මෙරට ගායන ක්ෂේත්‍රයේ කලක් වැජඹුණු ජනප්‍රිය ගායන තරුවක් හැටියට මදුමාධව අරවින්ද හඳුන්වන්න පුළුවන්. මේ වෙද්දි කලා කටයුතුවලින් ටිකක් බැහැර වෙලා ඉන්න මදුමාධව සමාජය ජාලාවල නම් බොහොම ජනප්‍රිය චරිතයක්. විශේෂයෙන් ඔහුගේ විවිධාකාරයේ ලියමන් සටහන් කියවන්න විශාල පිරිසක් එක්රොක් වෙලා ඉන්නවා. මදුමාධව පසුගියදා තමන්ගේ ෆේස්බුක් ගිණුමේ අපූරු ඡායාරූපයක් සමඟ සටහනක් පළ කළා.එම සටහන පහත දැක්වෙනවා.
"ඉරි තැලුණ වලා , මුදු වියන් යටින්
නරකම කාලෙත් අපි විඳිමු හිතින්
රිය පෙලේ කිරුළ හිමි...
රජවරුන් අත වනාවී
බිම බලන් යන්න යමු.
කහ ඉරත් රැලි වැටීලා.
ඉරි තැලුණ වලා
මුදු වියන් යටින්
මුදු තාර ඇතිරිල්ලේ..
යමු යමු යමු අපි
ඇවිද යමු ප්‍රේමියේ..."

.jpg)
.jpg)