සෙංකඩගල නුවරට සිංදුව එලිදක්වපු දවසෙ නුවරට වැස්සා -දිනේෂ් ගමගේ



ලාංකීය සංගීත ක්ශේෂ්ත්‍රයට අලුතෙන් පායපු තරුවක් තමයි ජනප්‍රිය ගායක දිනේෂ් ගමගේ කියන්නේ. ප්‍රාසාංගික වේදිකාවට නැතුවම බැරි දිනේෂ් දැනෙනා තුරු මා, වැහි බිදු, වෙරළු මල්, මං තනිවම වැනි ගීත ගණනාවක් ප්‍රේක්ෂකයාට අහන්න ලබාදුන්න ජනප්‍රිය ගායක දිනේෂ් ගමගේගේ ආදරවන්තිය ගැන කවුරුත් දන්නවා. ජනප්‍රිය කලා පවුලක් වන ප්‍රියසාද් පවුලේ පොඩිම දුව ශනුද්‍රි සමගින් තමයි දිනේෂ් ආදර කතාවක් පටන් අරන් තියෙන්නේ.

ඉතින් දිනේෂ් කීයන්නේ නුවරඑළියේ සාමාන්‍ය පවුලක ජීවත් වෙලා නුවරඑළියෙ ඉදලා කොළඹ ඇවිත් අද වෙන විට සංගීතය අතින් හොද නමක් ලංකාවේ හදා ගත්ත කෙනෙක්. ඉතින් ඔහු මුලින්ම පාසක් යන කාලේ ගායන කරලා තියෙන්නේ ගෑණු ළමයෙක්ම යාලු කරගන්න කියලයි දිනේෂ් කියලා තිබුණේ. ඉතින් ඔහු එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී ඔහුගේ ගීතයක් ගැන මේ විදියටයි අදහස් දක්වලා තිබුණේ.

” සෙංකඩගල නුවරට වහින වැස්ස ගීතය කියන එළිදක්වපු දවසේ නුවරට වැස්සා. ඊට පස්සේ කොළඹ ශෝ එකකදි මම කියන්න හිටියෙත් නැතුව ප්‍රෙක්ෂකයන්ගේ ඉල්ලීමට මේ සිංදුවෙ පේළි දෙකයි කිව්වේ වහින්න ගත්තා. මේ ළගදි මමයි කයිසරුයි මොනරාගල ගියා. හොදටම ඉඩෝරේ. ඒත් සිංදුව කියපු ගමන් වැස්සා.”





Previous Post Next Post