මම විවාහ වෙලා ගියාට පස්සේ බල්ලෝ තුන් හතර දෙනෙක් හදනවාමයි - ශලිනි ප්‍රනාන්දු

Tuesday, August 31, 2021 , 0 Comments






අපේ කළා ක්ෂේත්‍රයේ ඉන්න කවුරුත් ආදරය කරන කා අතරත් නිරන්තරයෙන්ම කතා බහට ලක්වෙන ආදරණීය ආදර්ශවත් නවක රංගන ශිල්පිනියක් තමයි ශලිනි ප්‍රනාන්දු කියලා කියන්නේ. ඉතින් ඒ වගේම තමයි දෙරණ රුපවාහිනී නාලිකාව ඔස්සේ විකාශනය වන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යයේ ලිහිනිගේ චරිතයට රංගනයෙන් දායක වන්නේත් ඇයයි. ඉතින් මේ ටෙලිනාට්‍ය නිසාම ශලිනි කියනවාට වඩා චූටි මැණිකේ කිවුවොත් තමයි හැමෝම ඇයව හදුනන්නේ. කොහොම නමුත් මේ සුරූපී රංගන ශිල්පිනිය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතු වෙමින් ඇයගේ සුරතල් සතුන් ගැන කතා බහ කරලා තිබුනේ මෙන්න මේ විදිහටයි. 



මම සුරතලයට ඇති කරන්න වැඩියෙන්ම කැමති බල්ලන්. නමුත් පොදුවේ මම හැම සතෙකුටම ආසයි. මම පොඩි කාලේ පූසෝ, ලේන්නු, හාවෝ, ගිරව් වගේ ගොඩක් අය හැදුවා. ඒත් දැන්මම ගොඩක් ආස බල්ලන්ට. එයාලව ගේ ඇතුළේ හුරතලෙන් හදන්න පුළුවන් නිසා.


දැනට මම ගාව බල්ලන් 3 දෙනෙක් ඉන්නවා. රොට් වයලට් දෙන්නයි, English රිවර් කෙනෙක් ඉන්නවා. එයාලගේ නම් තමයි ජෙනී, බෘනෝ, ශ්‍රෙක්. අපේ රොට් වයලට් දෙන්නා වස නිසා අම්මයි, මමයි, අයියයි තුන්දෙනාම ශ්‍රෙක්ට තමා ටිකක් වැඩියෙන් ආදරේ. එයා හරි හුරතල්. ඒ වුණාට මේ තුන්දෙනාටම මම කැමතියි.


ඒ වගේම මම කොච්චර රෑ වෙලා ගෙදර ආවත් මමයි අම්මයි මෙයාලත් එක්ක පැයක් පැය භාගයක් ඉන්නවාමයි. අනිත් එක අපි කොච්චර මහන්සි වෙලා ගෙදර ආවත් මෙයාලාව දැක්ක ගමන් මහන්සිය නැතිවෙලා යනවා. ඉතින් කොච්චර කාර්යබහුල වුණත් මෙයාලා ගැන බලන්නේ නැතිව ඉන්නේ නෑ. මම ඇත්තටම හොයාගන්නේ මම වගේ සතුන්ට ආදරේ කරන කෙනෙක්. අනිවාර්යයෙන්ම එයා සතුන්ට අකමැති වුණත් කැමැති කෙනෙක් වෙන්න ඕනා. මම විවාහ වෙලා ගියාට පස්සේ බලෝ තුන් හතර දෙනෙක් හදනවාමයි. මෙයාලව නම් අපේ අම්මා අරන් යන්න දෙන්නේ නැතිවෙයි. මොකද අම්මාත් මෙයාලට ආදරේ නිසා. හැබැයි මම කොහොම හරි වෙන කට්ටියව හරි ගන්නවාමයි කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.