රටේ පවතින තත්වය එක්ක අපේ දරුවන් ඉන්නේ තීරණාත්මක අවදියක. පහුගිය කොරෝනා කාලයේ පටන් ඔවුන්ගේ අධ්‍යාපනයට එල්ල වූයේ සුළුපටු බාධාවක් නෙවෙයි. ඉතින් එහෙම දවසින් දවස විනාශ වන අපේ දරුවන්ගේ අනාගතය ගැන සුජානි මේ විදියට සටහනක් සිය මුහුණු පොතට එකතු කරලා තිබුණා.
හෙටක් නොමැති අපේ දරුවන්....
මෙපමණ කාලයක් මේ 225 ම අපිට හෙමින් හෙමින් උගන්වන පාඩමක් තියෙනවා. ඒ රටේ අනාගතය භාරගන්න ඉන්න අපේ දරුවන්ගේ සියලු බලාපොරොත්තු මරල දාන එක. ඔවුන්ගේ දැනුම බුද්ධිමත්බව විනාස කරල දාන එක. අපේ රටේ අද වෙනකොට සියලුම දේශපාලුවන්ට උවමනා වූ ආයුධයත් එයයි. නූගත් මිනිසුන්..... ලේසියෙන්ම කියනවනන් මේ වෙනකොට අපි හදුන්වන්නේ බයියෝ කියලා, එක පක්ෂයක් බදාගෙන ඉන්න වහල්ලූ කියලා, උදාහරණයක් විදිහට ඔබට ඔවුන්ව ගන්න පුළුවන්. අමු මැටි මිනිස්සු කියන්නෙත් ඔවුන්ට කියන තවත් නමක්. එහෙම කියන්නේ ඇත්තටම ඔවුන්ගේ මොල වැඩකරන්නේ නෑ. රටට, මිනිස්සු විදිහට තමන්ට වෙන අසාධාරණයට නැගී සිටින්න කොන්දක් නෑ. ඔබ දන්නවාද ඔවුන් සදාතනික මනසින් ලෙඩ වූවන්. විකල අංග පිහිට වූවන්. ජීවිතයම අංශභාගයට ගොදුරූ වූ රෝගීන් ඔවුන්. ඔවුන් දන්න එකම දේ වහල්ලූ විදිහට සිටීම පමනයි. නොවැඩුනු මනසක් ඇති නිසා බුද්ධිමත්ව හිතන්න ඔවුන්ට කවදාක්වත් බෑ. අන්න එතනදී ඔවුන්ව ප්‍රයෝජනවත් වන එකම කොට්ඨාසය දේශපාලුවන්.....
ඉතින් බුද්ධිමත් සහෝදර වරුනි ඔවුන්ට අනුකම්පා කරන්න එපා. ඔබ කලයුතු හොදම දේ ඔබේ බුද්ධිමත්භාවයෙන් වැඩ කිරීමයි.... ඔබ මේ රට වෙනුවෙන් මිනිසුන් වන අප වෙනුවෙන් කලයුතු යුතුකම් දිගටම කරගෙන යාමයි. මොකද මේ වහල්භාවයේ සිටින ඔවුන්වත් ඔවුන්ගේ මේ මානසික අංගවිකලභාවය නිසා යම් දිනක බලාගැනීමට වෙන්නේ අපටමයි. ඔවුන් වෙනුවෙන් ඔවුන් අද වහල්කම් කරන කිසිදු දේශපාලුවෙක් පෙනී සිටින්නෑ එදාට. අදටත් එය එසේමයි......
අපි මේ මුහුණ දී සිටින මොහොත දේශපාලනිකයි. ඒක තමයි ඇත්ත. නමුත් ඔබ දේශපාලනික වෙන්නෙපා. නිර්පාක්ෂික මනුස්සයෙක් වෙන්න. මේ මොහොතේ ඔබේ පුද්ගලික දේශපාලනය පැත්තකින් තියන්න. අපි අපේ රට වෙනුවෙන් වැඩ කරමු. නැගී සිටිමු.
හැමදේටම වඩා අපේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් අපි නැගී සිටිමු. වහලෙක් නෙමෙයි බුද්ධිමත් දරුවන් බිහිකරන්න අපි නැගී සිටිමු. අවුරුදු 3 කියන්නේ සුලුපටු කාලයක් නෙමෙයි. මොනම හේතුවක් මතවත් ඔවුන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කිරීමට උර නොදෙමු.
අපේ දරුවන්ගේ හෙට දවස සුරක්ෂිත කරමු!!!!



