මේ දවස්වල පිරිමි පාර්ශ්වයේ ප්‍රතිචාර ඕනෑවටත් වඩා වැඩියි - වගීෂා සල්ගාදු

Monday, June 21, 2021 , 0 Comments

 





වගීෂා සල්ගාදු කියන්නේ මේ දිනවල හිරු නාළිකාවේ විකාශය වන දිවිතුරා ටෙලි නාට්‍යයෙන් ඔබ හමුවට පැමිණෙන තාරුණ්‍යයේ සිටින දඟකාර රංගන ශිල්පිනියක්. ඉතිං ඇයෙග් අලුත් විස්තර ගැන ෙමලස පුවත්පතක් සමඟින් පවසා තිබුනා. 


මේ දවස්වල සම්බන්ධ වෙලා ඉන්න වැඩකටයුතු මොනවද වගීෂා?


හිරු නාළිකාවේ විකාශය වන දිවිතුරා ටෙලි නාට්‍යයේ වැඩ කටයුතු කරගෙන යනවා. රිසිර රූපවාහිනි නාළිකාවේ නිවේදන කටයුතුවලටත් සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ වගේන්ම වෙළෙඳ දැන්වීම්වල හඬකැවීම් කටයුතුත් කරනවා. ගීතත් ගායනා කරනවා.


දැනට ඔබ ගීත නිර්මාණ කීයක් කරලා තියෙනවද?

දැනට මගේත්ම ගීත නිර්මාණ දෙකක් කරලා තියෙනවා. පසුගිය බදාදා දිනයේ "ආලෝකේ" මගේ අලුත් ගීතය රිලීස් කළා.


වැඩි ඉඩක් ලබා දෙන්නේ රංගනයටද? සංගීත වැඩකටයුතුවලටද?

දැන්නම් රංගනයයි සංගීත වැඩකටයුතුයි දෙකම කරනවා. නමුත් මුල් තැන දෙන්නේ රංගනයට.


රංගනයෙන් සහ ගිත ගායනයෙන් වැඩියෙන් කැමැති ක්‍ෂේත්‍රය මොකක්ද?


රංගනයට මම කොහොමත් ආදරෙයි. නමුත් දැන් මම ගොඩක් කැමැති ප්‍රඩක්ෂන් පැත්තට.


චිත්‍රපටවල වැඩකටයුතු මොනවද?


ළඟදී අලුත් චිත්‍රපටයක වැඩ කටයුතු අවසන් කළා. දමිළ කුමාරිකාවකගේ ළමා කාලය තමයි මම ඒ චිත්‍රපටයේ කළේ. තවත් චිත්‍රපට දෙකකට ආරාධනා ලැබුණා. කොරෝනා තත්වයත් එක්ක ඒවායේ වැඩකටයුතු තවම ආරම්භ වුණේ නැහැ. ඒ වැඩකටයුතුත් ඉක්මනටම පටන් ගනී.


චිත්‍රපට රංගනය සහ ටෙලි නාට්‍ය රංගනය අතරින් ඔබ වැඩියෙන් කැමැති ක්‍ෂේත්‍රය ඇසුවොත්?

වැඩිපුර කැමැති චිත්‍රපට රංගනයට. ඒ ඇයි?


ටෙලි නාට්‍යයක එක චරිතය ගොඩ කාලයක් කරන්න වෙනවා. චිත්‍රපටයක ඒ චරිතේ ඉන්න වෙන්නේ මාසයක් වගේ කෙටි කාලයක්. ඒ මාසෙක වගේ කෙටි කාලය තුළ චරිතයට උපරිම සාධාරණයක් කරන්න පුළුවන්.


ටෙලි නාට්‍යවල රංගනයට සම්බන්ධ වුණාම චිත්‍රපටවලට ලැබෙන ආරාධනා අඩුද? ටෙලි නාට්‍යවලට ගියාම චිත්‍රපටවලට ගන්නවා අඩුයි කියනවා. ටෙලිවලට ගියාම වෙළෙඳ දැන්වීම් දෙන්නේ නෑ කියනවා. වෙළෙඳ දැන්වීම් පැත්තෙන් නම් එහෙම අඩුවක් තියෙනවා. මම හිතන්නේ රඟපාන්න පුළුවන් කෙනාට ඒක චිත්‍රපටයක්ද, ටෙලි නාට්‍යයක්ද, වෙළෙඳ දැන්වීමක්ද කියන එක අදාළ නැහැ.


ඔබට මේ වෙනකොට රඟපාන්න ලැබුණු චරිත ගැන තෘප්තිමත්ද?


මම අවුරුදු 11 ඉඳන් රඟපෑවේ. දැන් අවුරුදු 20ක්. මම කරන්න ආස චරිත කිහිපයක් මට හමුවුණා. දිවිතුරා හි කාව්‍යාගේ චරිතය, සුලෝ ටිචර්ගේ චරිතය වගේ චරිත. මගේ වයසත් එක්ක මම කලින් ළමා චරිත තමයි රඟපෑවේ. නමුත් මේ වෙද්දී කරන චරිත එකින් එකට  වෙනස්. ඉදිරියේදී තව හොඳ චරිත ලැබෙයි.


මගේ පෞද්ගලික ජීවිතේ නැති චරිත තමයි මම කරන්න කැමැති. උදාහරණයක් විදියට ගතොත් යාචක චරිතයක්, මෙහෙණින් වහන්සේ කෙනකුගේ චරිතයක්, ත්‍රාසජනක චරිත වගේ ඒවා. කොහොම වුණත් සීනි බෝල නැති ඕන චරිතයකට මම කැමැතියි.


ඔබ තවම අධ්‍යාපන කටයුතුවල නිරත වෙනවද?

ඔව්. මම මේ වෙද්දි මනෝවිද්‍යා උපාධිය හදාරනවා.


රංගනය පිළිබඳ හැදෑරීමක් කළේ නැත්ද?

පොඩි කාලේ ඉඳන් මට රංගන හැකියාව තිබුණා. මම ඇමෙරිකාවේ රංගනය සහ නිෂ්පාදනය පිළිබඳ පාඨමාලා දෙකක් හැදෑරුවා. ඉදිරියේදීත් ඒ පිළිබඳ ඉගෙන ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.


මේ වෙනකොට වගීෂා ආදරවන්තියක්ද?

අනේ නැහැ.


රංගනයට පිරිමි පාර්ශ්වයෙන් ලැබෙන ප්‍රතිචාර වැඩි ඇති?

මේ දවස්වල නම් ඒක ඕනෑවටත් වඩා වැඩියි. ඉන්ස්ටග්‍රෑම් ෆේස්බුක්වලින් ගොඩක් ප්‍රතිචාරයක් ලැබෙනවා. වෙලාවකට කරදරයක් වෙන තරමටම. සමහර විට ඒ මට පෙම්වතෙක් නැති නිසාද දන්නේ නැහැ. මම මගේ ලිමිට් එක තියාගෙන එයාලගේ ප්‍රතිචාරත් ලබාගෙන ඉස්සරහට යනවා.


තාරුණ්‍යයේ සිටින කෙනෙක් විදිහට ක්‍ෂේත්‍රයේ බලාපොරොත්තු මොනවද?

මම තාම ඉගෙන ගන්නවා. මම දැන් ගොඩක් කාලෙක ඉඳන් ක්‍ෂේත්‍රයේ හිටියත් අලුත් කෙනෙක් විදියට තමයි ඉන්නේ. මම අලුතින් ප්‍රඩක්ෂන් පැත පටන් ගත්තා. මගේම කියලා කෙටි චිත්‍රපටයක් කරන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා. කොරෝනත් එක්ක ඒ වැඩ ටිකක් පස්සට ගියා. ඉදිරියේදී වගීෂාගෙන් ගොඩක් අලුත් වැඩ බලාගන්න පුළුවන් වෙයි.


ප්‍රේක්ෂකයන්ටත් යමක් කියමු?


ප්‍රේක්ෂකයෝ තමයි මගේ පවර් හවුස් එක. මාව ඉස්සරහට අරන් යන එන්ජින් එක. ඉතින් ප්‍රේක්ෂකයන්ට මම ආදරෙයි. මම එයාලා එක්ක හොඳට කතා බහ කරනවා. එයාලා මට ගොඩක් කියන දෙයක් තමයි, ඔයා වෙනස් හරිම නිහතමානියි කියලා. ඉදිරියටත් ඒ වචන අහන්න මම ආසයි. මගේ යූ ටියුබ් චැනල් එකේ අලුතින් වැඩක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒක  ප්‍රේක්ෂකයන්ට පොඩි සප්‍රයිස් එකක්. ටෙලි ඩ්‍රාමා එකකිනුත් ප්‍රේක්ෂකයන්ට සයිස් එකක් දෙන්න බලාගෙන ඉන්නවා.