රිතික් සිය අලුත්ම පෙම්වතිය වන සබා අසාද් සමඟ කරන් ජෝහර්ගේ 50 වැනි උපන් දින සාදයට ඇවිත්

 

රිතික් රෝෂන් හා සිය අලුත්ම පෙම්වතිය වන සබා අසාද් , කරන් ජෝහර්ගේ 50 වැනි උපන් දින සාදයට පැමිණි පිරිස් අතරේ කාගෙත් අවධානය දිනාගත් යුවළ බවට පත් විය. සිය ආදර සම්බන්ධතාවය ප්‍රසිද්ධ වීමත් සමග ඔවුන් දෙදෙනා ප්‍රසිද්ධියේ පෙනී සිටි පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.  එමෙන්ම රිතික් රෝෂන්ගේ පළමු විවාහයේ බිරිඳ වන සූසැන් ඛාන්ද සිය අලුත් පෙම්වතා වූ අර්ස්ලාන් ගෝනි සමග මෙම උපන්දින සාදයට පැමිණ සිටි බව වාර්තා වෙයි. දැනටමත් රිතික් හා සබා දෙදෙනා විවාහ ගිවිස ගෙන සිටින බවට තොරතුරු ලැබි තිබෙන නමුදු රිතික් මෙන්ම සමාද ඒ බව ප්‍රසිද්ධ කර නොමැති බව සඳහන් වෙයි.




Previous Post Next Post