"උදුරාවී මාගේ ආලේ.." "දැනෙනාතුරු මා..." " ආලේ මල් පිපුණිද මෙදවල්..."
මේ ගීත ඔබට මේ දිනවල නම් නිතරම ඇහෙනවා නොඅනුමානයි. මේ ගීතවල අයිතිකාරිය වෙන කවුරුත් නෙමෙයි, කාංචනා අනුරායි. කාංචනා අනුරාධි කියන්නේ මෙරට ගායන ක්ෂේත්‍රයේ මෑත කාලයේ ඉතා අඩු කාලයකින් ජනප්‍රියත්වයට පත් වුණු තරුණ ගායන ශිල්පිනියක්.මේ දිනවල කාංචනා ලංකාවේ විතරක් නෙමෙයි මුළු ලෝකේ වටේම යනවා ප්‍රසංග සඳහා. කාංචනා පසුගිය දිනෙක තමගේ ෆේස්බුක් ගිණුමේ අපූරු සටහනක් සටහන් කරලා තිබුණා. පහත සඳහන් වෙන්නේ එම සටහන'
"සඳ සඳ වගේ මිසක් සඳ කවදාවත් තරු වගේ වෙන්නෙ නෑ... තරු තරු වගේ මිසක් සඳ වගේ වෙන්නෙත් නෑ...
ඉතින් කාගෙන්වත් තුලින් තවත් කෙනෙක්ගෙ ප්‍රතිරූපයක් බලාපොරොත්තු වෙන්න එපා. කාටවත් කවුරුවත් වගේ වෙන්න බෑ. මේ ලෝකේ හැම කෙනාම එකිනෙකාට වෙනස් ! ඒ වෙනස අඳුර ගන්න ! හැම මනුස්සයෙගම තුල තියෙන ඒ වෙනස මුළු ලෝකයක් ඉදිරියට අරං යන්න පුලුවන් ශක්තියක් බව මතක තියාගන්න... ඒ නිසා ඒ ඒ පුද්ගලයන්ගේ භාවයන්ට එක වගේ ගරු කරන්න පුරුදු වෙන්න.



