මගේ දුවගේ තාත්තා කලින් විවාහ වුනු කෙනෙක්, එයාට ඒ පවුලෙන් දරුවෝ දෙන්නෙකුත් ඉන්නවා - උපේක්ෂා ස්වර්ණමාලි


ලාංකිකයන් කොයි කවුරුත් ආදරය කරන ඉහළ ජනතා ආකර්ෂණයක් හිමිකරගෙන ඉන්න නිහතමානී රංගන ශිල්පිනියක් තමයි උපේක්ෂා ස්වර්ණමාලි කියල කියන්නේ. වසර කිහිපයකට ඉහතදී මෙරට කලා ක්ෂේත්‍රයත් සමගින් එක්වෙන ඇයව මේවෙද්දී මෙරට බොහෝදෙනෙකු හදුනන්නේ උපේක්ෂා කියන නමට වඩා පබා කියන නමිනුයි. කොහොම වෙතත් පුංචි තිරය ඔස්සේ ලාංකිකයන් බොහෝදෙනෙකුගේ ආකර්ෂණය හිමිකර ගත් උපේක්ෂා මේවෙද්දී පුංචි දියණියකගේ ආදරණීය මවක්. ඒ කොහොම උනත් මේ ජනප්‍රිය රංගන ශිල්පිනිය පහුගිය දවසක යූ ටියුබ් නාලිකාවක මාධ්‍ය සාකච්චාවක් සමගින් එක්වෙලා ඇගේ පෞද්ගලික ජීවිතය ගැන කතාබහ කර තිබෙනවා අපට දැකගන්නට ලැබුණා.

මම දැන් රූ ගත කිරීම් වලට ගියත් මගේ දුවව එක්කගෙන යන්නේ.  අද කාලේ මම දකින විදිහට සමාජයේ කාවවත්ම සියයට සියයක් විශ්වාස කරන්න බැහැ . මොකද සියලුම දෙනා ආතතියෙන් ඉන්නේ. මම කැමති මගේ දුවව ඇස් ඉස්සරහම තියා ගන්න . ඒ විතරක් නොවෙයි දැන් මගේ දරුවට අවුරුදු පහක්. දරුවාගෙන් මට  ඕනෑවටත් වඩා ආදරය ලැබෙනවා . තවද තාත්තට වඩා දුව මට ආදරේ පෙන්නනවා.  මට දුවව හම්බවුනේ අහම්බෙන් වගේ කියලයි කියන්නේ. ඒ වගේම ජීවිතේ අපි හැමෝටම හැමදේම ලැබෙන්න නැහැ.  ලද දෙයින් සතුටු වෙන්න ඕනේ කියලයි මම හිතන්නේ. ඉතින් ඒ වගේම ගෘහණියකගේ හීනයක් මට තිබුනේ. නමුත් මට අවුරුදු 32 දී ඒවා වෙනස් වුනා. . මේ අතර ජීවිතේ අපිට පාලනය කරන්න බැරි කොටසක් තියෙනවා . ඒක තීරණය වෙන්නේ අපේ කර්ම ශක්තිය අනුවයි..

මොන ප්‍රශ්නේ වුනත් මානසිකව වැටෙන්නේ නැහැ. ඉතින් පුංචි කාලේ ඉදන්ම මම ගොඩක් ආසවෙන්ලු හිටියේ අම්මා කෙනෙක් වෙන්න කියන ඇය කියන්නේ අවුරුදු 32දී මගේ දුව ඉපදෙන්නේ කියලයි. ඒක අහම්බෙන් වුනු දෙයක් බව කියන ඇය කියන්නේ ලද දෙයින් සතුටු වෙනවා කියලත් කියනවා. මේ අතර අම්මා තාත්තා සියයට පනහ පනහ එක හා සමානව දරුවෝ හදන එකට දායක වෙන්න ඕනේ කියලයි ඇය පවසන්නේ. ඒ විතරක් නොවෙයි ඒකත් මේ ස්භාදහමේ කොටසක් බව කියන ඇය ගොඩක් මිනිස්සු වින්දනය විතරයි මුල් කරගෙන ඉන්නේ කියලයි කියන්නේ.

ඉතින් දරුවා ඉපදුනාට පස්සේ දරුවෝ නඩත්තු කරන්නේ සියයට 70ක්ම අම්මලා බව කියන ඇය දුවට මාස 6ක් වෙනකන් මම රඟපෑවේවත් නැහැ කියලයි කියන්නේ. නමුත් ආර්ථිකය නිසා පස්සේ මට රඟපාන්න වුනා කියන ඇය ඇගේ දුවගේ තාත්තා කලින් විවාහ වුනු කෙනෙක් කියලා වගේම ඔහුට ඒ පවුලෙන් දරුවෝ දෙන්නෙකුත් ඉන්නවා කියලා උපේක්ෂා කියන්නේ. ඒ දරුවෝ දෙන්නත් එක්ක මම ගොඩක් සමීප වුනා . ඒකත් ගොඩක් වැඩි වෙලා එතනත් ප්‍රශ්නයක් ආවා.  ඇය අවසාන වශයෙන් කියා සිටියේ දැන් දරුවෙකුත් එක්ක ඇයට නැවත විවාහ වෙන එක ලේසි නැහැ කියලයි.






Previous Post Next Post