අනන්ද වික්‍රමගේ සහ මානෙල් වානගුරු කියන්නේ අපේ රටේ කළා ලොවේ විශිෂ්ට චරිත ද්විත්වයක්. මේ දෙන්නා වගේම ඒ යුවලගේ දරුවන් වන සංකේත් සහ ජනිත් ද මේ වෙනකොට රංගනයත් එක්ක එකතු වෙලා... අවුරුදු ගානකට පස්සේ හිරු කොපි චැට් එක්ක එකතු වුණු මානෙක් වානගුරු ශිල්පිනිය තමන් අම්මාකෙනෙක් වුණ ඒ අත්දැකීම හරිම ආදරණීය විදිහට සිහිපත් කලා.
"මම ආස වුණේ දුවෙක්ට. ඒත් මට පුතාලා දෙන්නෙක්ම ලැබුණා.මම දෙවියන්ට ස්තූති කරනවා මට මේ වගේ දරුවෝ දෙන්නෙක් දුන්නාට.. මට දැන් එයාලා දෙන්නා නැතුව ජීවත් වෙන්න බෑ..ජනිත්ව හම්බුණේ සීස කරලා. මට සිහිය එනකොට එයා මං ළඟ හිටියේ නෑ. පස්සේ ඩොක්ටර් නර්ස්ට කිව්වා මට බබාව පෙන්නන්න කියලා..."



