මම ගායනයට ආස වුණේ හර්ෂණ දිසානායක අයියගේ ගීත අහලා - සචින් චතුරංග




දක්ෂ රංගන ශිල්පියෙක් වගේම ගායකයෙක් විදියට කවුරුත් ආදරය කරන තරුණ පරපුරේ ඉන්න කඩවසම් රංගන ශිල්පියෙක් තමයි සචින් චතුරංග කියන්නේ. සචින් රංගනය කල හිරු නාලිකාවේ විකාශය වුණු ‘ලංවී’ ටෙලිනාට්‍යයේ දක්ෂ රංගනයක යෙදුනු සචින්ව මේ දිනවලා ‘පාරදිගේ’ ටෙලිනාට්‍යය හරහාත් දැක බලා ගන්න පුලුවන්.

ඉතින් සචින්ගේ අලුත් නිර්මාන දෙකක්ම මේ වන විට ඉදිරියේදී එන්න තියෙනවා. එකසිත දෙතැනක, මන්දාරම් කොළඹ කියලා. ඉතින් වගීෂා සහ සචින් ගැන බොරු කතා සමාජ මාධ්‍ය හරහා හුවමාරු වුණත් සචින් කියන්නේ ඔවුන් තිරයේ පමණක් පෙම්වතුන් කියලා. සැබෑ ජීවිතේදී ඔවුන් හරි හැටි කතා බහ කරලා නෑ කියලයි ඔහු සදහන් කරන්නේ. ඉතින් සචින් දක්ෂ රංගන ශිල්පියෙක් වගේම ගායකයෙක්. ඒ ගැන ඔහු මේ විදියටයි එක්තරා පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ.

” ගායන හැකියාව පුංචි කාලේ ඉදලම තිබුණා. නමුත් මම පස්සෙන් ගියේ නෑ. ගායනයට ආස වුණේ හර්ෂණ දිසානායක අයියගේ සිංදු අහලා. අපේ තාත්තා ගීත රචකයෙක් නිසා එයා කැමතියි මම සංගීතය පැත්තට යනවට. පාර දිගේ ටෙලිනාට්‍යය ඇතුලෙන්ම මමයි ඉදුවර, ගයාන් අයියා සංගීත කණ්ඩායමක් පටන් ගමු කියලා වැඩේ පටන් ගත්තේ.”





Previous Post Next Post