ඔනෙලි කියන්නේ බොරු සෝබන නැති පොළොවෙ පය ගහලා ඉන්න කෙල්ලෙක් - සංගීත් සතරසිංහ

Monday, June 21, 2021 , 0 Comments





උරුමයෙන් ලැබූ තරු ගුණය ඔහු වඩාත් ඒකාලෝක කෙළේ චරිතාංග රංගන ශිල්පියකුගේ හැඩතල පෙන්නුම් කරමිනි. පුංචි තිරයේ ඔහුගේ රංගන පරාසය නිර්මාණ කිහිපයකින්ම ඉස්මතු කළේද ඊට සාක්ෂි දරමිනුයි. ඔහු සංගීත් සතරසිංහයි.


 කොහොමද මේ දවස්වල ජීවිතේ?

සුවෙන් සතුටින් වගේම විවේකීව මේ දවස්වල කාලය ගෙවනවා.


 කලා කටයුතුවල විස්තර කොහොමද?

මේ දිනවල ස්වර්ණවාහිනියේ විකාශය වන පාරදිගේ ටෙලි නාට්‍යයේ රූගත කිරීම්වලට සම්බන්ධ වී සිටිනවා.


 පොඩි කටකතාවක් පැතිරෙනවා සංගීත්, ඔනෙලි සංජනා එක්ක ප්‍රේමයක පැටලිලා කියලා. ඒ කතාව ඇත්තක්ද?


අනේ නැහැ. එහෙම සම්බන්ධයක් නැහැ. හැබැයි අපි දෙන්නා ගොඩක් ෆිට්. ඔනෙලිටයි, මටයි නිර්මාණ කිහිපයකම ප්‍රධාන චරිත හිමිවුණා. ඔහෙලි කියන්නෙ බොරු සෝබන නැති, පොළොවේ පය ගහලා ඉන්න කෙල්ලෙක්. ඒ නිසාම ඔනෙලිගෙ ගතිගුණ මගේ හිතට ගොඩක් දැනුණා. එයා හොඳ යාළුවෙක් විතරයි.



මේ දවස්වල සංගීත් ලොස් එකේ අම්මත් එක්ක හරි හරියට කෑම හදනවා නේද?

සංගීත් ලොස් කියන්නේ මගේ විවිධාකාර වැඩසටහන්වලින් නිර්මාණය වූ යූ ටියුබ් චැනල් එකක්. කොරෝනා සංචරණ සීමා නිසා එහි වැඩකටයුතු ගෙදරටම සීමා වුණා. අම්මත් එක්ක කරපු කුකින් වීඩියෝස්වලට ගොඩක් ප්‍රතිචාර ලැබුණා.


 යූ ටියුබ් චැනල් එකෙත් ලොකු ඉඩක් සංජනාට වෙන් කළා නේන්ද?

ඔව්. සංජනා එක්ක විඩියෝ කිහිපයක්ම කළා. මේ දවස්වල සංචරණ සීමා නිසා ඇය සමඟ විඩියෝ කරන්න බැරි වුණා. 


සංජනාව මුලින්ම මුණගැහෙන්නේ මුතුලෙන්  ෙදාර නාට්‍යයෙන්ද?


නැහැ.වැකේෂන් කියන නාට්‍යයෙන්. ඒ නාට්‍යයේ තාම විකාශය වුණේ නැහැ.



යූ ටියුබ් චැනල් එකකින් ජනතාව අතරට යන්න පුළුවන් කියලා ඔබ විශ්වාස කරනවද?

මං කලින් යූ ටියුබර් කෙනෙක් වෙලා හිටියෙ නැහැ. නමුත් මෑතකදී බොහෝ දෙනෙක් සමාජ ජාලා භාවිතයට යොමුවීම තුළ යූ ටියුබ් කියන්නෙ හොඳ ලැෆෝම් එකක් බවට පත් වුණා. රූපවාහිනියෙන් අවෑත් වුණු බොහෝ පිරිසක් යූ ටියුබ් එක වටා එක්රොක් වී සිටිනවා. ක්‍රියේෂන්ස් හරහා ජනතාව ග්‍රහණය කරගන්න එයින් පහසුයි. සංගීත් ලොන්ස් එකේ වැඩ සටහන්වලට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.


සමාජ ජාලා සමග ගනුදෙනු කරනකොට රංගන ශිල්පීන්ව රංගන ශිල්පිනියන්ව විවේචනය කිරීමට විවිධ සමාජ කණ්ඩායම් ගොඩනැඟී සිටිනවා. ඒ ගැන ඔබ දක්වන අදහස මොකද්ද?


ඕනෑම ක්ෂේත්‍රයක වරෙන්ම ඕනෑම කෙනකුට කැමැති, අකැමැති දෙපිරිසක් ඉන්නවා. ඒ වගේම නිවැරැදි කරගත යුතු තැන් පෙන්වා දෙන පිරිසක් වගේම හේතු රහිතවම විවේචනය කරන පිරිසකුත් සිටිනවා. ජධථඥදබඵ ඵඥජබඪධද එක ඒ හැමෝටම පොදුයි. ඔවුන්ට කැමැත්ත අකැමැත්ත ප්‍රකාශ කිරීමේ නිදහස ඔවුන් සතුයි. නමුත් හේතු රහිතව විවේචනය කරන පිරිස ගොඩනගන ඇතැම් මතයන් දිගින් දිගටම ප්‍රකාශ කරන විට කලාකරුවන්ට ආදරය කරන පිරිසටත් ඒ මතය සිතට කා වදිනවා. එහි නරකම පැතිකඩ එයයි. තමන් නිවැරදි නම් විවේචනය කරන්නන්ට වගේම විවේචනවලට කලබල වෙන්න අවශ්‍ය නැහැ.


 

රංගන ශිල්පීන් ශිල්පිනියන් කාලෙකදි හිට් වෙලා කාලෙකදි අතුරුදන් වෙනවා. තරු ගුණය පවත්වා ගන්න මොන වගේ ව්‍යායාම්ද කරන්න අවශ්‍ය?


එහිදී අපට නොපෙනෙන පැතිකඩයන් දෙකක් තිබෙනවා. එනම් ලංකාවේ නාට්‍ය කරන ප්‍රමාණය වගේම නාළිකාවලින් නාට්‍යය ලබා ගන්නා ප්‍රමාණය ඊට බලපානවා. ඒ වගේත්ම රංගන ක්ෂේත්‍රය පිළිබඳව හැදෑරීමක් නොමැතිව එයට පිවිසීම නිසාත් ගමන කෙටි කාලීන වෙනවා. ඒ වගේම චැනලින් ප්‍රඩක්ෂන් කරන්න පටන් ගත්තම එකී නාළිකාවලට අදාළ නළු නිළියන්ට පමණයි ඒ නාට්‍යවලට යොදා ගන්නේ. එබැවින් දක්ෂතාව වගේම වාසනා ගුණයත් ඊට බලපානවා. මේ වෙනකොට මං රංගනයෙන් දායක වුණු නාට්‍ය හතක් පමණ තිබෙනවා. ඒවා තවම නාළිකාවලින් විකාශය වෙලා නැහැ. ගුණාත්මක නාට්‍යවලට නාළිකාවල ඉඩක් නොමැති වීම ඇත්තටම ලොකු අභාග්‍යයක්.


 වෘත්තීයමය රංගන ශිල්පියෙක් විදිහට පමණක් ආර්ථික තත්වය ගොඩනඟා ගන්න පුළුවන් වාතාවරණයක් තියෙනවද?


මට ජීවත් වෙන්න වගේම සෑහීමකට පත්විය හැකි මුදලක් කලාවෙන් හම්බ කරන්න පුළුවන්. නමුත් කලාව තුළ රැඳී සිටින වගේම කලාවට පැමිණෙන්න බලාපොරොත්තු වෙන පිරිස දැන් වැඩියි. ඒ නිසා රංගනයෙන් ලැබෙන ආදායම විතරක් යැපීමට ප්‍රමාණවත් යැයි මං විශ්වාස කරන්නේ නැහැ. මිට අමතරව ඡායාරූපකරණයට යොමු වී සිටින නිසා ආදායම් මට්ටමේ යම් ස්ථාවර මට්ටමක මං සිටිනවා. රංගනයෙන් පමණක් එවැනි තත්වයක් ගොඩනඟා ගන්න අපහසුයි.



ආදරය ගැන මොකද හිතෙන්නේ?


වගකීම් සහගතව අරමුණක් ඇතිව කෙනකුට ආදරය කරන්න පුළුවන් නම් එය සුන්දර හැඟීමක් බවට පත්කර ගත හැකියි. ජීවිතයක් සුන්දර කරන්න වගේන්ම ජීවිතය අපායක් කරන්නෙත් ඒ හැඟීමට පුළුවන්. ඒ නිසා ආදරය පරිස්සමින් පරිහරණය කරන්න අවශ්‍යයි.


ළඟදීම මංගල සීනු හැඬවෙයිද?

තවම ඒ ගැන බලාපොරොත්තුවක් නැහැ. හරි කාලයෙදි ඒ දේවල් හරි විදිහට සිදුවෙයි.