රුවන්-ෂෙරිල් දෙන්නා කවුරු ගැනද මේ කියන්නේ?



රුවන් හෙට්ටිආරච්චි සහ ශෙරීල් ඩෙකර් කියන්නේ සංගීත ක්ෂේත්‍රයේ වගේම රංගන ක්ෂේත්‍රයේත් නිතර කතාබහට ලක්වන චරිත දෙකක්. ඒ වගේම මේ දෙන්නාගේ ආදර කතාවටත් බොහෝ දෙනාගේ අවධානය ලැබෙනවා. නමුත් මේ දිනවල ෂෙරීල් ඩෙකර් සහ රුවන් හෙට්ටිආරච්චිට බොහෝ දෙනාගේ අවධානය ලැබෙන්නේ මේ කිසිම හේතුවක් නිසා නම් නොවෙයි.


සංගීත ක්ෂේත්‍රයේ බොහෝ දෙනාගේ ආදරය ලබන රුවන් හෙට්ටිආරච්චි පසුගියදා සිය ෆේස්බුක් ගිණුමට මෙසේ සටහනක් එක් කර තිබුණා.


“තමන්ටම කියලා ගීත ටිකක් හදා ගත්තොත් හොඳයි නේද මේ අලුතින් එන ගායිකාවෝ? අනුන්ගේ ගීත ගායනා කරලා ෂෝවලට නැඟලා artistලා කියලා පෙන්නන්න දඟලන්නේ නැතිව. එහෙම වුනෝතින් මේ කලාව හොඳ ප්‍රමිතියක් ඇතිව ඉදිරියට යයි කියලා මගේ අදහසයි. (ඊර්ෂ්‍යාවකට නම් නොවේ) ඔබගේ අදහස?”


ලෙස රුවන් හෙට්ටිආරච්චි මේ දක්වලා තිබෙන්නේ ටිකක් සැර ප්‍රකාශයක්. ඉතින් ඔහුගේ රසිකයන් මේ සටහනට හොඳ ප්‍රතිචාර වගේම නරක ප්‍රතිචාරත් එක්කර තිබුණා. ඒ අතර රුවන් හෙට්ටිආරච්චි රියැලිටි තරගයක විනිසුරුවරයකු ලෙසත් කටයුතු කළා නේද කියලත් පිරිසක් අදහස් දක්වලා තිබුණා. කොහොම නමුත් මේ සටහනට ලැබී තිබුණු ප්‍රතිචාර අතර වර්තමානයේ රියැලිටි ෂෝවලින් සංගීත ක්‍ෂේත්‍රයට පැමිණි ගායක ගායිකාවන් විවේචනය කර තිබෙන ආකාරයත් දැකගන්නට ලැබුණා. කොහොම නමුත් පසුගිය දිනවල සංගීත ක්ෂේත්‍රයේ සිදු වූ ඇතැම් කතාවල උණුසුම මැකී යන්නටත් පෙර රුවන් හෙට්ටිආරච්චි එක් කළ මේ සටහන බොහෝ දෙනාගේ අවධානයට ලක් වී තිබෙනවා.


රුවන් හෙට්ටිආරච්චි තැබූ මේ ෆේස්බුක් සටහනට පසුව ෂෙරිල්ද සිය ෆේස්බුක් ගිණුමට, ‘බක්මහට හෙණගහලා වගේ ඉන්න ගෑනුන්ව form කරන්න හදන එක ගැන කනගාටුයි’ කියලා තරමක් සැර සටහනක් එක් කර තිබුණා.


“මේක මගේ පෞද්ගලික අදහස music field හරිම ගෞරවාන්විත field එකක්” මේ වෙනකන් field එක ලස්සනට ආවා. music දැනුම ඇති හරි ලස්සන මිනිස්සු ලස්සනට මේක අරන් ආවා. සමහර bands මේ වගේ සංගීත දැනුමක් නැති field, එක ගැන කිසිම දැනුමක් නැති බක්මහට හෙණගහලා වගේ ඉන්න ගෑනුන්ව form කරන්න හදන එක ගැන කනගාටුයි. Copy කළ හැක සම කළ නොහැක කියලා කතාවක්


තියෙනවානේ. ඉතින් ඉස්සරහට මේ field එකට එන්න හදන දක්ෂ ළමයින්ට ලොකු අසාධාරණයක් වෙනවා  ඇත්තටම. අපේ රංගන field එකත් දැන් මෙහෙම වෙලා ඉවරයි. මේකේ අමුතු ටචමධභපචබඪධද තියෙන්නෙ. මේක මගේ field එකට වෙලා ඉවරයි. music field  එකට නම් වෙන්න දෙන්න එපා. මේක හැමෝම වෙනුවෙන් දාන දෙයක් මොකද සමහර අය බයයි වැඩ නැතිව යයි කියලා. මම හැමදාම කෙළින් කතාකරන කෙනෙක්.”


මේ ෆේස්බුක් සටහනටත් බොහෝ දෙනාගෙන් හොඳ ප්‍රතිචාර වගේම නරක ප්‍රතිචාරත් ලැබී තිබුණා. ඒ අතර ඔබත් අමාගේ චරිතයෙන් ප්‍රසිද්ධ වෙලා නේද ඩුබායි වේදිකාවක නැඟලා ඩාන්ස් කළේ කියලත් ප්‍රතිචාර ලැබී තිබුණා.


කොහොම නමුත් මේ දෙදෙනා සමාජ මාධ්‍යයට එක් කළ මේ සටහන් දෙක නිසා එය බොහෝ දෙනාගේ කතාබහට ලක් වී තිබෙනවා. නමුත් හිටි හැටියේම මෙවැනි මතයක් සිය සමාජ මාධ්‍යයන්ට එක් කරන්නට හේතුව නම් මේ දෙදෙනාගෙන් කිසිවෙක්  සඳහන් කර තිබුණේ නැහැ.


නිශානි සවින්දිකා රාජපක්ෂ




Previous Post Next Post