දැන් මගේ උසටම හරියන උස දුවෙකුත් ඉන්නවා -උදාරි වර්ණකුලසූරිය



වර්තමාන සිංහල සිනමාවේ වඩා කැපී පෙනෙන රංගන ශිල්පිනිය වන්නේ උදාරි වර්ණකුලසූරියයි. ටෙලිනාට්‍ය ක්ෂේත්‍රය හරහා කලාවට පැමිණි ඇය  දැන් ජනප්‍රිය හා දක්ෂ රංගන ශිල්පිනියක්. මේ වසරේ තිරගත වීමට  නියමිත චිත්‍රපට අතරින් චිත්‍රපටි හතකම ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ ඇයයි.උදාරි විවාහ වී සිටින්නේ වෛද්‍යවරයෙක් සමග බව කවුරුත් දන්නා කියන දෙයක්. ඇය එක් දියණියකගේ මවක්. ඇය දියණිය ගැන අපට පැවසුවේ මෙසේයි.


"දැන් මගේ උසටම හරියන උස දුවෙකුත් ඉන්නවා මට. දුවගේ නම ශෙනාර්යා උමේලි විජේරන්න. දුව ඉපදුණේ සිංගප්පූරුවේදී. එයා අවුරුදු හතක් වෙන තෙක් ලංකාවේ මං එක්ක හිටියා. මගේ රූපගත කිරීම්, හඬ කැවීම් සියල්ල ගැන ඇයට හොඳ අවබෝධයක් තියෙනවා. එයා දන්නවා එයාගෙන් විය යුතු දෙය සහ නොවිය යුතු දෙය මොකක්ද කියන එක. මගේ දුවට දැන් අවුරුදු නවයක්. ඒ වයසට ඉතාම හොඳ අවබෝධයක් තියෙන දරුවෙක් එයා."







Previous Post Next Post