ඓතිහාසික කතාවක චරිතයක් කරන්න ආසාවෙන් ඉන්නවා - දමිත්‍රි සුබසිංහ

Tuesday, September 14, 2021 , 0 Comments




ඇය රූ සපුවෙන් වගේම නර්තන හැකියාවෙන්ද අගතැම්පත් තරුණියක්. රැකියාවෙන් බැංකු නිලධාරිනියක වන ඇය නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඉතින් මේ දිනවල කවුරුත් කතාවෙන ‘විහාරා ටීචර්'. එසේත් නැතිනම් දමිත්‍රි සුබසිංහව ඇයෙග් අලුත් විස්තර ගැන ෙමලස පුවත්පතක් සමඟින් පවසා තිබුනා..



මේ දවස්වල කාලය ගත වෙන්නේ කොයි විදියටද?මේ දවස්වල මගෙ ඩිග්‍රි එකේ ෆයිනල් ඉයර් එකේ අධ්‍යාපන කටයුතු පටන් ගත්තා. ඊට අමතරව ඉකෝලේ ඩ්‍රාමා එකේ ෂූටින්වලට යනවා. තව ඉතින් සුපුරුදු පරිදි මගේ රැකියාවේ වැඩත් කරගෙන පරිස්සමින් ඉන්නවා.


ඉස්කෝලේ කතාවේ විහාරා ටීවගේ චරිතයට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවාලු නේද?


ඔව්. ඇත්තටම ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ගොඩක් රසිකයන් දැන් මට කතා කරන්නෙත් විහාරා ටිචර්, චූටි ටීචර් වගේ නම් කියලා තමයි. ඇත්තටම ඉතින් ගොඩක් සතුටුයි ඒ ගැන.




දමිත්‍රි එකවර ක්ෂේත්‍ර ගණනාවක වැඩ කරන කෙනෙක්. කොහොමද ඒ සියල්ලම සමබරව කරගෙන යන්නේ?


පොඩි කාලේ ඉඳන්ම මම ආස වුණේ එකපාර වැඩ කිහිපයක් කරන්න තමයි. ඉතින් හැමදේම ආසාවෙන් කරන නිසා කරගෙන යන්න හැකියාව තිබෙනවා.


අවුරුදු කුමාරියක වීම ඔබගේ අම්මාගේ සිහිනයක්ලු නේද?


ඔව්. අවුරුදු කුමාරි තරගයට අයැදුම් කරන්න ලොකුම ආසාව තිබුණේ මගේ අම්මට. මගෙත් කැමැත්ත ඇතිව අම්මා තමයි අයැදුම් පත්‍රය දැමේ. ඇත්තටම අන්තිම 12ට  තේරුණු පසුව ජයග්‍රහණයක් හිමිවෙයි කියලා හිතුණත් පළමු තැන ලැබෙයි කියලා නම් හිතුවේ නැහැ.


නවකයකු ලෙස ප්‍රධානතම චරිතයක් නිරූපණය කිරීමට බියක් දැනුණේ නැද්ද?


මෙහෙමයි මම මුලින්ම දිලූක ගුණතිලක අයියා අධ්‍යක්ෂණය කළ 'නොනිමි' කියන ටෙලි  ෆිල්ම් එක තමයි කළේ. ඉන්පසුව “පාවෙලා වලාකුළේ ඒවිද අම්මා' ටෙලි නාට්‍යයේ නිවුන් සහෝදරියන්ගේ චරිත නිරූපණය කළා. ඉන්අනතුරුව තමයි ඉස්කෝලේ කතාවේ විහාරාගේ චරිතය ලැබුණේ. ඇත්තටම මගේ රංගන ජීවිතයේ පළමු ගුරුතුමා තමයි දිලූක ගුණතිලක අයියා.  එතුමාගෙන් ලැබුණු ගුරුහරුකම් සමඟ මට ප්‍රධාන චරිතයක් කරන්න එහෙම ලොකුවට බයක් ඇතිවුණේ නැහැ. පොඩි හරි චකිතයක් ඇතිවුණා නම් ඒ පාවෙලා වලාකුළේ ඒවිද අම්මා නාට්‍යයෙදි විතරයි. ඉකෝලේ කතාවේ විහාරගේ චරිතය මට සාර්ථකව කරන්න හැකි වුණා.


ඔබ දක්ෂ නර්තන ශිල්පිනියක්ද වෙනවා?


ඔව්. මම පාසලේ 6 ශ්‍රේණියේ ඉඳන්ම නර්තන කටයුතු කරගෙන යනවා. නර්තනයට මම ගොඩක් ආසයි. ඒ වගේම ඉතාම කෙටි කාලයක් ඇතුළත Damithri Subasinghe කියන මගේ Youtube Channel එකේ Subscribers ප්‍රමාණය ලක්ෂයේ සීමාව පසු කළා. ඒ ගැනත් හරිම සතුටුයි. ඇත්තටම Dancing covers 13ක් වගේ තමයි මම තවම කරලා තියෙන්නේ. නමුත් ඉතින් ඒ coversවලට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.


ඔබගේ කටයුතුවලට ගෙදරින් ලැබෙන සහයෝගය කොයි වගේද?


ඇත්තටම ගෙදරින් මට ලොකු සහයෝගයක් ලැබෙනවා. දැනටත් මම රූගත කිරීම්වලට සහභාගි වෙන්නේ මගේ අම්මත් සමඟ. ඉතින් අද මම ඉන්න තැන ගැන එයාලට ගොඩක් සතුටුයි.



රංගය වැනි ක්ෂේත්‍රයක් තුළදි ප්‍රවීණයන්ගෙන් ඔබට ලැබෙන සහයෝගය කොයිවන්ද?


ඇත්තටම මේ වනතුරු මට මුණගැසුණු ප්‍රවීණයන් සියලුම දෙනාගෙන්ම ඉතා හොඳ සහයෝගයක් ලැබෙනවා. අපේ කුමක් හෝ අඩුපාඩුවක් දුටු විගසම ඒ දේවල් ඉතාම ආදරයෙන් පහදලා දීලා සාදාගත යුතු තැන් නිවැරැදි කරනවා.


රංගනය ක්ෂේත්‍රය තුළ අපිට දමිතිව දිගටම දැක ගන්න ලැබෙයිද?


ඇත්තටම මම දැනට ඉකෝලේ ඩ්‍රාමා එකට පමණයි සම්බන්ධ වෙලා ඉන්නේ. පුළුවන් තරමින් හොඳ නිර්මාණවලට සම්බන්ධ වෙන්න තමයි බලාපොරොත්තුව. මම තව වැඩිදුරටත් රංගනය හදාරන්න අවශ්‍යයි. ඇත්තටම මම ගොඩක්ම ආස කරන ක්ෂේත්‍රයක් තමයි රංගන ක්ෂේත්‍රය. ඉතින් රංගනය ගැන වැඩිදුරටත් හදාරන්න, තවත් අලුත් දේවල් අධ්‍යනය කරන්නත් අවශ්‍යයි. හැදෑරීමක් සමඟ මේ ක්ෂේත්‍රයේ ඉදිරියට යෑම තමයි මගෙ අරමුණ.


ඕනෑම ක්ෂේත්‍රයක කැපිලි - කෙටිලි ඇතිවීම සාමාන්‍ය දෙයක්. දමිත්‍රිට ඒ දේවල්වලට මුහුණදෙන්න වෙලා නැද්ද?


ඇත්තටම එහෙම දේවල්වලට තවම මට මුහුණදෙන්න නම් සිදුවෙලා නැහැ. ඒ වගේම මම හිතන්නේ මට අභියෝගයක් තිබෙන්නේ මාත් සමඟමයි. මොකද මට වෙනත් කෙනෙක් වගේ වෙන්නට අවශ්‍ය නැහැ.




රංගන ක්ෂේත්‍රය තුළ දමිත්‍රි ෆලෝ කරන රංගන ශිල්පිනියන් කවුද?


ලංකාවේ නම් මාලනි ෆොස්කා මහත්මියට තමයි ගොඩක්ම කැමැති. පිටරට නම් මධුරි ඩික්සින්ට සහ ශ්‍රී දේවිට තමයි පොඩි කාලේ ඉඳන්ම මම ගොඩක්ම ආස කළේ. පොඩි කාලේ ඉඳන්ම ශ්‍රී දේවිගේ නර්තන විලාසයන් එහෙම මම ෆලෝ කරනවා. ඒ දෙන්නාගේ නර්තන හැකියාව නිසාමයි මම ඒ දෙදෙනාට එතරම්ම කැමැති.


ඉදිරියේදී ඔබ රංගන දායකත්වය දෙන්න ආසාවෙන් ඉන්න චරිත මොනවද?


මට ඓතිහාසික කතාවල චරිත නිරූපණය කරන්න ලොකු ආසාවක් තිබෙනවා.


ඉදිරි වැඩ කටයුතු ගැන මතක් කළොත්?

ඉස්කෝලේ කතාවට අමතරව තවත් ටෙලි ඩ්‍රාමා 4 -5කින්ම කතා කළා. ඒ වුවත් මම දැනට ඉස්කෝලේ කතාවට පමණයි සම්බන්ධ වෙලා ඉන්නේ. එක් චිත්‍රපටයකට ආරාධනා ලැබුණා. ඒත් කොරෝනා ගැටලුව නිසා එහි ඉදිරි වැඩ ගැන තවම නිසි තීරණයක් නැහැ.


අනාගත බලාපොරොත්තු මොනවද?


මගේ හීන සැබෑ කරගන්නා අතරතුර හැම මොහොතේත්ම සතුටින් ඉන්න තමයි මගේ

බලාපොරොත්තුව.


දමිත්‍රිට පිරිමි ළමයින්ගේ ආකර්ෂණය වැඩිපුර ලැබෙනවලු නේද?


ඇත්තටම ඉතින් පිරිමි ළමයින්ගේ විතරක් නෙවෙයි ලොකු - පොඩි භේදයකින් තොරව හැමෝන්ගේම ආදරය මට ලැබෙනවා.


නමුත් ඉතින් දමිට ආදරය කරන්න විශේෂ කෙනෙකුත් ඉන්නවා කියලා අපිට ආරංචි වුණා?

ඔව් ඉන්නවා.


දැන්ම විවාහයක් ගැන සිතන්න අදහසක් නැද්ද?


ඇත්තටම විවාහය සිදුකරන්න තවම එහෙම කාලසීමාවක් තීරණය කරලා නැහැ. තව වයස තිබෙනවානේ. ඉදිරියේදී ඒ දේවල් ගැන අනිවාර්යයෙන්ම කියන්නම්.


පවුලේ තොරතුරුත් කියමු?


මම පවුලේ එකම දරුවා. ගෙදර ඉන්නේ අම්මයි තාත්තයි මමයි පමණයි. මගේ පාසල ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලය, මිලාගිරිය.