පුංචි තිරයේ ආදරණීය නිළි මහේෂි මධුශංඛා කියන්නේ ප්‍රේක්ෂකයින්ගේ ආදරය අඩුවක් නැතුව ලබන කෙනෙක්. ඒ වගේම නිහතමානී කලාශිල්පිනියක් විදිහට හැමෝම දන්න අඳුනන ඇය, පිනට දහමටත් බෝම ලැදියි. පසුගිය දවසක රටම කම්පාවට පත් කළ ෆාතිමාගේ මරණය මහේෂිවත් කම්පනයට පත් කර තිබුණා. ඉතින් පුංචි ෆාතිමා වෙනුවෙන් මහේෂි කරපු උතුම් පින්කම ගැන ඇය මේ විදිහට සඳහන් කරලා තිබුණා.
පුංචි ෆාතිමා ආයිශා දුව වෙනුවෙන් අලුත් නුවර මගේ පුංචි තෙනුල් අතින් පුංචිම පුංචි දරු පැටව් ටිකක් සතුටු කරා ... දුකයි පුතේ ඔයාට නිවන් සුව ලැබේවා... වැරදි කරුට නිසි දඩුවම් ලැබෙන්න ඕන.. මගේ තෙනුල් ට ඔයාගේ ෆොටෝ එකක් පෙන්නුවම හරිම ලස්සනයි අක්කා කිව්වා. එයා දන් නැ පුතේ ඔයාට මොකද උනේ කියලා... මිනිස්සුනේ තිරිසන් නොවී මිනිස්සු විදිහට ජීවත් වෙමු අම්මේ තාත්තේ දරුවෝ ඇස් වගේ බලා ගන්න.



