ය සම්බන්ධයෙන් අධ්‍යයන කටයුතු වගයකත් යෙදිලා හිටියා. ඒත් එක්ක තමයි ටිකක් කාර්ය බහුල තත්ත්වයක් තිබුණේ. දැන් සාමාන්‍ය පරිදි නැවතත් රංගන ක්ෂේත්‍රයේ වැඩ කටයුතු කරගෙන යන්න පටන් ගත්තා.
කුමාරිගේ චරිතය ලැබුණු වෙලාවේ මොකද හිතුණේ?
කුමාරිගේ චරිතය ලැබුණු වෙලාවේ සතුටු හිතුණා. මම මීට කලින් ප්‍රියන්ත අයියගේ සකර්ම ටෙලි නාට්‍යත් එක්ක වැඩ කරපු නිසා ඒකේ ගංගාගේ චරිතය එක්ක කුමාරිගේ චරිතය ලොකු වෙනසක් නෑ. ඒක නිසා මට පහසු වුණා කුමාරිගේ චරිතය භාර ගන්න.
නුරානි, ගැමි චරිතවලට කොටු වෙලා වගේ ද?
ගැමි චරිතවලට කොටු වෙලා නැහැ. නමුත් අර මම රංගන ක්ෂේත්‍රයෙන් තාවකාලිකව ඈත් වෙන්න හදපු වෙලාවේ අවසාන වතාවට කළෙත් ගැමි චරිතයක්. එතකොට නැවත අවුරුදු දෙකකට පස්සේ ක්ෂේත්‍රයට පිවිසෙන්නේත් ගැමි චරිතයක් හරහා. බලන කෙනෙකුට තේරෙන්න පුළුවන් දිගටම මේ ගැමි චරිතද කරන්නේ කියන එක. එහෙම දෙයක් නෑ. මගේ ගුරු වෘත්තියට හානියක් නොවෙන ඕනම චරිතයක් මං භාරගන්නවා.
ඔබ වෘත්තියෙන් ගුරුවරියක් නේ, ඒ ගැනත් කියමුකෝ තොරතුරු?
වෘත්තිමය වශයෙන් ගුරුවරියක්. ගිය වසරේ තමයි පත්වීම් ලැබුවේ. දැනට කුලි/ හොරතැපොළ මහානාම මහා විද්‍යාලයේ ප්‍රාථමික ගුරුවරියක් වශයෙන් කටයුතු කරනවා. ගුරුවරියක් විදිහට මට පාසලේ විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය ලොකු සහයෝගයක් ලැබෙනවා. රංගන කටයුතුවලට මට නිදහස් වෙන්නේ ඒ වෙනුවෙන්. පාසලේ දී දරුවන්ගේ ඉගැන්නුම් කටයුතු එක්ක හිර වෙන්න තියන ඉඩකඩ වැඩීයි. ඒත් එක්ක බැලුවහම මට ඇත්තටම ලොකු සහයෝගයක් ලැබෙනවා. එනිසා රංගන කටයුතු පහසුවෙන් කරගෙන යන්න පුළුවන්කම ලැබිලා තියෙනවා..
ගුරු වෘත්තිය නිසා කලා නිර්මාණ භාර ගනිද්දී සැලකිලිමත් වෙන්න ඕනේ නේද?
නිර්මාණ භාර ගද්දි මම සැලකිලිමත් වෙනවා. ගුරුවරියක් විදිහට මම වැඩකටයුතු කරන්නේ පුංචි දරුවෝ එක්ක. ඒගොල්ලෝ මාව රූපවාහිනියෙන් දකිනකොට ඒ රූපය සහ පාසලේදී මාව දකින රූපය අතර සමානකමක් හෝ ඒකෙ තියෙන විෂමතාවයක් දකින්න තරම් ඒ ළමයි වර්ධනය වෙලා නෑ තාම. ඒ නිසා මම ටිකක් නිර්මාණ භාර ගනිද්දී වෘත්තියට හානියක් නොවෙන නිර්මාණයන් එක්ක මගේ ගමන මං යන්න සූදානම් වෙලා ඉන්නේ.
නුරානිගේ රංගනයේ දී සීමාවන් මොනවද?
සීමාවල් කියන ඒවා තියාගෙන රංගනයේ යෙදෙන්න අපහසුයි. ඇත්තටම රංගනයේදී සීමාවල් තියාගෙන වැඩ කරන්න බැහැ. නමුත් මම සීමාවක් කියලා දාගෙන ඉන්නවනම් දාගෙන ඉන්නේ මගේ වෘත්තියට හානියක් නොවෙන්න මගේ රංගන කටයුතු කරගෙන යාම පමණයි.
එන්න තියෙන නිර්මාණ මොනවද?
කලින් රූගත කිරීම කරපු ටෙලි නාට්‍ය දෙකක් විකාශනය වීමට තියෙනවා. ඒ වගේම දැනට ප්‍රියන්ත අයියගේ අලුත් නිර්මාණයක රූගත කිරීම් සිදු වෙමින් පවතිනවා.
සිනමාවට අවස්ථාවන් ලැබුණේ නැද්ද?
මුලින්ම සිනමාපටයක් කියලා මම කලේ ඉතා සුළු චරිතයක්. ඒ ප්‍රසිඩන් සුපර් ස්ටාර් කියන චිත්‍රපටයේ. ඒක ඇරුණහම මම වෙනම සිනමාවට තාම ප්‍රවේශ වෙලා නැහැ. ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා සිනමාවෙත් රංගන කටයුතුවලින් දායක වෙලා හොඳ නිර්මාණයක් කරන්න.
කරන්න ආසාවෙන් ඉන්න ලැබුණොත් හොඳයි කියලා හිතෙන චරිතය මොකක් ද?
විශේෂ චරිතයක් කියලා නැහැ. අභියෝගයක් විදිහට එන ඕනෑම චරිතයක් භාරගන්න සූදානම්. සසංකාරා එකේ කුමාරි කියන චරිතෙත් ඇතැම් අවස්ථාවල අභියෝගයක් තිබ්බ අවස්ථා තිබුණා. එකේ ලොකුම අභියෝගය වුණේ නාට්‍යයේ මගේ කොටස් පටිගත කිරීම් කළේ අග සිට මුලට. එතකොට අග කොටසේ මම දරුවෙක් ලැබෙන්න ඉන්න මවක්. ඉතිං මම මහතයි. ඇත්තටම ඊට පස්සේ ප්‍රේම සම්බන්ධය ගෙනියන කාලසීමා වෙනකොට මම කෙට්ටු කෙනෙක් වෙන්න ඕන. ලොකුම අභියෝගය වුණේ ඇඟ අඩු කරන එක. මම කොහොම හරි කෙට්ටු වුණා. මට මාස දෙකක කාලයක් දීලා තිබ්බ ප්‍රියන්ත අයියා ඇඟ අඩු කරගන්න කියලා. එතකොට මහත කාලේ එක කොටසකුත්, කෙට්ටු කාලෙට තව කොටසකුත් විදියට රූගත කිරීම් කළා. ඒක ලොකු අභියෝගයක් වුණා. ඒ වෙනුවෙන් ඒ වගේ කැපකිරීම් කරන්න මං කැමතියි. ඇත්තටම අපි චරිතයකට දායක වෙන්නේ ඒකට කරන්න පුළුවන් උපරිම සාධාරණය කරන්න. ඒකේ චරිතය සාර්ථක වුණා නම් ඒ මගේ කැපවීම සහ අධ්‍යක්ෂවරයා ලෙස ප්‍රියන්ත අයියාගේ දැඩි උත්සාහය. ඒ නිසා යම් අධ්‍යයනයක් එක්ක චරිත කරන්න තමයි බලාපොරොත්තුව.
පවුලේ ජීවිතේ විස්තර කිව්වොත්?
මම විවාහකයි. මම, මගෙ මහත්තයා, එයාගේ අම්මා සහ මල්ලී තමා දැන් මෙහෙ ඉන්නේ. එයාලගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා රංගන කටයුතුවලට. රැකියාව සහ රංගන කටයුතුත් එක්ක මම නිෙවසේ රැඳෙන කාලසීමාව අඩුයි. මගේ ගෙදර ගත්තොත් අම්මයි, තාත්තයි, නංගි, මල්ලි තමයි ඉන්නේ.
සැමියාගෙන් ලැබෙන සහයෝගය කොහොමද කලා කටයුතුවලට?
සැමියාගෙන් කලා කටයුතුවලට ලැබෙන සහයෝගය ගත්තොත් අපි දෙන්නගේ සම්බන්ධතාවය පටන් ගන්නකොටත් මම රංගන කටයුතුවල යෙදිලා හිටියේ. එයා ඒ කාල සීමාවෙත් මගේ ඒ දේවල්වලට සහයෝගය දෙනවා. දැන් කියා වෙනසක් නෑ ඒ විදියමයි. රැකියාව සහ රංගන කටයුතුවලදී මම කාර්යබහුල වෙනවා. එතකොට එයා තමා එයාගේ වෘත්තීය සමඟ නිෙවසේ හා පවුලේ අයගේ සියලුම වගකීම බලාගන්නේ.
අනාගත බලාපොරොත්තු මොනවද?
අනාගත බලාපොරොත්තු නම් ගොඩාක් තියෙනවා. රංගන ක්ෂේත්‍රයෙන් ගත්තොත් ඇත්තටම හොඳ සිනමා නිර්මාණයකට දායක වෙන්න බලාපොරොත්තුව තියෙනවා. ඒ වගේම මගේ වෘත්තිය පැත්තෙන් ගත්තොත් වෘත්තියේ ඉදිරියේදී වෙනස් වෙන්න තියන ඉඩකඩ වැඩියි.
