තවමත් අපට නිරන්තරයෙන්ම දසදෙසින් මේ කොරෝනා තතු ගැන අසන්නට ලැබෙනවා. පසුගිය කාල සීමාවේ කොරෝනා වසංගතය කලා ක්‍ෂේත්‍රයේ නිර්මාණකරුවන්ටත් තදින්ම බලපෑවා. ඒ වගේම මේ වසංගතයට අපේ ශිල්පීන් කිහිපදෙනෙකුම මුහුණ දුන්නා. ජනප්‍රිය රංගන ශිල්පී ජයසේකර අපොන්සුත් මේ වසංගතය වැලඳී මේ වනවිටත් ප්‍රතිකාර ලබන බව අපට දැනගන්නට ලැබුණා. ඉතින් රටක් ආදරය කරන ඔහු ගැන ඒ් ගැන සහ අලුත් විස්තර ගැනත් පුවත්පතක් සමගින් මේ විදියට පවසා තිබුනා.
ඔබට දැන් කොහොමද?
තවම අඩුවක් නැහැ. කොරෝනා වෛරසය මරණයත්, ජීවිතයත් එක්ක සටන් කරන තවත් රෝගයක්. ඉතින් මමත් ඒ සටනට මුහුණ දෙමින් ජීවත් වෙනවා. මම දැනට නවලෝක රෝහලේ ප්‍රතිකාර ලබමින් තමයි සිටින්නේ.
මේ කොරෝනා වෛරසයට ඔබ ගොදුරු වුණේ කොහොමද?
පසුගිය දවස්වල මම ‘සුභා’ ටෙලි චිත්‍රපටයේ මූලික වැඩකටයුතු සඳහා ලොකේෂන් බලන්න විවිධ පළාත්වලට ගියා. මම ඒ ටෙලිනාට්‍ය වෙනුවෙන් ගොඩාක් මහන්සි වුණා. කොහොම මට වැලඳුණාද කියලා මට හිතාගන්න බැහැ. තවම ටෙලිනාට්‍යයේ රූපගත කිරීම් පටන්ගත්තේ නැහැ. ඒ වැඩකටයුතු ආරම්භ කිරීමට ඔන්න, මෙන්න තියෙද්දී තමයි මම මෙහෙම අසනීප වුණේ.
පසුගිය දවස්වල ඔබ ‘මැටි කඩුළු’ ටෙලිනාට්‍යයේ රඟපාන බව දැකගන්නට ලැබුණා?
ඔව්… සෑහෙන කාලෙකට පස්සේ තමයි මම ටෙලිනාට්‍යයකට සම්බන්ධ වුණේ. අපෙන් එහෙම වැඩක් ගන්න පිරිස දැන් අඩුයි. මම මරුණට පස්සේ බොරුවට කතා කරයි. එහෙම බොරුවට කතා කරලා වැඩක් නැහැ. අපි ඉන්න කාලේ අපිට වටිනාකමක් දීලා අපෙන් වැඩක් ගන්නේ නැතුව.
ඇයි ඔබව නිර්මාණවලට සම්බන්ධ නොකර ගැනීමට හේතුව?
ඒක ඉතින් මම දන්නේ නැහැ. සමහර විට දැන් ඉන්න අයට මගෙන් වැඩක් නැතුව ඇති. හිතට දුකයි ක්‍ෂේත්‍රයේ අපි කට්ටක් කාලා මෙහෙම කොන් කරලා දානකොට.
වසන්ත විතාරණගේ

