සනුක වික්‍රමසිංහ කියන්නේ මේ වන විට ගායන ක්ෂේත්‍රයේ කැපී පෙනෙන දක්ෂතා පෙන්වන තරුවක්. සිවශක්ති සංගීත කණ්ඩායමේ සාමාජික, සංගීත අධ්‍යක්ෂක සංගීත් වික්‍රමසිංහගේ පුතා වන සනුක වික්‍රමසිංහ අතිනත ගන්නට සූදානම් වන්නේ මෙරට ගායන ලොවේ පොප් රජු ලෙස හැඳින්වෙන රූකාන්ත ගුණතිලකගේ බාල දියණිය වන වින්ඩි ගුණතිලක සමඟ.
ගායන ශිල්පිනියක් ලෙස ඇයද ගීත කීපයක් ගායනා කරමින් ගීත ක්ෂේත්‍රයට අවතීර්ණ වෙමින් සිටියි. කලා ක්ෂේත්‍රයේ ඒ තරම් කැපී පෙනෙන යුවලක් නොවුණත් සනුක - වින්ඩි යුවල පසුගිය කාලයේ කාගෙත් අවදානයට ලක් වුණා. ඔවුන් දෙදෙනාගේම විවාහය ළඟදීම පැවැත්වීමට නියමිත බවයි සමාජ මාධ්‍ය වලින් සඳහන් වන්නේ. නමුත් මේ පිළිබඳව ඔවුන් දෙදෙනා තවම කිසිවක් සඳහන් කර නොමැත.


