අපි යාළුවෝ විතරයි - ශනුද්‍රි ප්‍රියසාද්

Wednesday, August 11, 2021 , 0 Comments



ශනුද්‍රි ප්‍රියසාද් මේ  දවස් වල ඉතා ජනප්‍රියයි. ඒ ඇය දිනේෂ් ගමගේගේ  music video ඒකට රංගනයෙන් දායක වීමත් සමඟයි. ඉතිං ඔවුන් අතර ආදර සම්බන්ධයක් ඇති කියලා සමහර අය සිතනවා. මේ ගැන වගේම අලුත් විස්තර ගැනත් මේ විදියට පුවත්පතක් සමඟින් පවසා තිබුනා.



කොහොමද මේ දවස්වල වැඩකටයුතු?

මේ දවස්වල රූගත කිරීම් සිදු කරනවා. ඊට අමතරව හිරු මෙගා ස්ටාර් තරගයේ වැඩකටයුතු සිදුවෙනවා.



අලුත් මියුසික් වීඩියෝ ගැන කතා කරමු


වැහි බිඳු වැටෙනවා නම් ගීතය සඳහා මට ආරාධනාව ලැබුණේ සින්දුවේ ඩමි එක දාන කාලෙමයි. ඒ කියන්නේ දැනට අවුරුද්දකට පමණ කලින්. මට ඩමි එක අහන්න දුන්නට පසුව මේ ගීතයේ වචනවලට සහ සංගීතයට මට ගොඩක් ආසා හිතුණා. එම නිසා මං එදාම මේ වැඩේට්ට කැමැති වුණා. මේ සාර්ථක නිර්මාණය සඳහා මාව තෝරා ගැනීම සම්බන්ධව මම ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම දිනේෂ්, තිසර අයියා, මනුරංග අයියා සහ අමිත් ගුරු ඇතුළු සියලු දෙනාටම මම සුබ පතනවා, ඉදිරියටත් මෙවැනි සාර්ථක නිර්මාණ අපිට අහන්න දකින්න දෙන්න කියලා. මේ ගීතය අහන බලන හැමෝටමත් ස්තුතිවන්ත වෙනවා මේ ගීතයට සහ විඩියෝවට ආදරය කිරීම සම්බන්ධව.


දිනේෂ් කිව්වා ඔබව මේ සඳහා තෝරාගන්න හේතු වුණේ ඔබට පොඩි දමිළ පෙනුමක්  තිබීම කියලා. මේ ගැන ඔබේ අදහස?


දමිළ සංස්කෘතියට මම හරිම ආසයි. මට දමිළ භාෂාව බැහැ. නමුත් මම හරිම කැමැතියි | දමිළ විදිහට අඳින්න. පලඳින්න. ඒවගේ දමිළ කෑමවලටත් මම හරිම කැමැතියි. දිනේෂ් වගේම තිසර අයියත් සාකච්ඡා කරලා තමයි මේ සඳහා දමිළ චරිතයක් තෝරාගෙන තිබෙන්නේ. ඉතින් ඒ සඳහා මාව ගැළපෙනවා කියලා හිත්තෙන්න ඇති.


ලැබෙන ප්‍රතිචාර කොහොමද?


ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. සාමාන්‍යයෙන් මම වැඩක් කළාම හොඳ ප්‍රතිචාර සහ නරක ප්‍රතිචාර කියන දෙකම ලැබෙනවා. නමුත් මේ මියුසික් වීඩියෝවට නරක ප්‍රතිචාර ලැබුණේ නැති තරම්. මේ ගීතය, විඩියෝව සහ මං ගැන හොඳ ප්‍රතිචාර ලැබෙනවා.


මේ ගීතය තුළ ඔබත් දිනේෂ් ගමගේත් හොඳින් ගැළපෙන යුවළක් ලෙස පෙනෙනවා කියලා බොහෝ දෙනා පවසනවා?


ඔව්. තිසර අයියා වුණත් මාව තෝරාගන්න ඇත්තේ එම නිසාම වෙන්න ඇති. 


ඔබත් දිනේෂ් ගමගේත් අතර ප්‍රේම සම්බන්ධයක් තිබෙනවා කියලා කතාවක් තිබෙනවා ඒක ඇත්තද?


එහෙම කතා නම් තියෙනවා. නමුත් මම දිනේගේ යාළුවෙක් විතරයි. ඒ වගේම මම  එයාගේ රසිකයෙක්. ඔහුගේ හැම ගීතයකටම මම කැමැතියි.