බොලිවුඩ් සිනමා නිළි සෝනම් කපූර් මවක් වීමට සූදානම්?

 



ජනප්‍රිය බොලිවුඩ් සිනමා නිළි සෝනම් කපූර් මේ වනවිට ගැබිණියක්ව සිටින බවට තොරතුරු වාර්තා වෙයි. ඒ පසුගියදා පැවති සෝනම්ගේ නැඟණිය රියාගේ විවාහ මංගල්‍යයට සෝනම් හා ඇයගේ සැමියා වූ ආනන්ද අහුජා සහභාගි වී සිටි අතර, සෝනම් එහිදි හැද සිටි ඇඳුම ගැබිණියකගේ ස්වරූපයක් ගෙන තිබෙනු දක්නට ලැබුණි. 


එමෙන්ම ඇය හා ආනන්ද අහුජා විවාහ මංගල්‍යයේදී ගත් විඩියෝවක් මේ වනවිට අන්තර්ජාලය තුළ සැරිසරණ අතර, එහිදිද දකින්නට ලැබුණේ සෝනම් මාස කිහිපයක ගැබිණියක්ව සිටින බවය. එහෙත්, කපූර් පවුලේ කිසිවෙකුත් මේ වනවිට සෝනම් ගැබිගෙන සිටින බව නිල වශයෙන් ප්‍රකාශ කර නොමැති බව දැන ගැනිමට ලැබේ.






Previous Post Next Post