මගේ වයස ආදරවන්තයන්ට ප්‍රශ්නයක් නෙමෙයි - සමිතා මුදුන්කොටුව

Friday, July 16, 2021 , 0 Comments




සමිතා මුදුන්කොටුව කියන්නේ ජනප්‍රිය ගීත ගණනාවකට හිමිකම් කියන සොඳුරු හඬක හිමිකාරිනියක්. අතීතයේ ඈ ගායනා කළ ගීත වගේම වත්මත් ගීතත් ඇයට ප්‍රිය කරන රසිකයින් බොහෝම ආසාවෙන් රස විඳින බව රහසක් නෙවෙයි. කොහොම වුණත් සමිතාගේ පෞද්ගලික ජීවිතේ යම් යම් සිදුවීම් නිසා ඇයට සමාජයෙන් නිතරම වගේ විවේචන එල්ලවුණා. ඒ හැමදේටම ඇය වීඩියෝවකින් ඇවිත් මෙන්න මේ විදිහට පිළිතුරු දීලා තිබුණා. “මගේ පුතා ගැන ගොඩක් අය දොස් කියලා තිබ්බා.. මට අදටත් හරිම සතුටුයි මගේ පුතා ගැන, මගේ දූ ගැන.. අනිත් දේ මට ගොඩක් අය කියනවා, මගේ වයස ගැන. ඒත් මට ප්‍රශ්නයක් නෑ.. ගොඩක් අය මම කතා කරන දේවල් අහලා ගොඩක් හොඳ ප්‍රතිචාර ලබා දුන්නා. 


කෙනෙක් සතුටු වෙනවා නම්,  කෙනෙක්ගේ හැකියාව, හිනාව බලලා,.. ඒක තමයි මනුස්සකම කියන්නේ.. “ඇත්තටම කොහොමද මම සතුටින් ඉන්නේ කියන්නයි මට ඕනි. ඇත්තම කියනවා නම් මම පොඩි කාලේ ඉඳන්ම කිසිම අඩුපාඩුවක් නැතුව අම්මා තාත්තාගේ ආදරය එක්ක හැදුන කෙනෙක්. ඉගැනුම පැත්තෙනුත් මම හොඳටම ඉගෙන ගත්තා. හැමවෙලේ අම්මා තාත්තා පුරුදු කළේ හැමෝගෙම සතුට වෙනුවෙන් හිනාවෙලා ජීවත් වෙන්න කියලා. මම ජීවිත කාලේල්ම ඒ දේ කරනවා.”



“ගොඩක් වෙලාවට මම මගේ දවස ආරම්භ කරන්නේ, මේ ලෝකේ සියලු දෙනාටම නිදුක් නිරෝගි සැනසීම ලැබේවා කියලයි..ගොඩක් අය හිතනවා, මම මට එන ප්‍රශ්න, ප්‍රශ්නයක් විදිහට ගන් නෑ. බුදුන්ටත් ප්‍රශ්න ඇතිවුණා නම් මම කවුද? අනිත් දේ තමයි, මම කාටවත් ප්‍රශ්නයක් ඇති කරන කෙනෙකුත් නෙවෙයි. සීයට අනූ නවයක් මට ආශිර්වාද කරනකොට සීයට එකක් මට දොස් කියනවා. ඒත් මම එයාලට වෛර කරන් නෑ.” 


“මට හොඳ දරු දෙන්නෙක් ඉන්නවා, හොඳ ආදරයක් ලැබුණා. ඒකත් මට සතුටුයි. අනිත් දේ මම හොඳ අම්මා තාත්තා කෙනෙක්ගේ ළමෙක්. මම කවුරුහරි මට දොස් කිව්වොත් හිනාවෙනවා ඇරෙන්න වෙර කරන් නෑ. අපි ජීවත් වෙන්නෙ පොඩි නාට්‍යයක් ඇතුළත.. ඒ ග්‍රාමා එක ඉවර වුණාම අපිට යන්න වෙනවා. අපි දන් නෑ කොයි මොහොතේ අපේ ජීවිතේ ඉවර වෙයි ද කියලා. මම මගේ දරුවෝ ඉස්සරහා මගේ ප්‍රශ්න කතා කරලා නැහැ. දරුවෝ කියන්නේ ප්‍රශ්න බෙදා ගන්න පුළුවන් අය නෙවෙයි. හැබැයි දරුවෝ ලස්සනට හැදුවොත් දරුවෝ සලකයි. මම අදටත් සතුටු වෙනවා මගේ දරුවෝ ගැන.” 



“මම කිසිම කෙනෙක්ගේ දෙයක් ගැන හොයන් නෑ. මම ගොඩක් පින් කරලා තියෙනවා මගේ ජීවිතේ ලස්සනට ජීවත් වෙන්න. ගොඩක් අය කියනවා මගේ වයස ගැන, ඒක මට ප්‍රශ්නයක් නෑ, මගේ දරුවන්ට ප්‍රශ්නයක් නෑ, මගේ ආදරවන්තයට ප්‍රශ්නයක් නෑ. ඒ හින්දා වයස ගැන කවුරුත් ප්‍රශ්නයක් කරගන්න ඕනිත්  නෑ. දැන් මම වයසයි කියලා කිසිමදවසක හිතන කෙනෙක් නෙවෙයි මම. වයසට අපි හැමෝම යනවා. හැබැයි හිත වයසට යන් නෑ.” “ගොඩක් අය මගේ පුතා ගැන දොස් කියලා තිබ්බා.. මට අදටත් හරිම සතුටුයි මගේ පුතා ගැන, දුව ගැන.


 මම මේ ලෝකේ ඉන්න හොඳම අම්මා. ඒ නිසා මම හිතනවා මගේ ආදරේට මගේ දරුවන්ට මුකුත්  කියන්න එපා. මොකද කර්මය බලගතුයි.. හැමෝම සතුටින් ඉන්නකෝ..!! ඔයාලත් සතුට කියන දේ හිතට අරන් ජීවත් වෙන්න.. තවත් සමහර අය මගේ ෆොටෝ එකක් දැම්මම මේලෙත් වැඩියි පිටි වගේ කියනවා... කවුරු මොනා කීවත් මම සතුටින්..."