මේ වනවිට දෙදරු මවක් වන සිනමා නිළි කරීනා කපූර් නැවත වරක් ගැබ් ගෙන ඇති බවට තොරතුරු වාර්තා වෙයි. මීට දින කිහිපයකට පෙර කතරින් එංගලන්තයේ ඕවල් ක්‍රීඩාංගණයේදී සිය සැමියා වූ සායිෆ් අලි ඛාන් සමගින් ඉන්දියා - එංගලන්ත එක්දින තරගයක් නරඹමින් සිටින අතරතුර ඇය ගත් ඡායාරූපයක් හරහා මෙය නිගමනය වී ඇත.
කෙසේ වෙතත්, කරිනා මෙන්ම සායිෆ්ද මේ බව ප්‍රසිද්ධ කර නොමැති අතර, එක්දින තරගය නරඹන්නට පැමිණ සිටි ඉන්දීය ජාතිකයින් කිහිප දෙනෙකුම කරිනාගේ මෙම ස්වරූපයේ වෙනස දැක ඒ බව සිය සමාජ පිටුවල පළ කර ඇත්තේ කරිනා නැවත වරක් ගැබිගෙන ඇති බවට ඔප්පු කරමිනි.



